ආයුර්වේද වෛද්‍ය ඒ. සූරියබණ්ඩාරට ගෞරව සම්මානයක්

ජනවාරි 17, 2025

සුබසෙත පුවත්පතේ ආයුර්වේද ලිපි සම්බන්ධ ලේඛකයකු වන ආයුර්වේද වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර මහතා ආගමික කටයුතු සඳහා කළ කැපකිරීම් සහ ඔහුගේ වෛද්‍ය සේවය ඇගයීම සඳහා ශ්‍යාමෝපාලී මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ මූලස්ථානය වන කඹුරුපිටිය ඌරපොළ දී මහා සංඝරත්නය ඉදිරිපිටදී උපහාරයක් වශයෙන් ශාසනබන්දු ආයුර්වේද ශිරෝමනී සන්නස් පත්‍රයෙන් පසුගියදා පිදුම් ලැබුවේය.

මාතර, හිත්තැටිය පදිංචි ආයුර්වේද වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර මහතා කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ගෞරව උපාධිධාරියෙකි. දැනට වසර 45ක පමණ වෛද්‍ය සේවයට අමතරව, පාරම්පරික වෛද්‍යවරුන් පුහුණු කිරීමේ සම්පත්දායකයකි. දිවයිනටම සාම විනිසුරුවරයකු වන මොහු කඹුරුපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති /ලේකම් ධුර වසර විසිපහකට අධික කාලයක් දැරූ අතර ඒ කාලය තුළ ආයුර්වේද සංරක්ෂණ කටයුතු, වෛද්‍ය සායන පැවැත්වීම, ඔසු උයන් සෑදීම, ආදී කටයුතු කරනා ලද වෙදැදුරෙකි. තම මවු පාර්ශ්වයේ නිවස, අන්ධ නිවාසයටත් පිය පාර්ශ්වයේ නිවස බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයටත් ලබා දී ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.