බිලිඳු රතගායට වටිනා තෙලක්

මාර්තු 22, 2024

 

බිලිඳු දරුවන්ට ඇතිවන රතගායට වටිනා අත්දුටු තෙලක් ඉදිරිපත් කරමි.

වෛද්‍යවරුන්ට මෙන්ම පාඨක භවතුන්ටත් ප්‍රයෝජනවත් වන පුරාණ බලගතු රහස් බෙහෙතකි. අගනා දිව්‍ය ඔසුව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගෙන තෙල් සිඳුවා ගත යුතුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අමුකහ, සමන්පිච්ච කොළ, නික කොළ සමව ගෙන කොටා ජ්වරය( යුෂ) නැළිය බැගින් ගන්න. කල්කයට කලුදුරු, වදකහ, අසමෝදගම් කලඳ බැඟින් ගෙන හොඳට කුඩුකර අඹරා තලතෙල් බෝතල බාගයකට දමා මඳගින්නේ කර පදමට තෙල් සිඳුවා ගන්න. පෙරා බෝතලයකට දමා අසුරා තබා ගන්න. අවශ්‍ය වූ විට ප්‍රයෝජන ගන්න.

 

ගුණය

රත ගෙඩි, රත තුවාලවලට ගල්වන්න සුව වෙයි. පෙකිණිය පැසවීමට ද කනේ සැරව යෑම සඳහා ද ගාන්න. සුව වේ. බිලිඳුන්ගේ රතගායට වටිනා යෝග්‍ය තෙලකි.

 

ඡ්‍යොතිෂවේදී, ආයුර්වේද වෛද්‍ය විශාරද

එච්.එම්.කිත්සිරි බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.