2024/02/15 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 15, 2024

 

ඉර උදාව පෙ.ව. 06.28
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය දවල් 01.54 - 03.24
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

නිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි. දරුවකුගේ කටයුතු නිසා සිතේ චංචල බවක් ඇති කරයි. සැනසිලිදායක බව අඩු කරන දිනයකි.

වෘෂභ

ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. එමෙන්ම ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. දුරගමනක් යෙදෙන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසෙන බවක් පෙනේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු සිදු කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

කටක

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ඇති කරයි. ගේදොර සැප පහසුව අඩු කරන දිනයකි.

සිංහ

සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. මිල මුදල් ලාභ හිමි කරන බවක් පෙනේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙන අතර විනෝදයට සිත ඇදී යන දිනයකි.

කන්‍යා

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු කරන දිනයකි. රැකියා කටයුතුවල දියුණුවක් දැකිය හැකියි. සෙම් රෝග හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

තුලා

නිතර ගමන් බිමන් යෙදෙනු ඇත. හිතවත් අයකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකියි. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා කරයි.

වෘශ්චික

යොදාගත් කටයුතුවල ප්‍රමාදතාවයක් සිදු කරයි. පල ප්‍රයෝජන නොමැති දෙයට වියදම් කරන බවක් පෙනේ. පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යන දිනයකි.

ධනු

එදිනෙදා කටයුතුවලට බාධාගෙන දෙන බවක් පෙනේ. යොදාගත් සැලසුම් කීපයක් මඟහැරී යයි. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ලෞකික සැපසම්පත්වලට බාධා ගෙන දෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු කළත් තමා බලාපොරොත්තු වූ ලෙස ප්‍රතිඵල අත් නොකරයි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ගනුදෙනුවක් සාර්ථක වන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරයි. පී‍්‍රතිය, සතුට ගෙන දෙන සිදුවීම්වලට මුහුණපෑමට සිදුවෙයි. දුර දිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. කණ්ඩායම් වැඩසටහන් කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.