2023.08.14 සඳුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 13, 2023

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.37 සිට 09.10 දක්වා
සුබ දිශාව - උතුර

මේෂ

හිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවේ. අධික වියදම්, ධන හානි ඇති කරයි. රක්ත වාත රෝග, බඩේ අජීර්ණ රෝග ඇති වීමට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

කරදර සිත්තැවුල් ඇති කරයි. ඉක්මනින් කේන්ති බවක් පෙනේ. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. ඥාතියෙක් සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇති වන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.

මිථුන

සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයකු මුණ ගැසීම නිසා සිතට පී‍්‍රතියක් ඇතිවේ. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.

කටක

වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවැති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාදවීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩ කළ යුතු දිනයකි.

සිංහ

තම නිදන කාමරය පිළිවෙලකට සකස්කර ගැනීමට පවා සිදුවන දිනයකි. කෑම බීම පිළිබඳව වෙනසක් සිදුවේ. සුළු සුළු ලාබ ලැබෙන දිනයකි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමට ද බලයි.

කන්‍යා

අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. අන් අය හා ආශ්‍රය ගනුදෙනු කිරීම කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම් කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකට ද ඉඩ තිබේ. විදෙස් ගත වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි.

තුලා

ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාද වෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි.

වෘශ්චික

සුළු සුළු වස්තු ලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.

ධනු

තමාට අප කීර්තිය ඇති කරන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි.

මකර

නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යවත් බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත්තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. වතුරින් පීඩා ඇතිවීමටද පුළුවන.

කුම්භ

හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුව ද ඇති කරයි.

මීන

පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස්

ඉෂ්ටවේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.