වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දේශීය වෙදකමේදී යොදාගනු ලබන විෂ සහිත ශාක
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි.
නියඟලා ශාකය ආධාරකයක් මඟින් ඉහළට ඇදීයන දර්ශනීය මලකින් සමන්විත ශාක ඝනයෙහිලා ගැනෙන පැළෑටියකි. සිම්බාවේ ජාතික පුෂ්පයවන නියඟලා ග්ලෝරිඕසා සුපර්බායන උද්භිත විද්‍යාත්මක නාමයෙන් සහ ඉංගී‍්‍රසි බසින් ග්ලොරිලිලී යනුවෙන් හැඳින් වේ. අධි විෂ සහිත ශාක විශේෂයකි. නියඟලා ශාකයේ වඩාත්ම අඩංගුව ඇත්තේ කොල්විසීන් නම් රසායන සංයෝගයයි. මේ ශාකයම සම්පූර්ණ විෂ සහිත වුවත් වඩාත්ම විෂ අධිකව පවතින්නේ නියඟලා අලයෙහිය. නියඟලා මල කහ රතු සහ තැඹිලි පැහැවලින් යුක්තව ඇත. නියඟලා අලය අර්තාපල් අලය හා සමානව පවතී.
කාලිකාරි සරාකුෂ්ඨ ශොථා ශෙ¡ා ව්‍රණ ශුලපිත්
තීක්ෂෙණා ෂ්ණකෘමිං නූල්ලසවී ගභීපාතිත
නියඟලා හෙවත් ලියනගලා, මල බුරුල් කරයි. කුෂ්ඨය, ඉදිමුව, අර්ශස්, වණ සහ රුජා නසයි. තියුණුයි. උෂ්ණයි. පණුවන් නසයි. සැහැල්ලුයි. පිත් වඩයි. ගැබ් පත්නය කරයි. ශිර්ෂවාත කම්පවාත, සන්ධිශොථ, අර්ධාංගවාත ආදී රෝග සඳහා දෙනු ලබන විෂගර්භ තෛලයට නියඟලා ගනු ලබන්නේ තවත් ඖෂධ හැටකට වැඩි ප්‍රමාණයක් එක්කරමිනි. මල මුත්‍රා වායුබද්ධයට අර්ශස්වලට කඵ වාතජ හා උන්මාද ඇතුළු රෝග රැසකට දෙනු ලබන අර්ශස් තෛලයට ද නියඟලා ඇතුළු ඖෂධ වර්ග තිහකට අධික සංඛ්‍යාවක් යොදා ගනිති. අත්තන ශාකයේ සෑම කොටසක්ම විෂ සහිතයි. පෙනුමෙන් වම්බටු ගහකට සමානකමක් දක්වන අත්තනවලට සංස්කෘත භාෂාවෙන් මාතුලක කාලපුෂ්ප කණ්ඨපල ශිව ශේධර උන්මත්ත ආදී නම්වලින් හඳුන්වා ඇත. හින්දි භාෂාවෙන් ධුතුරා යනුවෙන් ද දෙමළ බසින් උමන්තයි වෙනුමන්තයි කියාද සඳහන් වේ.
අත්තන සුදු වර්ණවත් මලකි. එය දම් පැහැයකින් යුක්ත වේ. මල පුනීලංකාරය නලාවක් හා බඳුය. අත්තන වල ට්‍රොපේන් ඇලක්ලොයිඩ් අන්තර්ගතව ඇත. කොළමුල් දඬු ඇට ඖෂධ සඳහා යොදා ගනිති.
ධුත්තුරඞ කාන්තිකා වේවාෂිණා කටුකග්වාග්නී දීපනඞ
තුවරෝ මධුරස්තිකෙතා මදකෘදි වාන්තිකෘද් ගුරු
වර්ණඞ කුෂ්ඨ වූ ශෙලෂම ජ්වර කණ්ඩු කෘමිඤ්ජයෙන්
යුකාලීකෂා ශ්‍රම විෂ පාමා ත්ව ගෙදොෂා නාශනඞ
අත්තන කාන්තිය වඩයි. උෂ්ණයි. කටුකයි. ගිනිවඩයි. කෂටයි. මධුරයි. තිත්තයි මත් කරයි. වාතය වඩයි. බරයි. වර්ණය ගෙන දෙයි. කුෂ්ඨය වණ, සෙම, උණ කැසීම, පණුවන්, උකුනන් විෂ පමාරෝගය සහ ජවිගත රෝග නැතිකරයි. අත්තන විෂ ශරීරගත වුවහොත් දිව හා උගුර වියලී ඇස් රක්ත වර්ණවේ. ඇස් පෙනීමද අඩුවේ. ශරීරගත විෂ කඩිනමින් මර්දනය ජීවිතක්ෂයට පවා පත්විය හැකිය. ගොඩකදුරු මෙම ශාකයේ විෂ සහිතය. උග්‍ර විෂෙන් යුත් ගොඩකදුරු ශාකය ඇල්කොලයිට් දෙකක් වූ ස්ථුවිනික් සහ බෘසින් අඩංගුව ඇත. මේ නිසා සුළු ප්‍රමාණයක් වුවද ශරීරගත වුවහොත් මරණයට පත්වීම වැළැක්විය නොහැක. සංස්කෘතික බසින් කාල සීලුන ජල තීන්දුක කාකේන්ද්‍ර කාලකු ලක කාරස්කාර ආදී නම්වලින් හඳුන්වනු ලබන අතර එහි ගෙඩි දොඩම් ගෙඩියක් පමණ ප්‍රමාණයකින් පවතී. කොළ තද කොළ පැහැයෙන් යුක්ත වේ.
කනේරු බොහෝවිට මාර්ග අසල හා නිවෙස්වල අලංකාරය සඳහාත් වවනු ලබන ශාකයකි. මෘදු කඳක් සහිත වැඩෙන කනේරු පඳුරක්මෙන් පවතී. සිහින් දිග පත්‍ර පිහිටා ඇත. තද කහ නිය මල නලාවක් පුනීලංකාරව පවතී. ඉහළට එසවුනු දාර මලින් යුක්ත වේ. වර්ණය කොළ හෝ කහ පැහැයේ සිට කළු පැහැය දක්වා පවතී. කනේරු ශාකයේ ද සියලුම කොටස් විෂ සහිත ය.
හයාරීඞ පඤ්වධා ප්‍රොකතඞ ශේවන රක්තශ්ව පටලාඞ
පිතඞ කෘෂ්ණසමුද්දිෂ්ටඞ ශේවත සෛවතාන් ගුණකද් ජාණු
කටු සතික්තශ්ව තුවර ස්තිකෙෂණ විය¸ණ චොෂණදඞ
ග්‍රාහි මෙහ කෘමින් කුෂ්ඨ ව්‍රණාශෙ¡¡ාණ වාතනුත්පරඞ
භක්ෂිතො විෂ චජෙකද්යො නෙත්‍රේයාලඝු විෂා පහඞ
ජ්වරං නේත්‍රරුජාං වෛව භයප්‍රාණශ්ව නාශයෙත්
ජ්වරං නේත්‍ර රුජාං වෛවභය ප්‍රාණශ්ව නාශයෙන්
විසේථාව කුෂ්ඨ කෘමිනුන් කණ්ඩු වුණකථාපහා
රක්ථාදි චතුරෝ භෙදා ගුණං ශේවත භයාරිවත්
සුදු, රතු පඬුවන් කහ නිල් යන පාට මල්වලින් යුත් කනේරු පස්වර්ගයකි. හෙළ කනේරු කටුකයි. තිත්තයි. කෂටයි. තියුණුයි. උෂ්ණ වීර්යයි. බළබඳියි. ප්‍රමේහ පණුවන් කුෂ්ඨ වණ අර්ශස් සහ වාතය නැති කරයි. අනුභවයෙහි විෂ හා සමාන වේ. ඇසට හිතයි. සැහැල්ලුයි. විෂ නසයි. කුෂ්ට පණුවන් කැසීම වණ සහ සෙම නසයි. උණ ඇස් රෝග නැති කරයි. රක්ත පුෂ්පාදී අවශේෂ කනේරු සතර වර්ගයෙහි ගුණද හෙළ කනේරු හා සමාන වේ. කනේරු යනු ඖෂධ වශයෙන් අතිශයින් ප්‍රයෝජනවත් ඖෂධ ද්‍රව්‍යයකි. ඒ ඒ ඖෂධයන්, සඳහා විෂ සමනය කොට යෙදීමෙන් නිසි ගුණාත්මකභාවය ලබාගත හැකි ය.