2023.08.26 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 26, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.2
රාහු කාලය - උදේ 09.08 - 10.40
සුබ දිශාව - දකුණ

මේෂ

පැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. වරින් වර යොදාගත් කටයුතු කීපයකට බාධාකාරී බවක් ඇති කරයි. නිතර නිවෙසට යන එන අය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

වෘෂභ

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරයි. පවුලේ කෙනකුගේ දුරස්වීමක් හේතුවෙන් සිතේ චංචල බවක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කර ගැනීමට හැකිවන දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ.

මිථුන

නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වරින් වර හටගන්නා අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

කටක

සිතට සතුට සැනසීම හිමි කරන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇතිකරයි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. ඇසුරු කර අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි.

සිංහ

පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරන දිනයකි. යන එන ගමන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයක් වන අතර ආගමික සහන පතා දුර පළාතකට ද යාමට අවස්ථාව උදාකරයි.

කන්‍යා

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක දිනයකි. වගකීම් පැහැරහැරීමක් සිදුවීමෙන් සිතට චංචල බවක් ඇති කරයි.

තුලා

සැනසිලිදායක ලෙස දවස උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වීම වැදගත් වන දිනයකි.

වෘශ්චික

පවුලේ සතුට සැනසුම වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ. මෙතෙක් අමනාපයෙන් සිටි ඥාතියකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදාකරයි. උෂ්ණාධික රෝගයකින් පීඩා විඳින දිනයකි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවේ.

ධනු

විශේෂ සැලසුමකට අත ගැසීමට සිදුවන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. විභාග ජයග්‍රහණයකින් සතුටට පත්විය හැකි බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට වාසිදායක බවක් පෙන්වයි. ගතට සිතට සතුට සැනසීම උදාකරන දිනයකි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවීමට ඉඩ ඇති කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. වෙනදාට වඩා ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ.

මීන

වෙනදාට වඩා අසහනකාරී බවක් ඇති කරන දිනයකි. දුරගමන් යෙදුණත් ඒවායින් නොසිතූ පාඩුවක් සිදුකරයි. මුදල් වියදම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.