2023.08.31 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 30, 2023

ඉරඋදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දහවල් 01.43 - 03.15
සුබ දිශාව - උතුර

මේෂ

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ උනන්දුව වැඩි කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. නොසිතූ අලාභයක් ද සිදුවීමට ඉඩ ඇත.

වෘෂභ

වගකීම් බහුල කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. රැකියාවේ ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි.

මිථුන

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරයි.

කටක

සැනසිලිදායක ලෙස දවස ගෙවයි. නිතර තමාට තෑගි භෝග හිමිකරන කාලයක් බව ද පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි. හිතවතකු වෙනුවෙන් සංග්‍රහයක් කිරීමට අවස්ථාව උදාකරයි.

සිංහ

වෙනදාට වඩා කැපී පෙනෙන දිනයකි. ළඟම ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදාකරයි. කලකින් නොදුටු හිතවත් කෙනකුගේ හමුවීමක් සිදුකරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි.

කන්‍යා

පවුලට අලුතින් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. නිතර දනට පිනට ලැදිව කටයුතු කරයි. එහෙත් විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. දරුවකු පිළිබඳ විමසිලිමත් වියයුතු දිනයකි..

තුලා

සැලසුම් කීපයක් වෙනස්කරමින් දවස ආරම්භ කරයි. නිතර සමාජයේ ප්‍රසිද්ධියට කරුණු ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.

වෘශ්චික

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇති කරයි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

පවුලේ අයගෙන් උපකාර හිමිකරන දිනයකි. වෙනදාට වඩා අන් අය අතර කැපී පෙනෙන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව උදාකරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

මකර

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දුර ගමන් බහුලවන දිනයකි. යටපත් වූ රෝගාබාධයක් නැවත මතුකරයි. කෑම බීම පාලනය වැදගත්වන දිනයකි. වෙනදාට වඩා දරුවකු ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන දිනයකි. වැඩිහිටියකු සමඟ සිත් අමනාපයකට හේතු ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ ගැටලුවක් මතුවීමට ඉඩ ඇත.

මීන

හදිසි මුදල් වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිවීමට ඉඩ ඇත. ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුකරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.