ප්‍රතිශක්තිය වඩන හෘද රෝග හා පිළිකා වළකන රතුලූනු

ජුනි 19, 2020

ශක්තිය, ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, මේද, පොස්පරස්, කාබොහයිඩ්රේඩ් ද විටමින් ද අඩංගු රතුලූනු පෝෂ්‍යදායි ඖෂධයකි. බඩගින්න අඩුබවට මළබද්ධයට අක්ෂි රෝගවලට ලිංගික ශක්තිය වර්ධනයට උගුරේ ආසාදනවලට විෂවලට සන්ධිගත රෝගවලට ආදී බොහෝ රෝගවලට ගුණදෙන ඖෂධයකි රතුලූනු. උෂ්ණ වීර්යයෙන් හා මදුර රසයෙන් යුතුවන නිසා වාතය පිත හා කප වැඩි කරන බව සඳහන් වේ. 

ප්‍රතිඔක්සිකාරක විටමින් ඇති බැවින් පිළිකා සෛල වර්ධනය වීම අඩු කිරීමේ බලයක් ද පවතී. නිතර නිතර ඇතිවන මළබද්ධය වළක්වාලීමටත් සමේ හා හිසේ හා නිරෝගීකම ආරක්ෂා කෙරේ. සිංහල බසින් රතුලුනු දෙමළ බසින් වෙංගායම් ඉරුල් ලී යනුවෙන්ද ඉංගී‍්‍රසි බසින්  ර්‍ණදඪධද ඕභතඤධදඪධද යනුවෙන් ද හින්දි බසින් පසජ් යනුවෙන්ද වංග බසින් පියාජ් පෙයාජ් යනුවෙන්ද භාවිතා කෙරේ. රතුලුනුවල අඩංගු සැපොනින නම් ද්‍රව්‍ය අක්මා පිළිකා වළක්වාලීමේ ගුණයක් ද පවතී. රුධිරය ද තුනී කරනු ලබන අතර කැටි ගැසීමද වලකයි. 

රතුලුනුවල ඇති මංගනිස් විටමින් සී නිසා සිරුරේ ප්‍රතිශක්තිය ඇතිකරයි. තයමින් රයිබෝපේලෙවින්ද නියසින් ද විටමින් බී ද  විටමින් ඒ ද සාමාන්‍යයෙන් ස්වල්පයක් ද අඩංගුව පවතී. තරබාරු පාලනය කර ශරීරයට සුවයක් ඇති කෙරේ. බුද්ධි වර්ධනයට බෙහෙවින් උදවු වන බැවින් දරුවන්ට රතුලුනු ව්‍යාංජනය මහගු ඖෂධයකි. විෂබීජ නාශක ගුණයෙන් යුතු ලුනු සමේ රෝගවලට ද ගුණවත් වේ. ආහාර රුචිකත්වය ඇති කිරීමේ බලයක් ඇති ලුනු අර්ශස් රෝගීන්ටද කැස්ස ඇති රෝගීන්ටද යහපත් වේ. කටහඬ ගොරසු වූ විට රතුලුනු සූකිරි සමඟ කෑමෙන් ද පත්තෑයකු දෂ්ට කළවිට රතුලුනුු ගෙඩියක් කපා දෂ්ටකළ තැන ඇතිල්ලීමෙන් සුවයක් ගෙන දේ. උගුරේ ඇතිවන ආසාදනවලී රතුලූනු කිතුල් හකුරු සමඟ මිශ්‍රකොට කෑමෙන් ගුණයක් ඇතිවේ. 

මාන්දමට දෙනු ලබන අමෘත කසායක්  

ක්‍රිස්නජීරක ශෂ්ටිවගපුල් වරාද එන්සාලි නා 

දීපත්‍ය මාසක්කාද තුපුපල රතුලුනු පල 

දෙළුම් මෙ නා 

වලගසාලුත් මෙ ඖෂධගෙන තලා ජලපත 

කට ලනා 

වැස්ම බැඳ සැට පැයක් ඌරුව මාන්දම් 

බිලිඳුට දෙ නා 

උනද සෙම් පිත් අධික වීමෙන් බසින් යන 

ලෙඩ දුටු තැ නා 

වේද අරුචින් උල්ලෝ ගමින් කිපුනු දොස් 

පහ වෙයි ද නා 

කෙලද දහමින් බව පිපුම් පනු කෝප 

සියලුම ලෙඩ දෙ නා 

කසායත් අමෘතාදි නම් ලත් දෙනුව වෙද 

ගුරු තෙම දැ නා 

බිළිඳු වමනයට නොබසින උනට වමන ඔක්කාරයට බඩයාමට සන්නි වලිප්පුවට ආදී රෝග සඳහා දෙනු ලබන මද වලිප්පු ගුලිය  සඳහා ඖෂධ සමග රතුලූනු අසමෝදගම් කලාඳුරු, සූදුරු, වාසාවාසි, සීනක්කාරන්, සාදික්කා, කටුකරෝසන, පල්මානික්කන්, අක්කරපට්ටකරාබු, සුදුලුනු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, ඉඟිනි ඇට, අරළු, බුළු, නෙල්ලි ආදින් සමඟ මී පැණි හා ගිතෙල් ද සංයෝග කර ගනී. උණ, හතිය, පණු රෝග, වලිප්පු, වමන සන්නි, ශ්වාස ග්‍රහණි මාන්දම්, අතීසාර, උල්ලෝගම් හා ඉදිමීම් ආදී රෝගවලට දෙනු ලබන  යෂ්ටිකල්කය, රතුලුනු, සූදුරු, කලුදුරු, අසමෝදගම්, ත්‍රිවර්ග පල්ලමානික්කම්, මාසක්කා, සීනක්කාරන්, ඉඟුරු, කටුකරෝසන, තිපල්,  සුදුලුනු, සුදුහඳුන්, සවිඳ ලුණු, තිරස්තවාලු අනිව්ඩගනේ ගම්මිරිස්, උළුවා සමන්පිච්ච කොළ ආදී ඖෂධ යොදා ගනියි. දරුවන්ගේ රක්තජ රෝග, උණ, වමන, බඩ පිපුමට, උල්ලෝගම්, කිරි මැලියම් ආදී රෝගයන්ට දෙනු ලබන ජීවක කල්කය, රතුලුනු, දෙදරු ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, තිපල් කොතබුරු, ප්‍රස්කර, ඉගිණි ඇට, වැල්මී, සවිඳ ලුණු, යවක්ෂාර, රත් හඳුන් හා සූකිරිද එක් කරගනී. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.