ඡන්දය දෙන ග්‍රහයෝ

මාර්තු 22, 2024

අමෙරිකානු ජානාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජන්ම දින ග්‍රහසටහන අංක 50 දරන රූපසටහනෙහි දක්වා ඇත. ඔහු උපත ලැබුවේ 1946.06.14 වෙනි දිනය.

1) ගුරුගේ දෘෂ්ටියෙන් රවි පෝෂණය වෙයි.

2) රවිගේ දෘෂ්ටියෙන් ශනි පෝෂණය වෙයි.

3) ශනිගේ දෘෂ්ටියෙන් ගුරු පෝෂණය වෙයි.

දකුණු දිශාවේ රවි ගුරුද, උතුරු දිශාවේ ශනිද සිටියදී උතුරු දිශාවේ සිටින සඳු, විසින් අසමතුලිතතා සමනය කොට ජන්මියා ජන නායකයකු බවට පත් කරයි.

අංක 51 දරන රූප සටහන

1946 අමෙරිකාවට අනාගත ජන නායකයින් ඇතිකර දුන් වර්ෂයක් විය. පෙර දෙදෙනා මෙන්ම බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ඉපදුනේද 1946 වර්ෂයේදීය. ඒ අගෝස්තු මාසයේ 19 වැනිදාය. ඔහුගේ ජන්ම දින ග්‍රහ සටහන අංක 51 දරන සටහනින් දක්වා ඇත.

1) ස්වක්ෂේත්‍ර බල රවිගේ ප්‍රබල දෘෂ්ටියෙන් ගුරු ග්‍රහයා පොහොසත් වී ඇත.

2) රවි + චන්ද්‍ර සහ ගුරු ප්‍රතිවිරුද්ධ දිශා දෙකෙහි සිටිමින් සඳුගෙන් බලයෙන් පෝෂණය වී ඇත. බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා 1993.01.20 වෙනි දින ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. 2001.01.20 දක්වා ධුරය හොබවමින් ජන නායකයෙකු ලෙස කටයුතු කිරීම, හුවා දක්වන ඉභිනනාසු න්‍යායෙන් සඵත කළේය.

අංක 52 දරන සටහන

මොරාජ් දේසායි ඉන්දීය අගමැතිවරයාගේ ජන්ම දින සටහන දක්වා ඇත. ජන නායකයකු ලෙස ප්‍රකට හා ඉභිනනාසු සිද්ධාන්ත දෙකක් එහි ගැබ්ව පවතී.

1) සෙනසුරු ග්‍රහයාට ප්‍රබල සංවේදී ස්ථානයක් ලෙස පිහිටා ඇති එකී ශනිගේ දහවන දෘෂ්ටිය එල්ල වන කටකයේ ගුරු සිටී. දෙදෙනාම උච්ච බලයෙන් යුක්තය.

2) මේ වන විට උත්පත්ති ග්‍රහ දිශා සටහන නිර්මාණය කිරීමේ හැකියාව දැන් ඔබට ලැබී තිබිය යුතුයි. එකී බස්නාහිර දිශාවේ රැකියා කාරක ශනිද රාජ්‍ය පාලක රවිද තැන්පත්ව සිටී. රාහු කේතුගෙන් සිදුවන පීඩාවන් සමනය කිරීමට චන්ද්‍රයාගේ පිහිටීමද බලවත් වන්නේය.

 

අංක 53 දරන සටහන

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයෙකු වන ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ග්‍රහ සටහනේ අංක 53 දරන සටහනින් දක්වා ඇත. ද්විත්ව රේඛාවන්ගෙන් ඇතුළත වළල්ලේ ශනිගේ දෘෂ්ටිය ගුරුට එල්ල වී ශනි + ගුරු සම්බන්ධයක් ඇති උපතක් බව විද්‍යාමාන වෙයි. ඒ වාගේම උත්පත්ති දින දිසා චක්‍රය දැන් ඔබට තනිවට ගොඩ නගා ගත හැක. එහි බටහිර දිශාවේ ශනි + රවි සම්බන්ධය පවතින බව නිරීක්ෂණය කරන්න. මෙකී ඉභිනනාසු සම්ප්‍රදාය කියාපානු ලබන්නේ ඔහු ජනනායක යෙකු වන බවය.

1993.05.04 වෙනිදා ඔහු ජනපති ලෙස දිව්රුම් දුන්නේය. ඡන්දය දෙන්නේ මනුෂ්‍යයෝය. ඡන්දය ඇතත් නැතත් තනතුර දෙන්නේ ග්‍රහයෝය. ඡ්‍යොතිෂ්‍ය සනාථ කරමින් ඔහු රටේ පළමු පුරවැසියා විය. හිටපු ජනපති අභාවප්‍රාප්ත වී එයට ග්‍රහබලය දොරටු විවර කළේය.

ඔබ මේ වන විට ලබා ඇති දැනුම ඇසුරින් ග්‍රහ මාරුවක් අළලා ඔබේ උත්පත්ති දිනට හෝ දන්නා කියන කෙනෙකුට අනාවැකි කියන්නට අංක 54 දරන නිදසුන ඇසුරින් උත්සාහ කර බලන්න. ගුරු ග්‍රහයා 2024.05.01 දින වෘෂභ රැසට ප්‍රවිෂ්ඨ වෙයි. මෙම උපන්දින ග්‍රහ සටහනෙහි ශනි + රවි දෘෂ්ටි සම්බන්ධය, රවි විසින් ගුරු දැකීම, ගුරු විසින් ශනි දැකීම, එකම දිශාවේ ශනි + ගුරු සිටියදී විරුද්ධ දිශාවේ ශනි සිටීම, ආදිය නිසා නායකයෙකු වෙයි. ගෝචර සටහනට අනුව ගුරුගේ නීච ගෝචර ගුප්ත ත්‍රිකෝණයක් මැවේ. ගෝචර ත්‍රිකෝණය මැවේ. ගුරු ග්‍රහයා 2025.05.14 දක්වා වෘෂභයේය. ගුරුගේ මෙකී චාරය අතරතුරදී ජන්මියාට නව රැකියා, තනතුරු, තානාත්තර, ආදියත් නායකත්ව පිළිගැනීමේ ආදියද හිමි වේ.

 

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.