ඔටුනු පලඳන ගලවන ඉභිනනාසු රහස් මිණුම් දණ්ඩ

මාර්තු 15, 2024

 

ලොව පුරා කොතැනක හෝ විවිධ කාලවලදී පාලකයන් ජනිත වෙයි. ඔවුන් ගම්, නගර, පළාත්, කුඩා රාජ්‍ය, විශාල රාජ්‍ය, ආදිය පාලනය කරනු දැකිය හැකිය. විශාල ජනනකායක් ජීවත්වන රාජ්‍යවල ජන නායකයන් මෙන්ම කුඩා රාජ්‍යවල ජනනායකයන් පවා ජනිත වීමට සුවිශේෂී ග්‍රහ පිහිටීම් පිහිටන බව ඒ අතර නිරීක්ෂණය වෙයි.

ඉභිනනාසු සම්ප්‍රදාය තුළද ජනනායකයින් බවට හඳුනා ගත හැකි න්‍යායාත්මක සිද්ධාන්ත රාශියක් වෙතත් ඉතාමත්ම සරලව පහසුවෙන්ම හඳුනාගත හැකි සිද්ධාන්ත කීපයක් පමණක් එකී හාස්කමෙහි යෙදීමට පසුබිම මේ පාඩම් කොටසින් ලබා දෙනු ඇත.

විවිධ මනෝභාවයන් ඉස්මතුවීම පාදක කරගෙන සමහරුන් ජනනායකයන් වීමට ප්‍රයත්න දරනු පෙනෙයි. එහෙත් ජනනායකයෙකු වීමට උත්පත්ති ග්‍රහ බලයක් තිබිය යුතුªයි. ඒ වගේම ග්‍රහ ගෝචරයෙන්ද එකී න්‍යායාත්මක සිද්ධාන්තයන් ප්‍රාදූර්භූත විය යුතුයි. වෙනත් විවිධ සම්ප්‍රදායයන් තුළින්ද මේවා ප්‍රකාශ කළ හැකි අතරම ඉතා සරල අවබෝධයකින් ඉභිනනාසු මඟින් කෙනකු ජනනායකයකු වෙනවාදැයි අවබෝධ කර ගත හැකිය. රටක, ප්‍රථම, දෙවැනි, තෙවැනි පුරවැසියා වීම ලෙහෙසු පහසු නැත. එහෙත් සමහරුන්ට කිසිදු උත්සාහයක් නැතිවම ජනපතිකම්, අගමැතිකම් ලැබෙනු ඇත. ඒ අනුව බලාපොරොත්තු නොවූ මොහොතකදී ජනනායකයකු ලෙස ප්‍රසාදයට පත් වනු ඇත. එම අනාවැකිය ඔබටද පැවසිය හැකි අන්දමේ විශේෂ ආකර්ෂණීය දැනුමක් මේ ඉභිනනාසු දහවැනි පාඩම් කොටසින් ඉඳුරාම ලබා දෙනු ලබනවා ඇත.

කෙසේ වෙතත් අප පෙන්වා දෙන ග්‍රහයන්ගේ ග්‍රහ බල සහ දුබලතා මත රට රාජ්‍යයක ජන නායකයෙකු වෙනවාද එසේ නැත්නම් ග්‍රාම නායකයකු වනවාද යන්න තීරණය වන්නේය. එකී ග්‍රහ සංකේතය හඳුනා ගැනීමට ඔබ විසින් 2024.01.26 පළ කළ අංක 07 දරන රූපසටහන ද, 2024.02.16 දින පළකළ 06 වන කොටසේ අඩංගු අංක 25 දරන රූපසටහන කෙරෙහිද, අවධානය යොමු කරන්න. මේ පාඩම් කොටසේදී එකී ශක්තීන්ගේ බලයද පරාවර්තනය කර ගනිමින් මිහිපිට උපත ලබන ජීවියෙකුට ජන නායකයකු විය හැකි ආකාරය පිළිබඳ අනාවැකි පවසන්නට ඔබට විශේෂඥභාවයක් ඇති කර ගත හැකිය. ඒ වගේම අංක 44 දරන රූපසටහනද අධ්‍යයනය කොට ඉදිරි ඉභිනනාසු ඡ්‍යොතිෂ විචාරයන් සඳහා ප්‍රයෝජනයට ගැනීම පිණිස මතකයේ රුවා ගන්න.

මේ තත්ත්වයට අයහපත් ලෙස

රාහු – කේතු කුජ ආදී ග්‍රහයින් සම්බන්ධ වුවහොත් ප්‍රභූ තත්ත්වයේ ජන නායක ධුරයට අයහපත් බලපෑම් ද එල්ල කරනු ඇත.

අංක 45 දරන රූප සටහන

එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජුගේ 1948.11.14 වෙනි දින ජන්ම ග්‍රහ සටහන අංක 45 දරන රූපසටහනෙහි දක්වා ඇත. ඔහු 2023.05.06 වෙනිදා සෙනසුරාදා රාජකීය ඔටුන්න පැලඳ නව රජු ලෙස අභිෂේක ලබා ජනනායකයකු ලෙස පත්විණි.

ඔහුගේ උත්පත්ති ග්‍රහ සටහනෙහි ජනනායකයෙකු වීමට පිහිටිය යුතු ඉභිනනාසු දත්ත අතරින් ඉහත සඳහන් දත්ත පිහිටි තිබිණ.

(1) රැකියා කාරක ශනිගේ දෘෂ්ටිය රාජ්‍ය කාරක රවිට එල්ලවීම

(2) රාජ්‍ය කාරක රවිගේ දෘෂ්ටිය ආත්ම බල ගුරුට එල්ලවීම

(3) ආත්ම බල ගුරුගේ දෘෂ්ටිය රැකියා කාරක ශනිට එල්ල වී තිබිණි.

මීටත් වඩා ප්‍රබල අනිත් ග්‍රහ පිහිටීම වන්නේ මෙකී ග්‍රහයින්ගේ දිශාබල ශක්තිය බලවත් වීමයි. එකී ප්‍රායෝගීකරණය අංක 46 දරන රූපසටහනින් අධ්‍යයනය කරන්න.

චාල්ස් රජුගේ උත්පත්ති දින දිශා ග්‍රහ සටහනෙහි නැඟෙනහිර දිශාවෙහි ශනි + ගුරු සංස්කරණය ගොඩනඟා ඇති අයුරු අංක 46 දරන රූපසටහනේ දක්වා ඇත. එවිට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙහි රවිගේ පිහිටීම ක්‍රියාත්මක වෙයි. තවද ජනනායකයෙකු වීමේ වරම එසේ නිර්මාණය වීමේදී කඩාකප්පල්කාරි කුජගේ සම්බන්ධයක්ද නොමැත. තවද චන්ද්‍රයා කිසි ග්‍රහයෙකුට වෛර නොකරයි. උතුරු දිශාවේදී කුජ සමඟ දිශාගත වන චන්ද්‍රයා විසින් යම්කිසි සමතුලිතභාවයක් ලබා දී ඔහුට රජ පෙළපතේ රජ කුමරෙකු ලෙස රජකමට ඔටුන්න පලඳවන්නටද ශක්තියක් වන්නේය. මෙහිදී තවත් සිහිපත් කළ යුතු කාරණාවක් වන්නේ ශනි ගුරු එකම දිශාවේ පිහිටීමත් ඔවුන්ට රවි බුධ එකතු වී සිටින බවයි. ඒ වාගේම ඊට විරුද්ධ දිශාවේ සිටින රවිට කේතු එකතු වී සිටින බවයි.

මේ නිසා රජකම ලැබීමට විවිධ සීමා ගෙන දී ඇත. නමුත් ඔටුණු පැලැඳූ 2023.05.06 වෙනිදා ග්‍රහ ආරෝපිතය සහිත ඒකාබද්ධ දෙවැනි ග්‍රහ සටහන අංක 47 දරන වක්‍රයෙන් අධ්‍යයනය කරන්න.

අංක 47 දරන රූප සටහන

ද්විත්ව රේඛා වළල්ලෙන් ඇතුළත ගුරු රාහු ශනි යන තිදෙනාගෙන් උත්පත්ති ගුප්ත ත්‍රිකෝණයක් පිහිටා ඇත. ඒ වාගේම ද්විත්ව කුණ්ඩලීයෙන් පිටත මේෂයේ ගුරු ගෝචරය වීම මත උත්පත්ති ශනි, රාහු, ගුරු සමඟ ගෝචර ත්‍රිකෝණයක්ද මවා ඇත. එම ඔටුණු පැලඳවීමට එය හේතුවක් විය.

නමුත් එංගලන්තයේදී එකී ඔටුණු පැලඳවූ නැකත ප්‍ර‍්‍රබල අශුභදායක විය. එම අයහපත් නැකත නිසා ජනනායක තනතුර ඉතා ඉක්මනින්ම හෙල්ලුම් කන බව 2023.05.14 දින ඉරිදා අප විසින් මුද්‍රිත මාධ්‍යයෙන් අනතුරු ඇඟයීමක්ද සිදු කරන ලදී. 2024. පෙබරවාරි මුල් සතියේදී ලොව පුරා ආරංචි පැතිර ගියේ රජතුමාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා වැඩ බැලීමට ඔහුගේ පුතා කැඳ වූ බවකි. අපට අනාවැකි කියන්නට දෛවෝපගතව එකී අනතරුදායක නැකත ප්‍රාදූර්භූත වූවාද කෙසේ වෙතත් ජීවිතයේ මුල් කාලයේදී කොතරම් බාධක පැමිණියත් වයස අවුරුදු 75 දී හෝ ඉභිනනාසු පවසන ජන නායකයෙකු වීමේ අනාවැකි දත්තය මල්ඵල ගත් බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

අංක 48 දරන සටහන

අමෙරිකානු ජනපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මහතාගේ ජන්ම දින ග්‍රහ සටහන 1946.07.06 වැනි දින සටහනට අළලා අංක 48 රූපසටහන ඉදිරිපත් කර ඇත.

1. කටකයේ තැන්පත් ශනිගේ දෘෂ්ටිය ගුරු වෙතට එල්ල වී ජන නායකයෙකු බව පෙන්වීමේ සිද්ධාන්තය සනාථ කර ඇත.

2) තවද අංක 49 දරන උත්පත්ති දින දිශා චක්‍රය නිරීක්ෂණය කරන්න. ප්‍රතිවිරුද්ධ දිශා දෙකේ ශනි සහ ගුරු පිහිටා ඇත. රාහු කේතු ගෙන් බාධාවක් වෙත්නම් එය සමනය කිරීමට චන්ද්‍රයාගේ ක්‍රියාකරිත්වය බලපායි. තවද කඩාකප්පල්කාරි කුජ සම්බන්ධ නොවී ඇත. තවද එකී කුජ සමඟ කල්‍යාණ මිත්‍ර රවි සමඟ ප්‍රතිවිරුද්ධ දිශාගතවී ශනි - ගුරුගේ ක්‍රියාන්විතයට අවහිර නොකොට ඇත.

මතු සම්බන්ධයි.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

 

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.