2023.08.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 12, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.27 
රාහු කාලය - ප.ව. 04.54 සිට ප.ව. 06.27 දක්වා
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
සිතේ නොසන්සුන් බවක් ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරන දිනයකි. 
 
වෘෂභ 
මතභේදයකට තුඩුදෙන කරුණු ඇතිවන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකි වේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ල වන දිනයකි. 
 
මිථුන 
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙනදෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත්, නිදහස්ව වාසය කිරීමටත් සිත්දෙන දිනයකි. 
 
කටක 
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තම සතු වටිනා දෙයක් නැතිවීමට ද ඉඩ ඇත. 
 
සිංහ 
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභ ලැබෙනු ඇත. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් හිමිකරයි. වැඩකටයුතු සාර්ථකවන දිනයකි. 
 
කන්‍යා 
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථානමාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇත්නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත. 
 
තුලා 
හිත  නොයෙක් ඉසව් කරා යොමුවීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි. 
 
වෘශ්චික 
උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. වැඩ ප්‍රමාද වීම් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය. 
 
ධනු 
දුර ගමන් බිමන් යෙදෙනු ඇත. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. හිතට දුක් සහිත ගතියක් ද ඇතිවන දිනයකි. 
 
මකර 
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇති කරයි. සතුරු කරදර තුරන්ව යන බවක් පෙනේ. 
 
කුම්භ 
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධාගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණ දීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇතිවේ. 
 
මීන 
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙන දෙනු ඇත. ස්ථාන වෙනසකට  ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක් ඇතිවිය හැකි දිනයක් බැවින් කල්පනාකාරී වන්න. 
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.