ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමට සධාතුක කරඬුව 13දා වැඩම කෙරේ

දෙසැම්බර් 13, 2024

ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් තුන්වැනි වර කැලණිය පුදබිමට වැඩම කල දින, සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන්ගිරට වැඩම කර ශ්‍රීපාද පද්මය පිහිටුවීම සිහිකරමින් ශ්‍රී.බු.ව. 2568 වූ උඳුවප් මස 12 වැනි දින කැලණි රාජමහා විහාරයේ සිට ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරය දක්වා උතුම් සධාතුක කරඬු වහන්සේ රථ පෙරහරින් මෙවරත් වැඩම කරවයි. 13 වැනි දින උතුම් සධාතුක කරඬු වහන්සේ හා සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ හා දේවාභරණ ශ්‍රී පලාබද්දල දක්වා රථ පෙරහරින් වැඩම කරවා 14 වැනි දින එනම් උඳුවප් පොහෝ දින ශ්‍රී පාද පද්ම කුටියේ තැන්පත් කර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරනු ලබයි.

රථ පෙරහර කැලණි රජමහා විහාරයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරය දක්වා ගමන් ගනියි. උතුම් අභිනීල කේෂ ධාතූන් වහන්සේලා හා උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත නීලමාණික්‍ය කරඬුව, ඇත් දළ කරඬුවක, රත්ත්‍රං කරඬුවක, රිදී කරඬුවක තැන්පත් කර උතුම් සධාතුක කරඬු වහන්සේ ලෙසින් රථ පෙරහරින් මග දෙපස දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනා මානයට පාත්‍ර කරමින් වැඩම කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.