2023.10.08 බදාදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 8, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - දහවල් 11.54 - 01.23
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර, සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ වාත වේදනාවකින් පීඩා විඳින බවක් පෙනේ. සැලසුම් කීපයක් ප්‍ර‍්‍රමාද වන දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා කෑම බීම ගැන කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අතක අමාරුවක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

කටක

අමතර ලැබීම් අතින් යහපත් කරයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරන බවක් පෙනේ. සෙම් අමාරු බහුල කාලයක් බැවින් ජලයෙන් මෙන්ම සීතල ආහාරපානවලින් පරිස්සම් වීම වැදගත් වේ.

සිංහ

පැවැති බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවෙයි. රහසිගත ගමනකට සැලසුමක් ඇති කර ගනී. වරින් වර ඇතිකරන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගනී. ශරීර වෙහෙස ගෙනදෙන දිනයකි.

කන්‍යා

දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. දරුවන් පිළිබඳ වෙනදාට වඩා කැපවීම සිදුවන දිනයකි. ගේ දොර කටයුතු අධික වීමෙන් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට හෝ තෑගි භෝග ලැබීමට කරුණු ඇතිකරයි. ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරන බවක් පෙනේ. නොසිතූ අලාභයක් සිදුවීමට ඉඩ ඇති අතර, වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කරන්න.

ධනු

අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර උත්සව අවස්ථාවකට සැළසුමක් ඇති කර ගනී. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

මකර

තීරණයක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන දිනයකි. පවුලේ කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කරුණු කීපයක් යෙදේ.

කුම්භ

ගේ දොර සැළසුම් කීපයක් සාර්ථක කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන බවක් පෙනේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් කැප වී කටයුතු කරන දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසේ. අමතර ආදායම් මාර්ගයකට හිමිකම් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.