2024.01.18 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.14
රාහු කාලය - දහවල් 01.49 - 03.18
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල වෙමින් දවස ආරම්භ කරයි. යටපත් වූ කොන්ද ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවිය හැකියි. පවුලේ අයගේ උදවු උපකාර හිමි කරන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අමතර ලාභ ලැබෙන මාර්ග කීපයක් හිමි කරන දිනයකි.

මිථුන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ප්‍රසිද්ධියට හේතු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. අමතර ගමන් බහුල දිනයකි.

කටක

විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. මවගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩිකරයි. තනතුරු වෙනසක් සිදුකරන කටයුතු කීපයක් යෙදේ.

සිංහ

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.

කන්‍යා

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විදෙස් හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි දිනයකි.

තුලා

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. යන එන තැන කැපී පෙනෙන බවක් පෙනේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවන අන්දමේ කටයුතු කීයක් සිදුකරයි.

වෘශ්චික

අමතර වෙහෙසීම් බහුල කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. වගකීම් බහුල දිනයකි.

ධනු

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කටයුතු කීපයක් යෙදේ. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත්වන්න. අලුත් රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති දිනයකි.

කුම්භ

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභ හිමිකම් ඇති දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.