වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සුදුලූනුවල අඩංගු රසායනික ගුණයන් දන්තවේදනා (දත් කැක්කුම) සුවකිරීමට ද යෝග්‍යය. සුදුලූනු තෙල් හෝ පොඩිකරන ලද සුදුලූනු ස්වල්පයක් ආබාධිත දත මත හෝ කුහරය...
2020-10-22 18:30:00
මොළයේ ක්‍රියාකාරීත්වයට ගුණයෙන් පිරුණු පළා වර්ගයකි ගොටුකොළ. මහලු. තරුණ, ළමා කාටත් ගුණ දේ. පණු රෝග සමනයට ගොටුකොළවලින් ලැබෙන සහනය අපමණ ය.යහපත් නින්දකට...
2020-10-22 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරට ප්‍රචලිත වීමට පෙර සිටම අප රටටම ආවේණික වූ ඉතා සාර්ථක වෛද්‍ය ක්‍රමයක් මෙරට පැවතුණි. රාවණා රජු සමයේ පටන් ඉතා දියුණු වෛද්‍ය...
2020-10-22 18:30:00
රාත්‍රී කාලයේදී පිබිදෙන සුදු රතු මිශ්‍ර මලකි සේපාලිකා. රාත්‍රී කුසුම ලෙස සිත්ගත්තත් අරුනැල්ල දුටුවිට ශෝක වී පරවී යනු ඇත. ශෝක වන ගස ලෙස සමහරු හඳුන්වනු...
2020-10-15 18:30:00
මිනිසාට බොහෝ සෙයින් රෝගාබාධයන් ඇතිවනුයේ වා, පිත්, සෙම් යන තුන් දොස්වල විකෘතිතාවය නිසාය. දේශීය වෛද්‍ය ක්රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද මූලික...
2020-10-15 18:30:00
දේශීය වෙදකම උදෙසා ඇප කැපවෙමුයි කීවද අපට කංසා තහනම ඉවත් කිරීමට තව බොහෝ කල් ගතවනු ඇත. බොහෝ රටවල කංසා වානිජ වගාවක් සේ ව්‍යාප්ත කරමින් සිටි. සුද්දා පැනවූ...
2020-10-08 18:30:00
විෂ (සර්ප ,කීට ආදි සතුන්ගේ )පත්තෑ විෂට 1.රබ්බඩ පුවක් ලෙලි යුෂ රැගෙන කහ හුණුත් සමඟ මිශ්‍ර කොට දෂ්ඨ මුඛයෙහි ගාන්න. 2.බත් දංකුඩ හාල් පානු...
2020-10-08 18:30:00
වර්තමාන සමාජය තුළ බොහෝදෙනා අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවලින් වැඩි ප්‍රමාණයක් පිළිබඳව නිසි අවබෝධයකින් තොර වූවෝය.අතීතයේ මෙහි විසූ සියලු ම දෙනා...
2020-10-08 18:30:00
ගතට සුවයත් සිතට සතුටත් ලැබෙන සෞභාග්‍ය ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක් වැවීමෙන් ගෙවත්තට අලංකාරයක් මෙන්ම සිතට සතුටක් ලැබේ. මුළින්ම අප කළයුතුවන්නේ ගෙවත්තේ...
2020-10-01 18:30:00
වසර දහස් ගණනකට පෙර සිට අපේ මුතුන් මිත්තන් ඇතුළු අතීත පරම්පරාවට මානසික සුවය ශාරීරික ශක්තිය මෙන්ම බුද්ධිය වඩවමින් මනා ක්‍රියාකාරි නිරෝගී පිරිසක් ලෙස...
2020-10-01 18:30:00
ආයුර්වේදයේ දැක්වෙන අංග අට තුළින් එක් වැදගත් තන්ත්රයක් වනුයේ වාජීකරණ තන්ත්රයයි. නැති වී ගිය, පිරිහී ගිය පුරුෂ ශක්තිය නැවත ඇතිකිරීම සඳහා කළ යුතු...
2020-09-24 18:30:00
ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද වැදගත් වන ශාකයක් ලෙස ‘කොක්මොට’ හැඳීන්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් ලෙස හඳුන්වනු ලබන මෙම ශාකය රතු දත්ත පොතට...
2020-09-17 18:30:00
දත් මුල් දියවීමේ රෝගයට, විදුරුමසින් ලේ ගැලීමේ රෝගයට, ළාබාල අයගේ දත් සෙලවීමේ රෝගයට “අරළු” ගෙඩියක් අරගෙන හොඳට කුඩු කරල හොඳින් දත් මදින්න කියන්නෙ. අරළු...
2020-09-17 18:30:00
අප අවට පරිසරය තුළ දක්නට ලැබෙන තුරු ලතා අතුරින් ඉතා වැඩි ප්‍රමාණයක් කුමක් හෝ රෝගයක් සඳහා යොදනු ලබන ඖෂධ සංයෝග අඩංගු වේ. දේශීය වෛද්‍ය ක්රමයේ සහ...
2020-09-10 18:30:00
මුරුංගා මල් වලින් පිළියෙල කර ගත් සුප් ස්ත්‍රී හා පුරුෂයන්ගේ ලිංගික දුබලතා වලට ගුණදායක බව ඉන්දියානු ආයුර්වේද වෙදකමේ පැරණි පත්පොත්වල සඳහන් වී...
2020-09-10 18:30:00
දියවැඩියාව ඇතුළු රෝග රැසකට වහා ගුණ දෙන කෝවක්කා වැල ගම්බද ප්‍රදේශවල සුලබව දැකිය හැකි ශාකයකි. කෙම්වැල්, බිම්බීඵල ,කෝබෝවක්කා, තෙලන් කැකිරි නමින්...
2020-09-10 18:30:00