අප්‍රේල් 09 වැනිදා බුධ මීනයට එයි

නීච භංග රාජ යෝගයෙන් ලග්න රැසකට වාසි
මාර්තු 29, 2024

 

නීච භංග රාජ යෝගයක් උදා කරමින් අප්‍රේල් 09 කුජ දින රාත්‍රී 09.36ට බුධ මීනයට සංක්‍රමණය වන්නේ ය.

ඊට පෙර අප්‍රේල් දෙවැනිදා බුධ ග්‍රහයා මේෂ රාශියේ වක්‍රව ගමන් කරයි. එය උත්තරායන වසන්ත සෘතුවෙහි මීන රවි 19 භාග ලත් කුජ දින අලුයම 03.46ට සිදු වන අතර මීන රවි 27 භාග වෙසක් මහේ පුර පෑලවිය තිථිය මීන රාශිය මීන නවාංශකය රේවතී නැකත 04 පාදය මැයි 15 පස්වරුවෙහි මේෂ රාශියට බුධ ග්‍රහයාගේ සංක්‍රමණය කෙරෙන තුරු මීන රාශියෙහි නීච ක්ෂේත්‍ර බවට පාත්‍ර වෙයි.

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවි යෝගබලය ප්‍රබලතම වෙයි. උසස් සමාජගත සම්මාන, ප්‍රශංසා ගලා එයි. ජනතාව අතර මුදුන් මල්කඩක් වෙයි. ආශීර්වාදාත්මක සුබසාධන සේවා රැසකට භාග්‍යය, වාසනාව උදාවෙයි.

කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්නවලට පංච මහා පුරුෂ යෝග අතරින් සසයෝග බලය උදාවෙයි. කෝටිපති ව්‍යාපාරිකයන් බිහි වෙයි.

සප්ත ග්‍රහයන් ස්ථාන තුනක පිහිටීමෙන් “ශූල” නම් යෝගබලය සියලු ලග්න කෙරෙහි මතු කෙරෙන්නේ ය.

උසස් ජීවන රටාවන් මෙන්ම ආලෝක ජීවිත ගමනකට සියලු ලග්න හිමියන් නතු වන අතර සප්ත ග්‍රහයන් ස්ථාන තුනක තැන්පත් වී සප්ත උත්‍ර යෝග බලය දෙස්, විදෙස් පොදු ජනතාවට සර්ව සෞභාග්‍යය උදා කරවමින් අවිහිංසාව, අවංක බව, සුබවාදී චරිතය, සත්‍ය වචනය, මනාව වැඩුණ සිහිකල්පනාව ආදී මානුෂික සංහිඳියාවන් සමස්ත ලෝකවාසී ජනතාව අතර මතු කෙරෙනු ඇත.

විශ්ව තාරකා මන්දාකිණියෙහි යුවරාජ ඤාණකාරක බුධ ග්‍රහයා අප්‍රේල් 09 මීන රාශිගතව සිදුවන නීචක්ෂේත්‍රය සමස්ත ලෝකයේම සමාජීය ගැටලු විසඳීමෙහිලා හේතු වන්නේ ය.

භාණ්ඩාගාර, බැංකු, වාණිජ, වෙළෙඳ ව්‍යාපාර, විශ්ව විද්‍යාල, සූදුපිටි, තුරඟ තරග ස්ථාන, දඩයම් කෙරෙන ස්ථාන ආදියට ද දුම්රිය, තැපැල් කාර්යාලවලට ද අධිපති බුධ ග්‍රහයා නීච වීම බලපානු ඇත. ගණිත, මිණිත, මුදල් ගණන් තැබීම, දර්ශනය, ගුරු වෘත්තිය, ලිපි ලේඛන, මුද්‍රණාල, පුවත්පත්, සඟරා, ඡ්‍යොතිෂය ආදිය කෙරෙහි ද මෙකී බලපෑම දැකිය හැකි වනු ඇත.

රාජ්‍ය යාන්ත්‍රණයේ නැවුම් බවක් ද උද්දීපනය වෙයි. 01, 05, 09 ධර්මකෝණය ආශි‍්‍රතව 05 වැන්නෙහි අති ප්‍රබල ප්‍රශස්ත ධාර්මික චක්‍රවර්ති නීචභංග රාජ යෝගය මෙවර බුධ ග්‍රහ නීචය මත ප්‍රබලත්වයකට පාත්‍රව ඇත. මෙකී නීච භංග රාජයෝගය මෙන්ම රවිගෙන් යෙදෙන වෙශී වොෂී, උභයචාරී යෝගබලය රාශි දොළසටම තුඩු දෙයි. උත්සහය, උනන්දුව මත අවිද්‍යාව දුරුකොට තිරසර හැඟීම් ඇති කෙරෙයි. ලෝක පාලන රටාවෙහි අධාර්මික පසුබිම දුරුවෙයි.

06 වැන්නෙහි යෙදෙන ගජකේශරී යෝග බලය පෞද්ගලික, පොදු ව්‍යාපාර, සංවර්ධන කාර්යයන් සියල්ල ඉතා සතුටුදායක බවට පාත්‍ර කරයි. මැණික්, ලොතරැයි නිධන් වස්තු ආශි‍්‍රතව නව ආදායම් මාර්ග ප්‍රබලව යෙදෙයි.

මේෂ රාශිය

වක්‍ර නීච බුධගෙන් 12 වැන්නේ යෙදීම, ලග්නගත ගජකේෂරී යෝගය ප්‍රබලයන් බවට ධනය, බලය ගලාඑන 11 වැන්න ප්‍රබලත්වයට පාත්‍රවීම මත උසස් ජන දිවියකට මඟ පෑදෙයි. සතුරෝ මිතුරන් වෙයි. සහෝදර සහෝදරියන්, සම්භාවනීය බවට පාත්‍ර වෙයි. රැකියා ආදායම් මාර්ග, සබඳතා, විවාහ මංගල කටයුතු, දෙස් විදෙස් ගමන් බිමන් සතුටුදායක වෙන්නේ ය.

වෘෂභ රාශිය

සස යෝග බලය 10 වැන්නේ ද නීච භංග රාජ යෝගය 11 වැන්න වූ අයස්ථානගතවද 12 වැන්නෙහි ගජකේෂරී යෝග බලය ද යෙදී ඇත. මව්පසට, මව් පස ඥාති වර්ගයාට යහපත සැලසෙයි. යාන වාහන, දේපොළ, වස්තු රැස්වෙයි. තුරඟ තරග, විභාග, දෙස් විදෙස් ගමන් බිමන් ආදි කටයුතු සියල්ල සාර්ථක වෙයි. උසස් ජිවිතයකට භාග්‍යය, වාසනාව උදාවෙයි.

මිථුන රාශිය

09 වැන්නෙහි කුජ ශනි යෝගය ද 10 වැන්න වූ කර්මස්ථානගතව නීච භංග රාජ යෝගය ද අයස්ථානය වූ 11 වැන්නෙහි ගජකේෂරී යෝග බලය ද ප්‍රධානව මාලවි යෝග බලය ද උදාව පවතිනු ඇත. ආත්මශක්තිය දැනඋගත්කම වර්ධනය වෙයි. උසස්වීම්, ප්‍රධානත්වය ලැබෙයි. සමාජගත ක්‍රියාකලාපය තුළින් උසස් ජන ජීවිතයට භාග්‍යය, වාසනාව උදාවෙයි.

කටක රාශිය

ගජකේෂරී යෝග බලය 10 වැන්න වූ කර්මස්ථානගතව ද විෂ්ණු ලක්ෂ්මී යෝග බලය ද 09 වැන්නෙහි ප්‍රබලව නීචභංග රාජ යෝග ද රවි, බුධ සංයෝගය ද බුධ ආධිත්‍ය යෝග බලය ද උදාව පවතියි. 08 වැන්නෙහි කුජ ශනි යෝගය මාරකයි. අප්‍රේල් 02 - 09 ඉතා ප්‍රවේසම් විය යුතු ය.

සිංහ රාශිය

09 වැන්නෙහි ගජකේෂරී යෝගබලය ද 07 වැන්නෙහි කුජ, ශනි යෝගය ද 08 වැන්නෙහි නීච භංග රාජයෝගය ද ඔබගේ දියුණුවට ආරක්ෂාවට යහපත් වෙයි. දැඩි මානසික පීඩා චරිත ඝාතන සිදුවීමට ඉඩකඩ ඇත. පවුලෙහි මතභේද උග්‍රවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා රාශිය

07 වැන්නෙහි නීච භංග රාජ යෝගය 08 වැන්නෙහි ගජකේෂරී යෝග බලය ප්‍රධාන වෙයි. මේ අනුව ජීවිතයෙහි උසස් දියුණුවකට මාර්ගය සැලසෙයි. ආත්ම ශක්තිය ධෛර්යය ළඟා වෙයි. තනතුරු, නම්බු නාම, කීර්ති ප්‍රශංසා ලැබෙයි. පවුලෙහි සාමය, සමඟිය උදාවෙයි. මාලවියෝග බලය ජනප්‍රියත්වයට හේතුයි. එහෙත් රෝග සතුරු සහගත කුජ, ශනි යෝගය බිහිසුණු වෙයි. කල්පනාවෙන් කටයුතු කරන්න.

තුලා රාශිය

ගජකේෂරී යෝග බලය නීචභංග රාජ යෝගය උදාව ඇත. දෙස් විදෙස් ගමන්, රැකියා, ආදායම් මාර්ග සාර්ථකවීම්, පවුලේ දියුණුව උදාවීම, සාමකාමී පසුබිමක් නිර්මාණයවීමටද භාග්‍යවත් ජීවන උදාවකට ද මඟ සැලසෙනු ඇත. සුපින්වන්ත කාලපරාසයකි. දැඩි ආවේගශීලිත්වය දරු දැරියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හේතුවෙන් මතු කෙරෙනු ඇත. ආවේගශීලී නොවී තීරණ ගන්න.

වෘශ්චික රාශිය

සස යෝග බලය සමඟ කුජ - ශනි යෝගය 04 වැන්නේ ද නීචභංග රාජයෝග බලය 05 වැන්නේද ගජකේෂරී යෝගය 06 වැන්නේ ද යෙදී ඇත. මේ අනුව උසස් ආර්ථිකමය ශක්තියක් ද වර්ධනය වෙයි. අභිමානනීය සාර්ථක ජීවිතයට මඟ සැලසෙයි. රාජ්‍යය අනුග්‍රහය ද උදාවෙයි.

ධනු රාශිය

03 වැන්න වූ වික්‍රමස්ථානගතව කුජ, ශනි යෝග බලය ද 04 වැන්නේ නීච භංග රාජයෝග උදාව ද ගජකේෂරී යෝග බලය 05 වැන්නේ ද යෙදී ඇත. උසස් ජීවිතයකට භාග්‍යය වාසනාව යෙදී ඇත. සාමකාමී සහජීවන රටාවකට මඟ සැලසෙයි. ධාර්මික චේතනා මතු කරයි. උරුම අයිතිවාසිකම් ළඟා වෙයි.

මකර රාශිය

ගජකේෂරී යෝග බලය ද 03 වැන්න වූ වික්‍රමස්ථානගතව නීච භංග රාජ යෝගය උදාවීමද රවි බුධ සුසංයෝග බලය ද උදාව ඇත. විශිෂ්ට, උසස්තම ජීවිතයක් ගතකරලීමේ භාග්‍යය යෙදී ඇත. රැකියා ආදායම් මාර්ග සාර්ථකයි. නව ජීවන ගමන් මඟ සතුටුදායක වෙයි.

කුම්භ රාශිය

සස යෝග බලය ලග්නගතව ද නීචභංග රාජයෝගය 02 වැන්න වූ ධනස්ථානගතව ද ගජ කේෂරී යෝග බලය 03 වැන්න භාග්‍යස්ථානගතව ද යෙදී ඇත. සහකරුට හෝ සහකාරියට හදිසි ධන ලාභ, උසස්වීම්, විජයග්‍රහණ යෙදනු ඇත. විවිධ රැකියා ආදායම් මාර්ග සාර්ථක කරයි.

මීන රාශිය

ගජකේෂරී යෝග බලය 02 ධනස්ථානගතව ද මාලවි යෝග බලය ලග්නගතව ද නීච භංග රාජයෝග උදාව ද රවි බුධට සුසංයෝගව යෙදීම ද බුධ ආධිත්‍ය යෝගබලය ද යෙදී ඇත. ආත්ම ශක්තිය ධෛර්යය වර්ධනය වෙයි. කීර්ති, ප්‍රශංසා ගලා එයි. සම්මාන, ගරු බුහුමන් ලැබෙයි. උත්තම ප්‍රාර්ථනා සමෘද්ධිමත් වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.