වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංවත්සර උත්සවය
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ 3 වැනි වාර්ෂික සංවත්සර උත්සවය දෙසැම්බර් 21 සෙනසුරාදා වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.
මේ අවස්ථාවට වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංජය සමීර මහතා, එහි පරිපාලන නිලධාරී ඒ.ඩී.ප්‍රියන්ත මහතා, සුබසෙත පුවත්පතේ මාධ්‍යවේදිනී තුෂාරි වික්‍රමසිංහ මහත්මිය, දිවයින පුවත්පත නියෝජනය කරමින් ප්‍රධාන කර්තෘ උදේශ සංජීව ගමගේ මහතා ඇතුළු ඡ්‍යොතිෂ මාධ්‍යවේදීහු සහභාගි වූහ. දේශීය හා ඉන්දීය නර්තන අංගවලින් උලෙළ වර්ණවත් විය.
වසර 25ක් ඉක්මවා ඡ්‍යොතිෂ ක්ෂේත්රයේ සේවය කරමින් සිටින සාමාජිකයන් 10දෙනකුට උසස් ඇගයීම් සම්මාන හා සමරු ඵලකද, වසර 15 ඉක්මවා ඡ්‍යොතිෂය ක්ෂේත්රයේ සේවය කරමින් සිටින සාමාජිකයින් 53 දෙනකු හට ඇගයීම් සම්මානද පිරිනැමිනි.