2024.02.06 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 6, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 03.22 - 04.51
සුබ දිශාව - උතුර

 

මේෂ

පැරැණි ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. දේපළ ගැටලුවකට මුහුණපාන සතියකි.

වෘෂභ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත්කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ.

මිථුන

නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධිකයි. අමතර ආදායම් මාර්ග හිමිකරන කටයුතු කීපයක් යෙදේ. පපුවේ හට ගන්නා දැවිලි ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

කටක

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.

සිංහ

අමතර ආදායම් මාර්ගයකට ඉඩ ඇති දිනයකි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වරින්වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරයි.

කන්‍යා

අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද සිදුකළ ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.

තුලා

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර ඇවිදිලි ඇතිකරන දිනයකි. වෙනදාට වඩා සිතේ චංචලබවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ.

ධනු

අමතර වෙහෙසීම් බහුල කරයි. විදෙස් ඥාතීන්ගෙන් උපකාර හිමිකරයි. දරුවන් පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවගේ අසනීපයක් වෙනුුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නොසිතූ අලාභයක් සිදුවිය හැකි දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන බවක් පෙන්නුම් කරයි. රැකියා ලාභ හිමිකම් ඇති දිනයකි.

මීන

හදිසි ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ගේ දොර උත්සවයකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.