2023.08.05 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 5, 2023

ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.29

රාහු කාලය - උදේ 09.11 - 10.44 දක්වා

සුබ දිශාව - උතුර

 

මේෂ
වෙනදාට වඩා නොසන්සුන්කාරීකමක් ඇති කරයි. පවුලේ ගැටලුකාරී බවක් දුරදිග යන දිනයකි. නිතර හමුවන කෙනකුගෙන් කරදරකාරී බවක් ඇති කරයි. අමතර මුදල් වැයවන කටයුතු කීපයක් යෙදේ. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

වෘෂභ
දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණදීමට සිදුවෙයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් තීරණ කීපයක් වෙනස් කරයි. නිතර තනිව සිටීමට කැමති දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙන්නුම් කරයි.

මිථුන
අවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇතිවන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් ප්‍රතිකාර පතයි. නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

කටක
විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් මුදල් වැයකරන දිනයකි. නිවෙසේ පි‍්‍රය සාදයකට කටයුතු යෙදෙන බවක් පෙනේ. ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

සිංහ
අවිවේකී ලෙස දවස උදාකරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ කටයුතු සම්බන්ධ සිතේ අසහනය ඇති කරයි. දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

කන්‍යා
නීති ගැටලුවකට මැදිවීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක් සිදුකරයි. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ.

තුලා
විශේෂ සැලසුමකට කටයුතු සැලසෙන දිනයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ සිතට දුකක් ඇති කරන බවක් පෙනේ. සමාජ ආශ්‍රයට යොමු කරයි. නිතර ආගම් භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.

වෘශ්චික
අලුත් හිතවත් පිරිසක් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරයි. පී‍්‍රතිමත් ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා ලැබීම් හිමිකරන කටයුතු කීපයක් යෙදේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

ධනු
කරගෙන යන කටයුතු මෙන්ම අලුත් කටයුතු කීපයක් ද ආරම්භ කිරීමට කටයුතු සැලසෙන දිනයකි. විදෙස් ලැබීමකට ද හිමිකම් ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. දවසින් වැඩි කාලයක් දරුවකු වෙනුවෙන් වෙහෙසෙයි.

මකර
රැකියාවේ කටයුතු සම්බන්ධ වැඩකටයුතු අධිකවන දිනයකි. ගේ දොර කටයුතු සම්බන්ධ ප්‍රමාදතා ද සිදුකරයි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසීමක් සිදුකරයි.

කුම්භ
වගකීම් බහුල කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගනී. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. දුරදිග බලා කටයුතු කිරීමට වැදගත්වන දිනයකි.

මීන
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි. නිතර ලිපිලේඛන කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි කාලයකි. පදිංචිය සම්බන්ධව ගැටලුවක් දුරදිග යන දිනයකි.

ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.