2023.08.30 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 29, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - දහවල් 12.11 - 01.43
සුබ දිශාව - උතුර

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. අමතර මුදල් වියදම් වැඩිකරන බවක් පෙනේ. පවුලේ මත ගැටුමක් සමතතයකට පත්වන දිනයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

වෘෂභ

පවුලේ බැඳීම් වැඩිවන අතර අලුත් අයගේ ඇසුරට කටයුතු උදාකරයි. හදිසි විදෙස්ගතවීමක්

පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණූු පෙනේ. නීති ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ. ලැබීම් අතින් යහපත් දිනයකි.

මිථුන

නොගැළපෙන ඇසුරකට කටයුතු උදාකරයි. ගනුදෙනු වාසියක් සිදුවීමට ඉඩ ඇත. සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධවලට හේතු ඇති කරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

කටක

හදිස ලැබීමකට හිමිකම් ඇති කරයි. එහෙත් මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු දිනයකි. ශාරීරික පීඩාවකට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ.

සිංහ

විශේෂ සැලසුම් කීපයකට හිමිකම් ඇති දිනයකි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. විවාහ ගිවිසුමකට බාධාකාරී බවක් ගෙනදේ. අසල්වැසි මත ගැටුමකට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි.

කන්‍යා

හිතුමතයට කරන කටයුතු කීපයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. වරින් වර ඇති කරන මුත්‍රා ආබාධයක්, කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

තුලා

අමතර වගකීම් බහුලකරයි. නිතර තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරයි. නිතර ගතට සිතට අවිවේකී බවක් ඇති කරන දිනයකි.

වෘශ්චික

ව්‍යාපාර කටයුත්තකට අවහිරතා මතුකරන දිනයකි. අමතර වියදම් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි.

ධනු

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. පවුලේ දියුණුව සම්බන්ධ පියවර කීපයක් ගන්නා බවක් පෙනේ. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

මකර

ආගමික සැලසුමකට කටයුතු උදාකරයි. නිතර ගෘහ ජීවිතයේ කටයුතු පිළිබද වෙහෙසෙන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. මෙතෙක් පැවැති පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන බවක් පෙනේ.

කුම්භ

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. සමාජ සේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මීන

උසස් අයගේ ඇසුරට කටයුතු උදාකරයි. ස්වයං රැකියා කටයුතු සම්බන්ධ වාසි කීපයක් අත්කරයි. ලැබීම් අතින් යහපත් වුවත් තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. වගකීම් බහුලවන දිනයකි. ගතට සිතට සැනසිල්ල අඩුකරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.