ආයුර්වේද වෛද්‍ය පරදෙණියේ චන්ද්‍රරතන හිමියෝ දැයෙන් සමු ගනිති

දෙසැම්බර් 13, 2024

දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සහ ශාසනයට විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළ පරදෙණියේ චන්දරතන හිමියන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල කීර්තියක් ඉසුරු හිමිනමකි.යටියන්තොට ශඹාසනාරක්ෂක බල මණ්ඩලයේ ගනේකන්ද රජමහා විහාරස්තානය, හොලොම්බුව ස්ත්‍රීපුර ගල්ලෙන් විහාරස්ථානයේ සහ මත්තමොගොඩ වාලුකාරාමය යන විහාර තුනේ උන්වහන්සේ වසර ගණනාවක් නායකත්වය දැරූහ. කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ බල මණ්ඩලයේ ගරු සභාපතිත්වයට දැරූ පූජ්‍ය පරදෙනියේ චන්දරතන නා හිමිපාණණ් යටියන්තොට ආයුර්වේද සංරක්ෂණ සභාවේ ද සභාපතිත්වය ඉසිලූහ. රුවන්වැල්ල කන්නත්බඹතොට, තුන්කෝරලේ සහ පහත බුලත්ගම දෙපළාතේ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ න්දරතන හිමියන්ගේ ආදාහන පූජෝසවය දෙසැම්බර් මස 06 වැනි සිකුරාදා සවස කන්නත්තොට සුලේයිමානියා විද්‍යාල ක්‍රිඩාංගනයේදී සිදු කෙරිණි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.