2024/01/31 බදාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 31, 2024

 

ඉර උදාව පෙ.ව. 06.29
ඉර බැසීම ප.ව. 06.19
රාහු කාලය දහවල් 12.24 - 01.53
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් කරගෙන ගිය කටයුතු කීපයක සාර්ථක නිමාවක් දැකිය හැකි බවක් පෙනේ. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ.

වෘෂභ

ලැබීම් අතින් යහපත් කරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න.

කටක

ගමන් බිමන් අධික කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. දේපළ ගනුදෙනුවකට අත ගැසීමට සිදු වේ. ශරීර සෞඛ්‍ය යහපත් නැත.

සිංහ

තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන දිනයකි.

කන්‍යා

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

තුලා

නොසිතූ ලෙස අලාභයක් සිදු විය හැකි දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

වගකීම බහුල කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු උදා කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

ධනු

ආදායම් මාර්ග සරුවන බවක් පෙනේ. එහෙත් දරුවකු වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

 

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. නිතර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන ලකුණුූ පෙන්නුම් කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

 

මීන

වගකීම් බහුල කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. වරින්වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.