තොල් කළු ද? දත් කහද?

මාර්තු 15, 2024

 

එදා සිට අද දක්වාම පංච කල්‍යාණය රැකගැනීම සඳහා ආයුර්වේදය මෙන්ම වෙනත් දේශීය චිකිත්සක ක්‍රම මහඟු පිටිවහලක් වී ඇත. පංච කල්‍යාණය ලෙස හැඳින්වෙන සම, දත්, කෙස්, මාංශ වයස් කල්‍යාණය විශේෂයෙන් කාන්තා රූ සපුව කෙනකුගේ පෞරුෂය වඩවන එක් අංගයකි. අතීතයේ සිට කාන්තාවන් රූසපුව රැකගැනීම පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූයේ ඒ නිසාය.

ඇතැම් ඖෂධ පැළෑටි සඳහා වන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. රූසපුව හා ශරීරයේ අභ්‍යන්තර නීරෝගි බවත් බාහිර පවිත්‍රතාවත් අතර පැහැදිලි මෙන්ම මනා සම්බන්ධතාවක් ඇති බැවින් ඒවා නිසි පරිදි පවත්වා ගැනීමෙන් රුව රැක ගත හැකිය.

තොල් අවපැහැ වීම

තොල් අවපැහැවීම බහුලව දක්නට පවතින ගැටලුවකි. තෙතමනය අඩුවීම, දුම්බීම, නිතර තොල් සැපීම, තොල් කළුවීම, විවිධ අසාත්මිකතා නිසා අධිකව හිරු එළියට නිරාවරණය වීම නිසා තොල් අවපැහැ වීම සිදු වේ.

මේ තත්ත්වය මඟහරවා ගැනීමට ගිතෙල් සමඟ මී පැණි හෝ කෝමාරිකා යුෂ සමඟ මී පැණි හෝ කොත්තමල්ලි කුඩු සමඟ මී පැණි හෝ අඹරාගත් රෝස පෙති සමඟ බටර් ආලේප කර මිනිත්තු 30ක් තබා මඳ උණුසුම් වතුරින් සෝදා ඉවත් කර හරින්න. මේ ප්‍රතිකර්මය සතියක් පමණ කිරීමෙන් තොල් අවපැහැවීම වළක්වා ගන්න පුළුවන්.

දත් අවපැහැ වීම

අපේ සිනහවේ මූලිකම අංගය ලස්සන දත් දෙපළක් තිබීමයි. කෝපි, තේ, කෝලා, වයින් වර්ග, ඇපල්, අර්තාපල් වැනි ආහාර පාන නිතර භාවිතය නිසා දුම්පානය, බුලත් සැපීම, දිනපතා දත් මැදීම සිදු නොකිරීම, දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවීම නිසාත් ඇතැම් රෝගී තත්ත්ව නිසාත් දත් දුර්වර්ණ වීම සිදුවේ.

මේ සඳහා මූණමල්පොතු, පිල මුල්, ත්‍රිපලා ( අරළු, බුලු, නෙල්ලි) තැම්බූ වතුරෙන් හෝ කරාබු නැටි තළා දැමූ වතුරෙන් මුඛය සේදීම දිනපතා දිනකට දෙවරක් දත් මැදීම, මුඛ හා දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම මඟින් මේ තත්ත්වය මෙන්ම මුඛ දුර්ගන්ධයත් මඟහරවා ගන්න පුළුවන්.

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

සිත්මිණි අනුසරා

දේශීය වෛද්‍ය පීඨය,

කොළඹ විශ්ව විද්‍යාලයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.