2023.09.23 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 22, 2023

ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.07
රාහු කාලය - උදේ 09.01 - 10.33
සුබ දිශාව - දකුණ

 

මේෂ

හදිසි සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න.

වෘෂභ

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා අතමිට සරුවන බවක් ද පෙන්නුම් කරයි. හදිසි ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. පැරැණි හිතවත්කම අලුත් වන ලකුණු පෙන්නුම් කරයි.

මිථුන

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. වෙනදාට වඩා අතමිට සරුවන දිනයකි.

කටක

අවිවේකී වුවත් යොදාගත් වැඩපිළිවෙලක් සාර්ථක ලෙස කරගෙන යෑමට හැකිවෙයි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ජලයෙන් පරිස්සම් විය යුතු දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි. හදිසි හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. මහන්සියෙන් කටයුතු කරන දිනයකි.

කන්‍යා

ලැබීම් අතින් යහපත් කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ කෙනකු නිසා සිතේ චංචල බවක් ඇති කර ගනී.

තුලා

ලැබීම් අතින් යහපත් දිනයකි. එහෙත් වෙනදාට වඩා වියදම් අධික වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් අසහනකාරී බවක් ඇති කරයි. නිතර විනෝදයෙන් කටයුතු කරන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිසහගත තත්ත්වයක් ඇති කරයි. වංචාකාරී කටයුත්තකට හසුවීමට ඉඩ ඇත. ලේ දෝෂ මුත්‍රා අමාරු වැනි අසනීපකාරී බවකින් පීඩා ඇති කරයි.

ධනු

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන දිනයකි. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථකවන ලකුණු පෙනේ.

මකර

ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. දේපළ ගනුදෙනුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි තීරණයක් හේතුවෙන් පාඩු සිදුකරයි. සමාජ ඇසුරට යොමුවන බවක් පෙනේ.

මීන

ගතට සිතට උදාසීන බවක් ඇති කරයි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් වන්න. හදිසි පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. තමාසතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.