2023.08.04 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 4, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.29

රාහු කාලය - උදේ 10.43 - 12.17 දක්වා

සුබ දිශාව - නැඟෙනහිර
 

මේෂ
නිතර ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරයි. ශරීරයට වෙහෙසකර බවක් ඇති කරන දිනයකි. නිතර සෙම් රෝග බහුල කාලයක් බව පෙනේ. හදිසි ජයග්‍රහණවලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

වෘෂභ
පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලුවකින් නිදහස්වීමට හැකිවෙයි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසෙන දිනයකි.

මිථුන
ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත.

කටක
අමතර ආදායම් මාර්ගවලට අවස්ථාව උදාකරයි. මඟතොට හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පැරැණි හිතවත්කම් අලුත් කරන දිනයකි. කලා ක්ෂේත්‍රයේ අය හා ඇසුරට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි.

සිංහ
වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන දිනයකි. පවුලේ අය අතර සිත් නොහොඳවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.

කන්‍යා
වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු කරයි. නිතර ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. සිතට සැනසුම සතුට ගෙනදෙන දිනයකි. වෙනදාට වඩා පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වන බවක් පෙන්නුම් කරයි.

තුලා
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධාකාරී බවක් මඟහැරී යයි. අඹුසැමි සුහදතාවයට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. නොසන්සුන්කාරී දිනයකි.

වෘශ්චික
ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. මෙතෙක් කරගෙන ආ කටයුතුවලට ගැටලු කීපයක් මතුකරයි. නිතර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු
නිතර වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. අමතර මුදල් වැයවීම් වැඩිකරයි. ිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකරගන්නා දිනයකි. කරගෙන ආ වැඩපිළිවලක් සාර්ථක ලෙස නිමාකර ගැනීමට හැකිවන බවක් පෙනේ.

මකර
අමතර මුදල් වැයවීම් වැඩිකරයි. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. දානමය කටයුත්තක් වෙනුවෙන් සූදානම් වන දිනයකි. ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැයකරයි. දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

කුම්භ
මුදල් අඩුපාඩු මතුකරන දිනයකි. අමතර කටයුතු කීපයකට සම්බන්ධ වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවෙන බවක් පෙනේ. නිතර ආර්ථික අපහසුතාවලට ලක්වන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මීන
ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇතිකරයි. විශේෂ සැලසුමකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්නුම් කරයි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.