අස්ථිභග්න හෙවත් ඇට බිඳීම පිළිබඳව ඔබ දැනුවත්ද?

ජනවාරි 1, 2021

භග්න ආයුර්වේද මතානුව වර්ග දෙකකි. සන්ධියක සිදුවන්නේ සන්ධිභග්න යනුවෙන්ද, සන්ධිහැර අනෙක් තැනක සිදුවනුයේ කාණ්ඩභග්න යනුවෙන්ද හැඳින් වේ. වැටීම, තදවීම, පහරවැදීම, සතුන් ඇනීම, වෙඩි වැදීම යනාදී හේතු නිසා කාණ්ඩ භග්න හටගනී.

මේවා වර්ග 12 කි. දිග අස්ථියක් හරස් අතට මුළුමනින්ම කැඩීම විශේෂ කාණ්ඩ නමින්ද ඇටය බිඳුණ තැන අශ්වයෙකුගේ කණක් මෙන් උස්ව තිබීම අශ්වකර්ණ නමින්ද, අස්ථියේ පොත්තක් මෙන් පතුරක් ගැළවීම අස්ථිච්ඡල් ලිත නමින් ද, අස්ථිය කුඩා කැබලිවලට කැඩීම චූර්ණිත නමින් ද අස්ථියක් බිඳී අස්ථියක් තුළට කාවැදීම මජ්ජානුගත නමින්ද ඇට තැලීම පිච්චිත නමින්ද අස්ථිය බිඳී උස්වීම කර්කටක නමින්ද, ස්ථාන කීපයකින් අස්ථිය බිඳීම අතිපාතිත නමින්ද අස්ථිය පිපිරීම පාටික නමින්ද, අස්ථියේ එක් පැත්තක් කැඩී රැඳී සිටීම ඡින්න නමින්ද, හිස්කබල වැනි තැනක් බිඳීම අවනත නමින්ද කුඩා ළමුන්ගේ අස්ථි නොබිඳී ඇදවීම වක්‍ර නමින්ද හැඳින් වේ. අස්ථියක් බිඳී, සම තුවාල නොවීම සාධාරණ හෙවත් අවුණ නමින්ද, අස්ථිය සමගම සමද තුවාල වීම සංයුක්ත හෙවත් සවුණ නමින් හැඳින්වේ.

අස්ථිවල ඇතිවන රෝගයක් ප්‍රධාන වශයෙන් පෙන්වන ලක්ෂණ අස්ථි බිඳීම (fracture) වේ. නව්‍ය මතානුව භග්න තෙයාකාරයකට දැක්විය හැක. Fragility fractures සුළු ආඝාතයක් උදා - වැටීම නිසා ඉබේම හටගනී. අස්ථි දිරායාම (Osteoporosis) ඇති රෝගීන්ට බොහෝ විට හටගනී. Pathological fracturos  ව්‍යාධිවේදීය භග්න අස්ථි විකෘති වූ විට හටගනී. පැජට්ගේ රෝගය Osteomalacia වෙනත් තැනක තිබෙන පිළිකාවක් අස්ථියට පැතිරීම සහ පරාතයිරොයිඩ ග්‍රන්ථිවල රෝග නිසා මේවා හටගනී. මේවා මුල් වර්ගය මෙන්ම ඉබේම හෝ සුළු ආඝාතයකදී හටගනී. අධිශක්ති High - energy fractures වාහන අනතුරු, ලොකු උසකින් වැටීම වැනි තදබල ආඝාතයක් නිසා හොඳින් තිබෙන අස්ථියක් බිඳේ. ක්‍රීඩකයන්, හමුදා නිලධාරීන් වැනි නිරෝගි අය දිගින් දිගට ආඝාතයන්ට ගොදුරු වීම නිසා මේවා සිදුවේ.

ආඝාතයකින් පසු දිග අස්ථිවල භග්නයක් නම් තීව්‍ර වේදනාව සහ ඉදිමුම හටගනී. මෘදු පටක පීඩාවීම නිසා ද වේදනාව හටගනී. නමුත් වේදනාව, සහ ඉදිමුම, බිඳුන අස්ථිය අපහසුවෙන් සෙලවීම, ඇදවීම ශබ්දයක් (repitus) ඇතිවීම, ඇත්නම් භග්නයකි. ඌර්වස්ථියේ ගෙල (Femoral neck) බිඳුණ විට එම පාදය කෙටිය. බැහැරට හැරේ. පාදය සෙලවීම වේදනා සහිතය. කොඳු ඇට පෙළ බිඳුණ විට රෝග ලක්ෂණ විවිධය. විටෙක තදබල තුනටිය වේදනාව හටගෙන පපුවට පැතිරේ. මෙය myocardial infarction නමැති හෘද රෝගයක් යයි වරදවා සිතයි. ඇතැම් භග්නවලදී රෝග ලක්ෂණ නොපෙන්වයි.නැතහොත් අඩුවෙන් පෙන්වයි. නැතහොත් වරින් වර තුනටියේ වේදනාව හට ගෙන තුනටිය නැවේ. තුනටිය ඇද වී නම් (kyphosis) හේතුව අස්ථි දිරා යාම නිසා හටගත් භග්නයකි. පර්ශුකා (ribs) බිඳී ඇතිවිට cortico steroid ඖෂධ ගැනීම නිසා අස්ථි දිරායාම ඇති අයට පපුවේ වේදනාව හටගනී. කාලීන ශ්වසන ව්‍යුහාවේ ආබාධ ඇති අයට pleurasy ලක්ෂණ ඇති කරයි. පපුව චලනය කළ විට වේදනාව වැඩි වේ නම් පර්ශුකා බිඳීමකි. එතැන ස්පර්ශ කළ විට වේදනාව දැනේ. ඉළ ඇට කූඩුව තද කළ විට ද වේදනාව ඇති වේ. මෙහිදී නම්‍ය මතානුව X කිරණ CT scan සහ MRI ස්කෑන් පරීක්ෂා කළ යුතු ය. ශරීරයේ කොතැනක භග්නයක් ඇතිවුව ද මෙම පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ.

ප්‍රතිකාර ලෙස වේදනානාශක දීම, Pop (plasten of paris) බන්ධන යෙදීම, ඌරු අස්ථි භග්නයකදී එය සවිකිරීම (Fixation) සිදු කෙරේ. අස්ථි භග්න සුවකරන ආලේප, මැල්ලුම් වර්ග ඇත. ඌරු අස්ථි ගී‍්‍රව භග්නයකදී සුව නොවීම හෝ රුධිර සම්පාදනය නැතිවීම නිසා, එතැන නරක් වීම (Necrosis) විය හැක. මාංසපේශි සිහින්වීම වැළැක්වීම සඳහා විශේෂයෙන් වැඩිහිටියන්ට ව්‍යායාම කරවීම රෝහලේ සිටින කාලය තුළ අතිරේක පෝෂණ ද්‍රව්‍ය දීම කළ යුතු ය. ක්‍රීඩකයන් වැනි අයට භග්නය සුව වූ පසු පරීක්ෂණ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. භග්න රෝගීන්ගේ අස්ථි දිරීම ඇත්දැයි බැලීමට ඕර්ච් (Bone mineral Density) පරීක්ෂාව කළ යුතු ය.

භග්න රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ දී සාත්තුවට කෙනෙකු අවශ්‍ය වේ. විශේෂයෙන් රෝගියා වයස්ගත නම් Clementia ඇතිවිය හැකි නිසා ය. නිතර වැටෙන වයස්ගත රෝගීන්ට අස්ථිදිරායාම තිබිය හැක. මෙබඳු ස්ත්‍රීනට කැල්සියම් සහ Vitamin D3  දිය යුතු ය. මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම නිසා වැටීම අඩුවේ. අස්ථි බිඳීමද අඩු වේ. Hip - Protectors පැළඳීමෙන් උකුල් අස්ථි බිඳීම වළකී. යට ඇඳුම්වලට උකුල දෙපසට Pads (ආවරණ) තබා ඇඳීම වයසක කාන්තාවන් එතරම් පි‍්‍රය නොකරන බව ද පැවසේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.