2024/01/19 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 19, 2024

 

ඉර උදාව – පෙ.ව. 06.28
ඉර බැසීම – ප.ව. 06.14
රාහු කාලය – උදේ 10 .52 -12.21
සුබ දිශාව – දකුණ

 

මේෂ

ගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. පවුලේ උත්සව අවස්ථාවකට කරුණු ඇති කරන දිනයකි.

වෘෂභ

අමතර ලැබීම් බහුල කරයි. ඇසුරු කරන්නන් අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. යටපත් වූ කොන්ද ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවිය හැකිය. වියදම් අධික වන දිනයකි.

කටක

තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. අලුත් හිතමිතුරු ඇසුරකට කටයුතු උදා කරයි. සෙම් රෝග බහුල දිනයකි.

සිංහ

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයක් බව පෙනේ.

කන්‍යා

උත්සාහයේ තරමට ප්‍රතිපල අත්නොවන බවක් පෙන්නුම් කරයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. පවුලේ සුහදතාවයට හේතු ඇති කරන බවක් පෙනේ.

තුලා

ආගමික සැලසුමකට මුල පිරෙන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන බවක් පෙනේ. සැලසුම් කිපයක් සාර්ථක වීමෙන් සිතට සතුට ඇති කරයි.

වෘශ්චික

තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් විය යුතුª බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

ධනු

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්විය යුතු බවක් පෙනෛ්. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු වන දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කුම්භ

හදිසි තීරණයක් තමාට වාසි කීපයක් අත් කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

මීන

අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. යටපත් වූ උදරගත ආබාධයක් නැවත මතු කරයි. කෑම බීම ගැනීම ගැන පරිස්සම් විය යුතු දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.