පියයුරු පිළිකා පිළිබඳව දැනගත යුතුම කරුණු

ජනවාරි 31, 2025

ලොව පුරා කාන්තාවන්ට බහුලම පිළිකා ආකාර දෙකෙන් එකක් වන පියයුරු පිළිකා තත්ත්වය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිර යන්නක් බවට පත්ව තිබෙනවා.

සංඛ්‍යා ලේඛනවලට අනුව 2022 වසරේදී ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් මිලියන 2.3 අලුතෙන් හඳුනාගෙන තිබනවා. මේ සංඛ්‍යාවෙන් 670000 ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. මේ අලුතෙන් සොයාගත් රෝගීන් ඊට කලින් වසරට වඩා 11.6% වැඩිවීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ගෙවෙන සෑම තත්පර 14කට වරක්ම ලොවේ කොතැනක හෝ කාන්තාවක් පියයුරු පිළිකා රෝගියකු ලෙස හඳුනාගැනීම සිදුවනවා.ඇමරිකා එක්සත් ජනපදයේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් 1 අයකුටම පියයුරු පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතිනවා. ශ්‍රී ලංකාවේද වඩාත් සුලබම පිළිකා තත්ත්වය ලෙස සැලකෙන මෙය 2005 වසර වන විටදී සෑම පුද්ගලයන් 100000ටම 18.4 ලෙස පැතිරීමේ හැකියාවක් පැවැති අතර එය 2019 වන විට සෑම පුද්ගලයින් 100000ටම 33.5 දක්වා ආසන්නව දෙගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා.

පියයුරු පිළිකා ඇතිවීමට හේතු

මේ රෝගී තත්ත්වය සඳහා බලපාන හේතු කාරණා ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්නට පුළුවන්. ඒ ජානමය බලපෑම හෝ පවුල් පසුබිම, වයස සහ ජීවන රටාව ලෙසයි.

රෝග ලක්ෂණ

පියයුරෙහි ඇතිවන වේදනාවක් නැති ගැටිත්තක් හෝ තද වීමක්.

පියයුරෙහි ප්‍රමාණය සහ පෙනුම වෙනස්වීම.

පියයුරෙහි සම මතුපිට රතු වීම් හෝ විවිධ ගැටිති ඇතිවීම.

තන පුඩුව පැතලි ස්වභාවයක් ගැනීම.

තන පුඩුවෙන් රුධිරය හෝ වෙනයම් ශ්‍රාවයක් පිටවීම.

ජානමය බලපෑම හෝ පවුල් පසුබිම

ඕBRAC1,BRAC2 ~ƒ PALB -2 යන ජානවල ඇතිවෙන විකෘතිතාවයන් හේතු කොටගෙන පියයුරු පිළිකා වැලඳීමේ අවදානම් වැඩිවෙනවා.

ඔබගේ පවුලේ වැඩිහිටි පුද්ගලයන්ට පියයුරුවල පිළිකා තත්ත්වයක් ඇති වී තිබේ නම් ඔබටද පියයුරු පිළිකා වැලඳීමේ අවදානම ඉහළ යනවා.

වයස

වයස අවුරුදු 50 වඩා වැඩිවන විට පියයුරු පිළිකා අවදානම වැඩි වන අතර. පිළිකා තත්ත්වය ඇතිවීමේ සාමාන්‍ය වයස ලෙස වයස අවුරුදු 63 දක්වන්නට පුළුවන්.

ජීවන රටාව

හෝමෝන රටාවේ සිදුවන වෙනස්කම්

හෝමෝන ප්‍රතිස්ථාපන ක්‍රම ලෙස හෝ වෙනත් ඖෂධ ලෙස ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් වසර පහකට වඩා වැඩි කාලයක් එක දිගට භාවිත කිරීම මේ අවදානම වැඩි කිරීමට හේතු වනවා.

සමහර උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමද මේඅවදානම් වැඩි කිරීමට හේතුවේ.

මත් වතුර භාවිත කිරීම

මත් වතුර භාවිත කරන කාන්තාවන්ට පිළිකා අවදානම ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බව සොයාගෙන තිබෙනවා.

තරබාරුව සහ අධිබර

සිරුරේ බර පාලනය නොකර ගැනීම සහ තරබාරු සහ අධිබර අවස්ථාවන්වල ජීවිතයේ දිගු කලක් ජීවත්වීමම නිසා පිළිකාව අවදානම ඉහළයයි.

ද්විතීක දුම් පානයට ලක්වීම සහ විකිරණවලට මුහුණ දීමද පිළිකා අවදානම වැඩි කිරීමට හේතුවේ.

 

පියයුරු පිළිකා වර්ගීකරණය

පියයුරු පිළිකා බොහෝ Carcinoma හෙවත් Epithelial Tissues නම් ශරීරයේ අවයව අභ්‍යන්තරයන් ආවරණය කරන පටක වල ඇතිවෙන පිළිකා තත්ව ලෙස සලකන්නට පුළුවන්. මෙම් Carcinoma නම් තත්ත්වය පියයුරුවල හටගැනීමේ කිරි නිෂ්පාදනය කරන ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවන නිසා Adenocarcinoma  ලෙස විශේෂව හඳුන්වන්නට පුළුවන්. එම පිළිකා වර්ගයේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කිරීමේ හැකියාව පවතිනවා .A Non- Invasive/In Situ  (පැතිර නොයන )සහ Invasive (පැතිර යන ) ආදී ප්‍රධාන කොටස් දෙකයි. එහිදී පළමු ආකාරයේ පිළිකා ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවී පියයුරුවල වෙනත් පටක දක්වා පැතිරීමක් සිදුවන්නේ නෑ. එහෙත් Invasive ආකාරය ග්‍රන්ථිවලින් ආරම්භ වී පියයුරුවල අනෙක් පටක දක්වා ද පැතිර යාමට හැකියාව පවතිනවා.

Non Invasive ආකාරය තවත් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර දක්වන්නට පුළුවන්.

Ductal Carcinoma In Situ (DCIS)

මෙය සුලභම Non - Invasive ආකාරයයි. පිළිකා සෛල ක්ෂීර ප්‍රනාලයට පමණක් සීමාවන අතර පියයුරු පිළිකාවල මූලික ආකාරය ලෙසද දක්වන්නට පුළුවන් .

Lobular Carcinoma In Situ (LCIS) Non- Invasive පියයුරු පිළිකාවල සුලභ නොවන ආකාරය ලෙස දක්වන්නට පුළුවන්. පිළිකා සෛල පියයුරු කණ්ඩිකා අතරට පමණක් සීමා වී පවතී.

Invasive  පිළිකා ආකාරය නැවත ප්‍රධාන කොටස් 5කට ප්‍රධාන වශයෙන්ම වර්ග කිරීමේ හැකියාව පවතිනවා.

Invasive Ductal Carcinoma (IDC)

වඩාත් සුලභම Invasive ආකාරයයි. පියයුරු පිළිකාවලින් 80% පමණ මේ යටතට ගැනෙනවා. ශරීරයේ වසා වාහිනී පද්ධතියට සහ අනෙකුත් පටක දක්වා පැතිරී යාමේ හැකියාව පවතී.

Invasive Lobular Carcinoma (ILC)

පියයුරු පිළිකාවලින් දෙවැනියට වඩාත් සුලභම ආකාරයයි. වසා වාහිනී පද්ධතියට සහ සිරුරේ අනෙක් කොටස් දක්වා ද පැතිරිය හැකිය.

මීට අමතරව

Inflammatory Brest Cancer
Mucinous Carcinoma
HR- Possitive Brest Cancer
 

ප්‍රතිකාර

දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී ගෙඩි වන සහ පිළිකා ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රමයේදී පියයුරු පිළිකාවලට ප්‍රතිකාර කිරීම සිදුවනවා. එහෙත් පිළිකා තත්වය මූලික අවස්ථාවේදීම හඳුනා මේ සඳහා අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම Invasive  ආකාරයේ පියයුරු පිළිකාවන් කල්ගත වීමේදී ශරීරය පුරාම පැතිර යෑමේ හැකියාව පවතිනන නිසා ප්‍රතිකාර කිරීම ඉතා අසීරු වන්නට පුළුවන්. එමෙන්ම මේ සඳහා සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතාම වැදගත්. ප්‍රතිකාරවලටත් වඩා ඔහුගේ නිවැරදිව හඳුනාගෙන විනිශ්චය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ හැකියාව පවතින්නේ අදාළ වෛද්‍යවරයාගේ සුදුසුකම් සහ පළපුරුද්ද මතයි. නිවැරදිව සිදු කරන රෝග විනිශ්චය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ වාර්තා වුවත් භාවිත කරන්නට පුළුවන්. මේ ප්‍රතිකාර ක්‍රමවලදී සිරුර අභ්‍යන්තරයට ලබාදෙන කල්ක, කසාය සහ ආසව /අරිෂ්ඨ මඟින් පිළිකා සෛලවල වර්ධනය වැළැක්වීමට කටයුතු කරන අතර පාරම්පරික ආලේපන සහ තෙල් වර්ග බාහිරයෙන් පිළිකා සෛලවල ව්‍යාප්තිය නැවැත්වීමට කටයුතු කරනවා. මේ ප්‍රතිකාරත් සමඟ ජීවන රටාවේ වෙනස්කම් සිදු කරගෙන නිවැරදි ආහාර රටාවකින් යුතුව අවශ්‍ය පරිදි ව්‍යායාම සිදු කිරීමද රෝගියා කළ යුතුමය. අදාළ පිළිකා තත්ත්වයේ ස්වභාවය සහ පැතිරීම ප්‍රතිකාරවල ප්‍රතිඵල දායකභාවය සහ ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය වෙනස් වන්නට පුළුවන්. සෑම විටම ප්‍රතිකාරවලට වඩා රෝගය වළක්වා ගැනීමට කටයුතු කුමන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කළත් වැදගත් බව මතක තබාගන්න.

 

වළක්වා ගැනීමේ පියවර

සිරුරේ බර පාලනය කරගන්න. මේ සඳහා පෝෂ්‍යදායී ආහාර සහ ව්‍යායාමවලට හුරු වන්න.

සතියකට අවම වශයෙන් මිනිත්තු 75ත් - 150ත් අතර මධ්‍ය සහ ඉහළ තීව්‍රතාවය සහිත ව්‍යායාමවල යෙදෙන්න.

මත් වතුර සහ දුම්පානය නවත්තන්න.

එළවළු, පලතුරු, පලා වර්ග සහ ධාන්‍ය වර්ග සහිත සමබල ආහාර වේලක් සෑම විටම ලබාගන්න.

අනවශ්‍ය පරිදි උපත් පාල ක්‍රම අනුගමනය කිරීමෙන් වළකින්න..

අර්ථවහරණයෙන් පසුව හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර සඳහා යොමුවීම හැකිතාක් අවම කරන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.