දරුවාට අකුරු කියවීමේ දී සැරියුත් මහ රහතන්වහන්සේට පුද පූජා තබන්න

මාර්තු 15, 2024

අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරින් පිදුම් ලත් පින්වන්ත උතුම් මහා රහතන් වහන්සේ නමකි. සරියුත් මහ රහතන් වහන්සේ මහා ධාරණ ශක්තියක් හා මතක ශක්තියකින් යුතු උපතින්ම හා බුද්ධි බලයෙන් සම්පූර්ණ වූ සැරියුත් මහරහතන් වහන්සේට වන්දනාමාන කිරීම පුද පූජා පැවැත්වීමට ඉතාම යහපත් බව කියනු ලැබේ.

විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට ගිලිහී යන මතක ශක්තිය බුද්ධි වර්ධනයට, පිහිට, රැකවරණය හා ආශීර්වාදය හිමිවන බවද පැවසේ. සැරියුත් මහරහතන් වහන්සේගේ බුද්ධි බල පරාක්‍රමය අතිශ්‍රේෂ්ඨය. ඒ බව පැරැණි පොත පතේද සඳහන් වේ. ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන ඔබ ඔබේ දරුවාට අකුරු කියවන අවස්ථාවේදී සැරියුත් මහ රහතන් වහන්සේටද පූජාව තබා වන්දනා මාන සිදු කරන්න. පළමුව අකුරු කියවීමට පෙර දින බෝධි පූජාවක් පවත්වා ග්‍රහ දොස් සමනය කොට අනතුරුව අකුරු කියවීමට නියමිත දින මල් පහන්, සුවඳ දුම්, ගිලන්පස, කිරි ආහාර පූජා කිරීම සිදුකොට පසුව සැරියුත් මුගලන් අගසව් දෙනමට පුද පූජාවන් තබා වන්දනා කොට ඉන්පසුව තුණුරුවන් වන්දනාමාන කර ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ට පූජාව තබා දේව කන්නලව් කරවා ආශීර්වාද ගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරවා යහපත් චේතනාවෙන් සුබ නැකතට දරුවාට අත්පොත තැබීම, අකුරු කියවීම හා ලිවීම ඉතාම අගනා සුබම සුබ ශාස්ත්‍රීය කටයුත්තක් බව එදා පැරැන්නන්ගේ දැඩි විශ්වාසයයි. අතීතයේ පටන්ම පැවති සුබ කටයුතු සඳහා ද නැකත් චාරිත්‍ර මෙන්ම බුදුගුණ හා බුදු බලය සමඟ ඉටු කරමින් ඔබත් නිසි පල ප්‍රයෝජන ලබාගෙන ඔබේ දරුවාගේ මතක ශක්තිය බුද්ධි වර්ධනය ඇති වී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්න. ඔබේ දරුවාට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට රැකවරණය සහ සැරියුත් මහ රහතන් වහන්සේගේ ආශීර්වාදය නො අඩුව ලැබෙනු ඇත.

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී,

ගුප්ත වෛද්‍ය සූරී

එච්.විජිත කුමාර සිංදුරගේ

කපු මහතා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.