අමුවෙන් ලබාගත යුතු ඖෂධ සහ ඒවා ප්‍රයෝග කිරීම

ඔක්තෝබර් 2, 2020

අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අමු ඖෂධය යෙදීමට නියම කර ඇත. 

දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ රෝග අවස්ථාවලදී අමුවෙන් ඖෂධ ප්‍රයෝග කිරීම සිදු කෙරේ. අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රම වන කැඩුම් බිඳුම් වෙදකම, විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, පිස්සු බලු වෙදකම, ග්‍රහණි මාන්දම් වෙදකම, උමතු රෝග වෙදකම, අතීසාර වෙදකම් ආදී සෑම වෙදකමක් සඳහාම එදා වෛද්‍යවරු අමු ඖෂධ ප්‍රයෝග කළහ. 

අනුපාන, ගුලි, කල්ක, පත්තු, මැල්ලුම්, ඇස් ගැල්වුම්, හිස් ගැල්වුම් ආදිය සඳහා ඖෂධ භාවිතා කළහ. ගුලි, කල්ක, පත්තු ඇඹරීම සඳහා අමු ඖෂධ යුෂ ගනු ලබයි. 

අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අමු ඖෂධය යෙදීමට නියම කර ඇත. 

වියළි ඖෂධවලට වඩා අමු ඖෂධවල බර බව හා සැර බව (ගුරු හා තීක්ෂණ) බව අඩු ය. ඒ අඩුව සම්පූර්ණ කිරීම සඳහා අමු ඖෂධ ගැනීමේ දී සමහර වියළි ඖෂධය යොදන බර මෙන් දෙගුණයක් ගත යුතු බව දක්වා ඇත. එහෙත් සියලු අමු ඖෂධ දෙගුණයක් ගැනීම අවශ්‍ය නැත. 

අමුවෙන් ලබාගත යුතු ඖෂධ 

අස්වැන්න පැළෑටිය, පොල්පලා පැළෑටිය, කටුවැල් බටු, හීන් නෙරෙංචි පැළෑටිය, උණ මුල්, ඉලුක් මුල්, උක් මුල්, උඳු ඇට, මුරුංගා පොතු, දඬු වර්ග, වැල්වල අල හා මල් වර්ග, සැවැන්දරා මුල්, දියේ හටගන්නා අල වර්ග, නික කොළ, කෙළිඳ පොතු, පුහුල් ගෙඩි, රසකිඳ කොළ වැල, කීකිරිඳිය පැළෑටිය, කුවරලා පැළෑටිය, කටුකරඬු මුල්, සුදුලූනු ගෙඩි, රට ඉඳි ගෙඩි, ඉරමුසු වැල, ඉරිවේරිය සහ මුල, කප්පරවල්ලිය සහ මුල, කළාඳුරු අල, නෙළුම් අල හා කොළ, කොහිල අල.

 මෙම ඖෂධ අමුවෙන් පමණක් ගත යුතු ය. වියළීමෙන් මේවායේ වීර්යය (ශක්තිය) අඩුවේ. අමුවෙන් ගත යුතුª වුවත් මෙම ඖෂධ ගත යුත්තේ එක් වරකි. 

එක් වරක් පමණක් ගත යුතු අමු    ඖෂධ රසකිඳ වැල්, නිල් මානෙල් අල, සත     කුෂ්ප ඇට, පාවට්ටා පංචාංගය, පුහුල් ගෙඩි, දුම්මැල්ල වැල, අමුක්කරා අල, කටුකරඬු පැළෑටිය, කෙළිඳ පොතු, සාරණ මුල්, ප්‍රසාරිණී වැල, හාතාවාරිය අල, වැටකේ මුල්, බැවිල මුල්. 

පොතු ඉවත්කර භාවිතයට ගත යුතු අමු ඖෂධ 

සුදුලූනු, රසකිඳ, කළාඳුරු අල, හාතාවාරිය අල, අමුකහ, රතුලූනු, ඉඟුරු. අල සහ මුල් භාවිතයට ගත යුතු ඖෂධ

සුවඳ කොට්ටං, ඉඟුරු පියළි, කිරිබදු, කිඩාරම්, මානෙල් අල, ඉරමුසු, හාතාවාරිය, අතිවිඩයන්, වදකහ, අරත්ත අල, අමුක්කරා, සුදුලූනු, අමුකහ. 

අමු ඖෂධ ගතයුතු ස්ථාන 

වනබිම්, කඳු අතර බිම්, ගං ඉවුරු බද බිම්, මහ ගල් අතර බිම්, ගොවි බිම්, දැකුම්කළු බිම්, 

අමු ඖෂධ    නොගත යුතු ස්ථාන 

සොහොන් බිම් වලින්, අපිරිසුදු ස්ථාන, දිය සීරාව බහුල පහත් බිම්, නිසරු බිම්, පාරවල් අසල, හතර මං හන්දි වල, දේවාල හා පන්සල් භූමි වල, පාළු ගෙවල් ඇති ස්ථානවල හුඹස් මත හැදුණු . . . .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.