2023.11.02 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 2, 2023

ඉර උදාව පෙ.ව. 05.58
ඉර බැසීම – ප.ව. 05.51
රාහු කාලය – 01.23 -02.52
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ

විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ගතට සිතට පීඩාකාරි දිනයකි. වාත වේදනාවකින් පීඩා අත්කරයි.

වෘෂභ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන බවක් පෙනේ.

මිථුන

වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. ආදායම් මාර්ගවලට අවහිරතා මතුකරයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

කටක

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන දිනයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් අත් කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන බවක් පෙනේ. ගණුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ.

 

සිංහ

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. ඇවිදිලි වැඩි කරන දිනයකි. නිතර කේන්ති යන බවක් ද පෙන්නුම් කරයි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇතිකරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදු වීමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

තුලා

නිතර විසිතුරු, දේ පිළිබඳ ඇල්මක් දක්වන බවක් පෙනේ. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

වෘශ්චික

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වරින්වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

ධනු

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට පත්වන බවක් පෙනේ. නොගැලපෙන ඇසුරකට කටයුතු උදා කරයි. හදිසි ලැබීම්වලට හිමිකම් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරයි. වියදම් අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී දිනයකි.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් අවහිරතා ගෙන දුන් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.