දේශීය අත්බෙහෙත්

සැප්තැම්බර් 25, 2020

විෂවීම - මී විෂට - ඇසළ මුල්, නිල් කටරොලු මුල්, තල මුල් කෂාය ගිතෙල් මී පැණි සමඟ දෙන්න. 

මුදු කරවැල් විෂට - ඇසළ දළු කොටා දොඩම් ඇඹුලින් තම්බා සුණු සාලේ බත් මැදට තබා කෑමට දෙන්න. මෙය විෂ නසනසන අතර මෘදු විරේකයක්ද වෙයි. 

පත්තෑ විෂට - දුම්මල කුඩු, අඟුරු කබලකට දමා දෂ්ඨ මුඛයට දුම් දෙන්න. 

ගෝනුසු, පත්තෑ, දෙබර විෂට - නියඟලා අල, රුක් අත්තන පොතු, දෙහි ඇඹුලින් අඹරා තබනු. 

සර්ප විෂට - හීන් උඳුපියළිය සහමුලින් ගෙන සෝදා මද පවනේ වියළා කුඩුකර දෙහි ඇඹුලින් අඹරා කඩල ඇටයක් පමණ ගුළිකර වියළා තබා ගන්න. එකවර ගුලි 02 ක් පමණ දෙහි ඇඹුලින් බොන්න. කෑ මුඛයේ ගෑම ද යෝග්‍යය . 

සර්ප විෂට - 1. උඳුපියලිය, කරපිංචා, උම්බලකඩ, මදටිය පොතු මින් එක් වර්ගයක් දෙහි ඇඹුලින් අඹරා හෝ ගලගා දෂ්ඨ කළ තැන බොන්න. 

2. කරපිංච පංචාංගය කැඳ උයා බීමට දෙන්න. 

නාග විෂට - පළමු දෂ්ඨ මුඛයට 1. රෑණ ගස්ලබු දළු එම කිරෙන් හෝ දෙහි ඇඹුලින් අඹරා තවන්න. 

2. තිත්ත අබිං, පල්මානික්කම් කබලෙන් බැද දෙහි ඇඹුලින් අඹරා දෂ්ඨ මුඛයේ ගාන්න. 

3. නාගරාජ, ගුරුළුරාජ, විෂ නීල, විෂ ඛුරත්‍ය, විෂ හරණ යන තෙල් පුළුල් කෑල්ලක තවරා දෂ්ඨ ස්ථානය මත එලන්න. 

දෙවනුව හෘදය ආරක්ෂා වීමට - 

1. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, අසමෝදගම්, සූදුරු, කළු දුරු, අබ, සුදුලූනු මේවා කළඳ බැගින් ගෙන දෙහි ඇඹුලින් අඹරා බුළු ගෙඩියක් තරම ගුලිකර එක ගුලියක් දෙහි ඇඹුල් පත බාගයකට දියකර කිහිප වර පැය දෙකෙන් දෙකට දිය යුතු ය. 

2. ඒ අතර වැල් පෙනෙල, හීනටි හාල් ලුනු නොදමා කැඳ පිස බීමට දෙන්න. තවද වැල් රුක් අත්තන සහමුලින් ගෙන කොටා මිරිකා හීනටි හාල් දමා කැඳ පිස බීමට දෙන්න. 

මැල්ලුමක් - 

1. වැල් රුක් අත්තන, ගස් රුක් අත්තන කොළ පොතු, අමු කහ ලුනු දමා මලවා බඳින්න. 

2. පස් පැඟිරි කොළ, පොතු, අමුකහ ලුනු දමා මලවා බඳිනු. 

ගැල්ලුමක් - 

1. ළපටි කිතුල් මලක්, හාල්පානු වතුරින් තම්බා විනාකිරෙන් අඹරා ගානු. 

2. හීන් උඳුපියලිය, වියන් දුඹුලු, දෙහි ඇඹුලින් අඹරා ගානු. 

තැවිල්ලක් 

1. පුපුල දළු, ළපටි තැඹිලි ගොක්කොළ කොටා වණ්ඩුවේ තම්බා තවනු. 

බීමට කෂාය 

1. බේත් සාරණ මුල් කළං 12 න් පත 8 / 1 ට සිඳ සීනි දමා දෙවේලයි. හැලි කීපයක් පොවන්න. 

2. සුදු හඳුන්, වැල්මී, ඉරිවේරිය, කෝමාරිකා මද, ගොඩ මානෙල් අල කලං 2 බැගින් ගෙන පත 8/1ට සිඳුවා සීනි දමා දෙවේලයි හැලි 4

නෑමට - බේත් එඬරු කොළ, පාවට්ටා කොළ තැම්බූ වතුරින් නා ඊට පසු උණු වතුරෙන් නෑම හොඳයි. 

මුත්‍රා අඩස්සිය ඇත්නම් - මුල් දිනයේ මුත්‍රා අඩස්සිය ඇති වුවහොත් හීන් අරත්ත, සූදුරු, සූකිරි තම්බා බීමට දෙන්න. 

මල බද්ධය ඇත්නම් - ගස් කැප්පෙටියා කොළ පොතු පැසුණු පොල් දමා කොටා මිරිකා පැසවා පෙරා එඬරු තෙල් දමා බොන්න. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.