2023.12.28 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 28, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම - ප.ව. 06.03
රාහු කාලය - දහවල් 01.39 - 03.07
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරමින් දවස ආරම්භ කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නොසිතූ පාඩුවකට මුහුණදීමට සිදුවන දිනයකි. ආගමානුකූල ජීවිතයක් ගත කරන බවක් පෙනේ.

සිංහ

සැනසිලිදායක බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

තුලා

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. පැවැති ආදායම් මාර්ගවලට අවහිරතා මතු කරයි. හදිසි ගමනක් යෙදෙන දිනයකි.

වෘශ්චික

සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇත. හිසේ ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි.

ධනු

වෙහෙස ඇති ගමනක් යෙදේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

මකර

ගතට සිතට සැනසිලිදායක බව අඩුකරන දිනයකි. රාත්‍රී ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. ඉදිරි සැලසුමක් වෙනස් කරන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි.

මීන

අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර තමාට ප්‍රශංසා හිමිකරන කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.