2023/11/29 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 29, 2023

 

ඉර උදාව පෙ.ව. 06.06
ඉර බැසීම ප.ව. 05.51
රාහු කාලය දහවල් 11.58 - 01.27
සුබ දිශාව – දකුණ

 

මේෂ

වරින්වර හට ගන්නා අතේ පයේ වේදනාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ. අමතර ලැබීම් හිමි කරන දිනයකි.

 

වෘෂභ

වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. දුර දිග නොබලා තීරණ ගැනීමෙන් තමාට ආවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

 

මිථුන

නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. එමෙන්ම නිකරුනේ වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනු ඇත. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරන දිනයකි.

 

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික නැඹුරුතාවයක් දක්වන දිනයකි.

 

සිංහ

අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

 

කන්‍යා

වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. වමනය, ක්ලාන්තය වැනි අසනීප ගතියකින් පීඩා විඳින බවක් පෙනේ. නිතර ගතට සිතට පීඩා ගෙන දෙන දිනයකි.

 

තුලා

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

 

වෘශ්චික

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා දිනයකි.

 

ධනු

යොදාගත් සැලසුමක් සාර්ථක කරයි. ආගමික කටයුත්තක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සූදානමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. ඥාතින්ගෙන් තෑගි භෝග හිමි කරයි.

 

මකර

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිවලක් ඇති කර ගැනීමට වෙහෙසක් ගන්නා දිනයකි.

 

කුම්භ

සමාජසේවා කටයුත්තකින් තමාට ප්‍රශංසා හිමි කරයි. නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. රැකියා බලාපොරොත්තුවක් පිළිබඳ අදහසක් වෙනස් කිරීමට සිදුවෙයි.

 

මීන

වියදම් අධිකවන දිනයකි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදු වෙයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.