විශ්ව කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා දූෂණ රැල්ල අඩපණ කරයි

මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට සුබපල කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල
අගෝස්තු 28, 2020
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05 ට චන්ද්‍රයා හිමි කටක රාශියට රණකාමි සිකුරු ග්‍රහයා ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යානුකූලව පුනාවස 04 පාදයේ සිට පුෂ, අස්ලිස, මා, පුවපල්, උතුරුපල්, හත සහ සිත නැකතේ 03 පාදය තෙක් ජම්මලාභී නක්ෂත්‍රයන් හිමි උදවියට අශුභඵල ද අනෙකුත්  නැකත්  සහ අදාළ පාද හිමියනට මධ්‍යස්ථ ඵල විපාකද උදා කරවමින් විශ්වතාරකා මන්දාකිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. 
 
ස්ත්‍රී කාරක සිකුරුගේ මෙකී සංක්‍රමණය සිද්ධ වෙන මොහොතෙහි ජල (ආපෝ ධාතු) රාශියක් වූ චන්ද්‍රයා හිමි කටක රාශි ප්‍රවේශයෙහිදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි ග්‍රහණය මූලික කොටගත් සමස්ත භෞතික අධි භෞතික සජීවි ප්‍රාණීන් වෙතට සමතුලිත ග්‍රහශක්ති කිරණයන්ගේ නම්‍යතාව දෙස් විදෙස් ලෙස සමාලෝචනය ආත්මලාභිත්වයෙන් යුතු  ඉසිවරු රුසිවරු මතානුකූල යථාර්ථය අවබෝධ කරලීම හේතු සාධකව සම්පිණ්ඩනය වෙන්නේය.
 
රාහු මිත්‍රශීලිව මිථුනයේද සිකුරු සතුරුව 02 වැන්නා වූ ධන ස්ථානගතව ද ස්වක්ෂේත්‍රව මුල් ත්‍රිකෝණව ආධිත්‍ය යෝග බලැති වූ බුධ මිත්‍රශීලිව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති වක්‍රව ජලයේ වක්‍රව මිත්‍රශීලිව කේතු මිත්‍රශීලිව විශ්ව ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද සෙනසුරු වක්‍රව  ස්වක්ෂේත්‍රව සමවූ චන්ද්‍රයා සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකව 08 වැන්නවූ මෘත්‍යූ ස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතව ද ස්වක්ෂේත්‍රව මූලත්‍රිකෝණව අඟහරුද වක්‍ර යුරේනස් සමව 11 වැන්නවූ අයස්ථානගතව ද මිථුන උදා රාශිගතව යෙදී ඇත.
 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.