කුරුස බිත්තිය වාස්තු විරෝධීද?

නොවැම්බර් 22, 2024

වාස්තු ශාස්ත්‍රයේ යෙදෙන බොහෝ දේට නවීන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදු කිරීමට වෑයම් කිරීම බොහෝ විට සිදුවේ. ඒවා විස්මිත සොයා ගැනීම් ලෙස ගතානුගතික කර තමන් සුවිශේෂ කර පෙන්වීමට සඳහා අන් ශිල්පීන් භාවිත කරන බව පෙනේ. මෙහි වරදක් නැතත් ඒ සඳහා පදනම් කර ගන්නා විද්‍යාත්මක සංකල්ප හා ප්‍රවාද ඒ කරුණට අදාළ නොවූ ඒවා වීමෙන් අපේක්ෂාව වඩාත් සරලව හෑල්ලු වී යන්නට පුළුවන.

මෙහිදී සිදුවන වරදේ පොදු ස්වභාවය වන්නේ වාස්තු විෂයයේදී පදනම් කරගත යුතු සංකල්පය වෙනුවට ‘බල’ සංකල්පය යොදා ගැනීම යැයි පොදු සෛද්ධාන්තික විග්‍රහයකින් පෙන්වාදිය හැකියි. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වාස්තු දෝෂ ඇතිවීමෙන් සිදුවන ශක්ති විපර්යාසය හෝ විකෘතිය අපට බලපානු මිස නිවෙසේ එකිනෙක අංගයන්ට ඇති කරන විවිධ බලයයන් සැලකිල්ලට ගැනීමේ අර්ථයක් නැත.

මේ ස්වභාවය නිදසුනකින් පෙන්වාදීම සඳහා දොරකට ඉහළින් බාල්කයක් යෙදීමේ සිද්ධිය ගෙන බලමු. දොරට ඉහළ බිත්තිය මත බරැති බාල්කයක් යෙදූ විට එයින් ඇති වන 'බර' නම් 'බලය' දොර උළුවස්ස මත වැටීම විද්‍යාත්මක හේතුවක් සේ සලකා ගැඹුරු විග්‍රහයක් සේ සිදු කරන අවස්ථා අපි දැක ඇත්තෙමු.

එසේ වුවත් මේ සංසිද්ධිය ශක්තිමය විග්‍රහයකට ලක් කළේ නම් එය නූතන විද්‍යාත්මක මෙවලම් පවා යොදා ගනිමින් සාර්ථකව විවරණය කර ගත හැකියි. මෙහිදී පොදුවේ ඕනෑම උළුවස්සක මනුෂ්‍ය ශක්ති ශරීරය (ඒභපච) වියවුල් කරවන ශක්ති ක්ෂේත්‍රයක් ඇති බවත්, බාල්ක ආදිය පමණක් නොව රෙදි වැලක් යට පවා තවත් එවැනිම ශක්ති ක්ෂේත්‍රයක් ඇති බවත් වටහා ගත්විට මෙවැනි අශුභ ශක්ති ක්ෂේත්‍ර දෙකක්, එක මත එක වැටෙන (අධිස්ථාපිත) අවස්ථාවේදී වඩාත් බරපතළ අශුභ ක්ෂේත්‍රයක් උළුවස්ස ආසන්නයේ ඇතිවීමත්, එය නිවැසියනට උළුවස්සෙන් එහා මෙහා යෑමේ දී බලපාන බවත් කර්මානුකූලව හා නූතන බටහිර විද්‍යාවට අනුකූලව පෙන්වා දිය හැකියි.

මේ අනුව විද්‍යාත්මක යැයි සිතමින් වාස්තු ශාස්ත්‍රීය පැරැණි භාවිතයකට නව කියවීම් සිදුකිරීමට යෑම එතරම් යහපත් කටයුත්තක් නොවේ.

මේ පූර්විකාව සිදු කරනු ලැබුයේ ජනතාව නිරතුරුව මඟහැර දමන කුරුස බිත්ති ආදිය පිළිබඳ පැහැදිලි කිරීමට පිවිසීම සඳහායි. ඉදිකිරීමක අත්තිවාරමේ හෝ බිත්තිවල හෝ වහලයේ හෝ එක් දිශාවකට හා එය හරහා අනෙක් දිශාවට එකිනෙක කැපී යන පරිදි බිත්ති යෙදීම මෙකී කුරුස යෙදීමක් ලෙස කියැවේ. මෙසේ කුරුස යෙදීමේ හානිය ඇති වන්නේ කෙසේදැයි අපි විමසා බැලිය යුතු වේ.

මෙහිදී කුරුස බිත්ති යෙදීම පිළිබඳව පමණක් කරුණු ඉදිරිපත් කර බලමු. මෙසේ කුරුස බිත්ති යෙදුණු විට අන්තරීක්ෂ (ජධඵථඪජ) ශක්තිය ගලා යෑමේදී කුරුසය හතර පැත්තේ ශක්ති සුළි හතරක් ස්ථාවරව ගොඩනැගෙමින් පවතී. මේ සුළි හතරම සමානවත් ඒකාකාරී ලෙසත් ක්‍රියාකිරීම නිසා අඛණ්ඩව අශුභ (වක්‍රාකාර) ශක්ති චක්‍රයක් හතරක් ගොඩනැඟේ. මේ හේතුව නිසා එවැනි ස්ථාන අවට ජීවත් වන්නන්ගේ ශක්ති ශරීරයට හානිවීමෙන් අසාර්ථක ජීවිතයකට මඟ පෑදෙයි.

මෙසේ ශක්ති සුළි හතරක් හට ගැනීම වෙනුවට බොහෝ විද්‍යාත්මක යැයි කියන විග්‍රහයන්හිදී පළ වන්නේ බිත්ති බැදීමේදී ශක්තිමත් නොවන ඉදිකිරීමක් බවට මේ කුරුස බිත්ති හේතු වන බවයි. එහි සත්‍යයක් ඇතත් එයින් අශුභ ශක්ති ක්‍රියාවලියක් පිළිබඳ අදහසක් මතු නොවන බව අප තේරුම්ගත යුතු වේ.

මෙසේ කුරුස බිත්තිවල බලපෑම වඩාත් උග්‍ර වන්නේ අත්තිවාරම් කුරුස ලෙස පිහිටුවීමෙනි. එවිට ශක්තිමය විකෘතිය සිදු වන්නේ භූ ශක්තියත් සමඟ බැවින් නිවැසියන්ගේ ලෞකික ජීවිතය වඩාත් වියවුල් කරවන බව පෙන්වාදිය හැකියි. මෙය වහලයේ හෝ ඉහළ කොන්ක්‍රීට් ස්ලැබ් එක මත නම් හානිය අවම බවත් අප වටහාගත යුතුව තිබේ. ඒ කෙසේ වෙතත් පොදුවේ කුරුස බිත්ති අසාර්ථකත්වය හා අභාග්‍යය උදා වන බව වටහා ගනිමින් සුළු වෙනසක් හෝ මෙහිදී නොවන පරිදි කුරුස යෙදෙන තැන්වල බිත්ති අතර අඩි බාගයක් හෝ වෙනස්කර තැබිය යුතු වේ.

බාල්ක යෙදීමේදීත් ඒවාට යටින් නිදාගැනීමේදී නිවැසියන්ගේ පෞද්ගලික ශක්ති ශරීරය බරපතළ ලෙස හානි වන බව පෙනේ. එසේම බාල්කයට හරස් ලෙස (අංශක 90කට) නිදා ගත් විට එයට හසුවන ශරීර ඉන්ද්‍රිය කොටස්වල ඕරාව තියුණු ලෙස හානියට පත්වන බවද වටහා ගත යුතු වේ. ඒ අනුව විටින් විට වෙනස් කරමින් හෝ බාල්කයෙන් ඉවත් වීමෙන් හෝ ශක්ති පුවරුවක් එක් බිත්තියක බාල්කය ආසන්නයේ පිහිටුවීමෙන් හෝ හානිය ඉවත් කරගත හැකියි.

බාල්කයට ඉහළින් පිහිටියත් මුදුන් යටලී ආදියෙන්ද මෙවැනිම හානි ශක්ති ශරීරයට සිදු වේ. එහි මූට්ටු ආදිය පිහිටි තැන්වලදී මේ තත්ත්වය තන තවත් වියවුල් වේ.

එසේ වුවත් සිත සනසාගත හැකි එක් දෙයක් වන්නේ ඈත කාලයේ සාමාන්‍යයෙන් වහළයේ උස ඉතා අඩු බැවින් සිදු වූ ශක්තිමය බාධාවන් අද වනවිට අවම වී ඇත්තේ වහළය වඩ වඩාත් ඉහළින් පිහිටුවීමට දැන් දැන් කටයුතු කරන බැවිනි. එවිට මනුෂ්‍ය වාසය සිදුවන පහත කොටසට අශුභ ශක්ති ක්ෂේත්‍රය අඩුවෙන් ක්‍රියා කරන බැවින් හානිය අවම වේ. එබැවින් විසඳුමක් ලෙස පැතලි සීලිමක් වහළයට යෙදිය හැකි නම් (පරාල, බාල්ක නොපෙනෙන පරිදි) හානිය සපුරා ඉවත්ව යෑමටත් ඉඩ තිබේ.

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.