2023.10.03 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 3, 2023

ඉර උදාව පෙ.ව. 05.58
ඉර බැසීම ප.ව. 06.01
රාහු කාලය සවස 03.00 - 04.31
සුබ දිශාව – දකුණ

මේෂ

තරමක් දුරට සැනසිලිදායක බවක් අත්කරයි. පවුලේ කටයුතු සුබදායක ලෙස කෙරීගෙන යන දිනයකි. නිතර පොත්පත් කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් දිනයක් නොවනු ඇත.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට කටයුතු උදා කරයි. දැනුම, බුද්ධිය වැය කරන කටයුතු කීපයක් යෙදේ. අලංකාරයට පිරිසුදුකමට කැමති දිනයකි.

මිථුන

ඉගෙනීම් කටයුතුවලට උනන්දුවක් දක්වන බවක් පෙනේ. ඒ සම්බන්ධ යම් යම් බාධා පැන නැගීමට ඉඩ ඇත. ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර හිමිකරයි. නිතර දැහැමි කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

කටක

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදු විය හැකි දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලංකාරය කෙරෙහි වෙහෙසෙන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. සහෝදර පක්ෂය හේතුවෙන් නොසිතූ ගැටලුදායක බවක් ඇති කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

කන්‍යා

ගතට සිතට යම් තරමක් සහනදායි බවක් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙන දිනයකි. අතමිට මුදල් ගැවසෙන මාර්ග යෙදේ.

තුලා

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත. විවේකය අඩුවන දිනයකි. විවිධ සමාජසේවා කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවේ. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායකයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

යොදාගත් සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. දුරගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා උත්සාහයේ කටයුතු සිදු කරන දිනයකි.

මකර

ගතට සිතට සැනසිල්ල අඩු කරයි. තැන්පත් ධනය වැයවන කරුණු කීපයක් යෙදේ. වෙනදට වඩා ගමන් බිමන් අධික කරයි. දේපළ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දුර දිග බලා කටයුතු කිරීම යහපත් දිනයකි.

කුම්භ

නිතර ගේ දොර කටයුතු අධික කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. නීති ගැටලුවකට පැටලීමට ඉඩ ඇත. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට කටයුතු සැලසෙන දිනයකි.

 

මීන

ශාරීරික වෙහෙසීම් මඟහැරී යන දිනයකි. නිතර පවුලේ කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරයි. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.