2024.02.05 සඳුදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 5, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 07.57 - 09.27
සුබ දිශාව - දකුණ

 

මේෂ

ගතට සිතට වෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ. වැඩිහිටියකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සමාජ සේවා කටයුතුවලට යොමුවන දිනයකි.

මිථුන

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. එහත් තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

නිතර ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇතිවන කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි වැඩි කරයි. පවුලේ අඅය අතර සුහදතාවයට හේතු ඇති කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

නිතර නිදහසේ කටයුතු සිදු කිරීමට සිතන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. යටිබඩ හෝ මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත්කරන බවක් පෙනේ.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීම් බහුල දිනයකි.

ධනු

දුර ගමනකට සහභාගි වීමට සිදුවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරිකර ගැනීමට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදකරන දිනයකි.

කුම්භ

අලුත් බැඳීම්වලට කටයුතු උදා කරයි. එමෙන්ම මිහිරි ආහාරපාන ගැනීමටද අවස්ථාව උදා කරන බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

මීන

අමතර කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.