2023.08.06 ඉරිදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 5, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.05 
ඉර බැසීම - ප.ව. 06.29 
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
 
මේෂ
කතාව නිසා අන් අයගේ සිත් අසන්තෝෂයට පත්වේ. අලාභ හානි හා කටයුතුවලට බාධා හිරිහැර ඇතිවිය හැකියි. කරගෙන ආ කටයුතු ප්‍රමාද වේ. තම තත්ත්වයට නොගැළපෙන වැඩ සිදුකිරීමටත් එවැනි කතා ඇසීමටත් සිදුවේ. 
 
වෘෂභ 
හිතේ තරමක චංචල බවක් ඇතිවේ. අදහස් නිතර වෙනස්වනු ඇත. අන් අයගේ කටයුතු ගැන බලා සතුටුවීමටත් දුක් වීමටත් කරුණු යෙදේ. තමා ගැන තමාගේ කටයුතු ගැන සිතේ යම් කලකිරීමක් ද ඇතිවේ. 
 
මිථුන 
කරගෙන එන කටයුතුවල ප්‍රමාද වීමක් පෙන්නුම් කරනු ඇත. මිතුරන් හෝ ඇසුරු කරන අය සමඟ සුහදව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. ගෙදර දොර අපිළිවෙල බවක් ද ඇතිවේ. 
 
කටක 
බලාපොරොත්තු කඩවීම මත සිත් තැවුල් ඇතිවනු ඇත. බාහිර කරදර ගෙන දෙන දිනයකි. අධික වියදම් ධන හානි ඇති කරණු ඇත. රක්ත වාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයක් බැවින් පරිස්සම් විය යුතු ය. 
 
සිංහ 
බලාපොරොත්තු වූ දෙයම ලැබීම නිසා සිතට සතුටක් ඇති වනු ඇත. මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවෙයි. ගමන් බිමන් වල නිරතවීම නිසා ශරීරයට අධික වෙහෙසකර ගතියක් ඇතිවේ. ආහාර නොදිරවීමේ අමාරු ඇතිවේ. 
 
කන්‍යා 
මිල මුදල් ලාභයක් ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවති කනස්සලු භාවය වෙනුවට පී‍්‍රතිමත් බවකින් කටයුතු කිරීමට හැකිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. තම ගෞරවය වැඩිවන දිනයකි. 
 
තුලා 
හිතේ පැවති ධෛර්යමත් බව අඩුව ගොස් කම්මැලි අලස ගතියකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් පැන නගී. 
 
වෘශ්චික 
සිත්තැවුල් කණගාටු සහිත දවසකි. වැඩකටයුතුවලට බාධා ඇතිකරයි. නොකළ දෙයකට චෝදනා එල්ලවන අතර ආගම් භක්තිය ශ්‍රද්ධාව ඇතිව කටයුතු කරයි. ශරීරයට වෙහෙස සහිත දිනයකි. 
 
ධනු 
කරගෙන යන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත්වන දිනයකි. අන් අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. වාසනාවන්ත දිනයකි. 
 
මකර 
සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. සමාජය ද තමාට පි‍්‍රය කරනවා ඇත. වාසනාවන්ත දවසක් වන අතර ලැබීමට ද යහපත්වේ. මුදල් ලාභද ලැබෙනු ඇත. ආශ්‍රය කරන්නන්ගෙන් පවා පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
කුම්භ 
අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි දිනයක් බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ඥාතීන් සමඟ ආශ්‍රය කිරීමේ දී ගනුදෙනු කිරීමේ දී නොයෙක් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. 
 
මීන 
ක්‍රමානුකූලව තම කටයුතු කරගෙන යාමට අපහසුවන දිනයකි. සුළු සුළු ලාබ ලැබෙනු ඇත. අන් අයගේ කරුණාව තමාවෙත ලැබෙනු ඇත. සෙම් අමාරු ඔලුවේ කැක්කුම් වැනි දෙයින් පීඩා ඇතිවේ. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.