අඳුරු පැහැ දුරලමු

මාර්තු 22, 2024

 

ඇස් වටා කළුවීම

ඇස් වටා හෝ ඇස් යට කළු පැහැති රවුම් හෝ අඳුරු පැහැවීම ඉතා සුලබව දක්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. මෙය නින්ද අඩුකම, බහුලව පරිගණක හා ජංගම දුරකථන භාවිතය, රක්තහීනතාව, ලේ හා විටමින් අඩුකම, මානසික අසමතුලිතතාව, මානසික ආතතිය හා, කාන්සිය මෙන්ම ස්වාභාවිකව වයසට යාමෙන් ඇතිවිය හැකිය.

නිවසේදීම මේ තත්ත්වය මඟහරවා ගැනීමට ලෙමන් යුෂ හෝ අර්තාපල් යුෂ හෝ කෝමාරිකා යුෂ යන මේ යුෂවලින් එකකින් පෙඟවූ කපු පුළුන් කැබැල්ලක් යොදා ගනිමින් මිනිත්තු 1 -2 ක් ඇස් වටා පළමුව පිරිසුදු කර ගන්න.

ඉන්පසු මද උණුසුම් වතුර යොදා ගනිමින් එම යුෂ ඉවත් කර මී පැණි හෝ ඔලිව් ඔයිල් හෝ ත්‍රිපලා තෙල් ඇස් වටා ආලේප කරමින් මිනිත්තු 5 - 6ක් ඉතාමත් සියුම් ලෙස ඇඟිලි තුඩු භාවිත කරමින් උඩු අතට සම්බාහනය කරන්න. ඉන්පසුව කෝපි කුඩු තේ හැඳි 02ක් මී පැණි වතුර හෝ පිපිඤ්ඤා යුෂ මේස හැඳි 01ක් අර්තාපල් යුෂ මේස හැඳි 01ක්, බිත්තර කහමදය, green tea  මේස හැඳි 02ක් මිශ්‍ර කර eye pack එකක් ලෙස ආලේප කර මිනිත්තු 15ක් තබා මද උණුසුම් වතුරින් ඉවත් කරන්න. මීට අමතරව මුදවාපු මී කිරි, මී පැණි, දොඩම් ලෙලි, කුඩු, පිපිඤ්ඤා පල්පයත් මේ eye pack සඳහා යොදාගන්න පුළුවන්. ඕනෑම සමකට මෙය පාවිච්චි කළ හැකියි. දවසේ වැඩි වේලාවක් ජංගම දුරකතනය හෝ පරිගණකය භාවිතය නිසා ඇස් වියළීමට පත් වූ විට කපු පුළුන් කැබැල්ලක් ගෙන එළකිරි ශීත කළ පිපිඤ්ඤා යුෂ, ශීතකළ tea bag වතුරෙහි පොඟවා ඔබගේ ඇස් මත තබා මිනිත්තු දහයක් තියාගෙන ඉන්පසු මද උණුසුම් වතුර යොදා ගනිමින් පිරිසුදු කර ගැනීමෙන් නැවුම් බවක් ලබා ගන්නත් ඇසේ විඩාබර ගතිය මඟහරවා ගන්නත් පුළුවන්.

අත් යට කළුවීම

මෙය අද කාලයේ සුලබව දකින්නට ලැබෙන රූපලාවණ්‍ය ගැටලුවකි. නිතර තද ඇඳුම් ඇදීම, විවිධ රසායනික ද්‍රව්‍ය සහිත Deodarant  සහ antiperspirant භාවිතය, දුම්බීම නිසා ඇතිවන pigmentation අධික තරබාරුකම, දියවැඩියාව, හෝර්මෝන අසමතුලිතතාවන්, බැක්ටීරියා ආසාදන රෝම ඉවත් කිරීමේදී ඇතිවන කැසීම් හා තුවාල නිසාත් මේ අත් යට කළුවීම වැනි තත්ත්වය ඇති වන අතර, මේ සඳහා රෝම ඉවත් කිරිමෙන් පසුව මී පැණි යොදාගෙන කිහිලි හොඳින් පිරිසුදු කරගන්න. දුඹුරු සීනි හා මී පැණි යොදා ගනිමින් scrub කර මැරුණු සෛල ඉවත් කරගන්න. ඉන්පසුව කඩල පිටි, යෝගට් හා කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර pack  එකක් ලෙස සකසා මිනිත්තු 10ක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා හැර රෝස වතුර ස්වල්පයක් ආලේප කරන්න.

බෙල්ල කළු වීම

දියවැඩියාව වැනි හෝමෝන වෙනස්වීම් නිසා ඇතැම් ඖෂධ, උපත් පාලන පෙති භාවිතය, පිළිකාමය තත්ත්වය, අධිකව හිරු එළියට නිරාවරණය ආදිය හේතුවෙන් බෙල්ල කළුවීම ඇති වේ. හොඳින් එම ප්‍රදේශය පිරිසුදු කිරීමෙන් අනතුරුව ලෙමන් යුෂ, කෝමාරිකා මදය, ඉදුණු කෙසෙල් ගෙඩි පල්පය, කඩල පිටි, සුදුහඳුන්, යෝගට්, ඕට්ස් වැනි ද්‍රව්‍යයන් එකක් හෝ කිහිපයක් මිශ්‍රකර (packs)  ලෙස සකසා ආලේප කළ හැකිය. නමුත් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් හෝර්මෝන වෙනස්වීම සඳහා අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

 

උපදෙස් :–

වෛද්‍ය සිත්මිණි අනුසරා

පීඨය – කොළඹ විශ්වවිද්‍යාලය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.