2023.09.29 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 29, 2023

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - උදේ 10.30 - 12.02
සුබ දිශාව - උතුර

මේෂ

පියපස ඥාතියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ. වෙනදාට වඩා නුරුස්සන ගතියකින් කටයුතු සිදුකරයි. රාත්‍රී ගමන් බහුල වන බවක් පෙන්නුම් කරයි. නිවෙසට අලුත් දේ මිලයට ගැනීමට කටයුතු සැලසෙනු ඇත.

වෘෂභ

නිතර අලංකාර දේ පිළිබඳ වෙහෙසීමට පත්වන බවක් පෙනේ. සහෝදර පක්ෂය සමඟ ඇතිවන බහින්බස්වීමක් දුරදිග යයි. ගනුදෙනුවලදී කල්පනාවෙන් පසු වන්න. නිතර ඇතිවන චර්මගත ආබාධයකින් පීඩා අත්කරයි.

මිථුන

අවිවේකී ලෙස දවස උදාකරයි. ශරීර සැපපහසුව අඩු වී යන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනය.

කටක

වරින් වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දේපළ ගැටලුවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

සිංහ

වෙනදාට වඩා දුරදිග සිතාබලා කටයුතු කළයුතු බවක් පෙනේ. සිත් කලකිරීම් බහුල වන දිනයකි. අමතර කටයුතුවලට බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන දිනයකි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. තැන්පත් ධනය වැයවන බවක් පෙනේ.

තුලා

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර විනෝදයට බරට කටයුතු කරන දිනයකි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න.

වෘශ්චික

ශරීර වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. ප්‍රමාද වූ ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර යටිබඩ ආශි‍්‍රත ආබාධයකින් පීඩා විඳී. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

ධනු

පැවැති වෙහෙසකාරී බව මඟහැරී යයි. මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස්වීමට කටයුතු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. උසස් අයගේ ඇසුරට කටයුතු යෙදෙන දිනයකි. සුළු සුළු අජීර්ණ ගති මතු කරයි.

මකර

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත. සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන දිනයකි. නිතර නිවෙසින් බැහැරව යෙදෙන කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ දානමය වැඩසටහනකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. මෙතෙක් පැවැති සැනසිලිදායක බව මඟ හැරී යන බවක් පෙනේ. ගේ දොර කටයුතුවල අපිළිවලක්් ඇති කරයි. පපුව ආශි‍්‍රත ආබාධයක්, පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩා විඳින දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.