එදිනෙදා භාවිතයට අත්දුටු ප්‍රබල ගුරුකම්

ඔක්තෝබර් 11, 2024

කතා නොකර කොටුවෙන් බුලත් කොළයක් කඩාගෙන දෙහි කටුවෙන් බුලත් කොළයේ පිටුපස මේ මන්ත්‍රය ලියා “ඕම්ස්වඞ යාමේථ සිද්ධිඞ ප්‍රවාහඞ” 108 වරක් අලුයම කාලයේ මතුරාගෙන සාක්කුවේ හෝ උඩුකයේ රඳවාගෙන තබා පිටත්වන්න. සියලුම යහපත් වැඩ සාර්ථක වේ. සම්මුඛ පරීක්ෂණ, තරග විභාග, නඩු දිනීමට හෝ ඔබේ ඕනෑම යහපත් වැඩකටයුත්තකට යනවිට මේ ගුරුකම සකස් කරගෙන යන්න. අකුරටම සාර්ථක වේ. සැක නැත.

බුලත් කොළයක පිටුපස දෙහි කටුවෙන් ලියා 108 වරක් මතුරා ජප කර ගනුදෙනු කරන මුදල් දමන ලාච්චුවේ තැන්පත් කරන්න.

මන්ත්‍රය - ඕම් තාරේ තුත්තාරේ තූරේ සෝ හාම් (108 වරක් ජප කරගන්න.)

මුදල් ගනුදෙනු කරන ලාච්චුවේ තබන්න. දවසේ ආදායම් වැඩිවේ. (අත්හදා බලා ඇති සාර්ථක ගුරුකමකි)

ඕම් විශ්ව ජීව ශක්ති නමඞ

උදේ 21 වාරයක් කියන්න. දහවල් 21 වාරයක් කියන්න. සවස 21 වාරයක් කියන්න. දින 21කින් ඔබට විශ්ව ශක්තිය සමඟ මානසික ගනුදෙනු කිරීමේ හැකියාව ඇති වේ. අත්හදාබලා සාර්ථක කරගන්න. එදිනෙදා ඔබේ සියලුම වැඩකටයුතු සාර්ථක වේ.

ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.