2023.12.18 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 18, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.15 
ඉර බැසීම - ප.ව. 05.58 
රාහු කාලය - උදේ 07.42 - 09.11
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
අනාගත සැලසුමක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වගකීම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා දිනයකි. 
වෘෂභ 
අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කරුණු කීපයක් යෙදේ. දරුවකුගේ වැඩපිළිවලකට විශේෂ අවධානයක් යොමුකළ යුතු දිනයකි. 
මිථුන 
පැරණි හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ දියුණුවට පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. 
කටක 
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර විසිතුරු දේ කෙරෙහි සිත යොමුකරන බවක් පෙනේ. සහෝදර සිත් අමනාපයක් දුරදිග යාමට ඉඩ ඇත. සුළු සුළු අසනීපකාරී බවක් මතුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ පරිස්සම් වන්න. 
සිංහ 
අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. පවුලට යන එන කෙනකු පිළිබඳ විමසිලිමත් වන්න. විවාහ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු සැලසෙන දිනයකි.
කන්‍යා 
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ඇතිවන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අතමිට මුදල් ගැවසෙන මාර්ගයක් යෙදෙන දිනයකි. 
තුලා 
අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. ප්‍රභූන් හා ඇසුරට අවස්ථාව උදාකරයි. 
වෘශ්චික 
නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන දිනයකි. එමෙන්ම සමිති සමාගම්වල නිලතල දැරීමට අවස්ථාව උදා කරයි. අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන බවක් පෙනේ. අවිවේකී බවකින් කටයුතු කරන දිනයකි. 
ධනු 
පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර ගතට සිතට වෙහෙසකාරී බවක් ඇතිකරන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන දිනයකි. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. 
මකර 
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකයි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. වරින් වර පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇති කරයි. 
කුම්භ 
යොදාගත් වැඩපිළිවලකට බාධාකාරී බවක් ඇති කරයි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. සහෝදරයකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවන දිනයකි. 
මීන 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයකට හිමිකම් ඇතිකරයි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.