ලුණු අධික සීමා කරන්න

අප්‍රේල් 1, 2022

මිනිස් ඉතිහාසයේ සොයාගත් පැරණිම රසකාරකය වන්නේ ලුණුයි. රසකාරකයක් ලෙස සොයාගත් ලුණු පසු කලෙකදී ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස ද භාවිතයට ගැනිණි. කාන්තාවන්ගේ ආර්තව වේදනාවට ප්‍රතිකාරකයක් ලෙස මෙන්ම මානසික අවපීඩනය මැනීමේ ඖෂධයක් ලෙස ද අතීතයේ දී ලුණු භාවිතයට ගෙන තිබේ.

ලුණු අපේ ශරීරයේත් තිබෙනවා

ඔබේ ගතින් ගලන දහදිය ස්වල්පයක් තොල ගා බලන්න. ඇඟිල්ලක් කැපුණු විට ගලන රුධිරය ස්වල්පයක් තොල ගා බලන්න. ලුණු රසයක් දිවට දැනුණා නේද? එසේනම් අපේ ශරීරයේ ලුණු ඇති බවට එය කදිම සාක්ෂියකි.

ලුණු අපේ ශරීරයට අවශ්‍යයමද?

අධික ලුණු භාවිතය මාරාන්තික රෝගවලට මුලක් ලෙස සලකනු ලැබූවත් ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් අපේ ශරීරයට අත්‍යවශ්‍යය. එහෙත් ප්‍රමාණය ඉක්මවා ලුණු භාවිතයට ගතහොත් අහිතකර ප්‍රතිඵල ලැබීම ද නියතය. විශේෂයෙන් ශරීරයේ අස්ථිවල ශක්තිමත් බව, සමේ ආරක්ෂාව, රුධිරයේ ර්‍ථඩ් අගය පවත්වා ගැනීමට, ස්නායු ක්‍රියාකාරීත්වය, පේශිවල සංකෝචනය සහ දිග හැරීම, හෘද ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට ලුණු අත්‍යවශ්‍යය. යම් හෙයකින් ලුණු වැඩිවීමෙන් හෝ අඩුවීමෙන් මේ සියලු අවයවවලට සහ ක්‍රියාකාරීත්වයන්වලට අහිතකර බලපෑම් ඇතිවේ.

ලුණු වැඩිපුර අඩංගු ආහාර

කරවල, කිවුල් ජලය, ජාඩි, අච්චාරු, සේවරි බිස්කට්, සෝස්, සුප් කැට, ලුණු මිශ්‍ර රටකජු, චිලි පේස්ට්, මාමයිට්.

ලුණු වැඩි වූ විට සිදුවන්නේ කුමක්ද?

ආහාරයේ ලුණු රස වැඩි වූ විට ආහාර රස වි¼දීම අපහසුය. ලුණු වැඩි වශයෙන් එක්කළ ආහාර ගැනීමෙන් අධි රුධිර පීඩනය, ආමාශ පිළිකා, ඔස්ටියෝපොරෝසීස්, වකුගඩු රෝග, හෘදයාබාධ, අක්මාව දුර්වල වීම වැනි රෝගාබාධ හට ගැනීමේ අවදානම ඉහළ යයි. අධික ලුණු භාවිතයෙන් ප්‍රතිශ්ක්තිකරණ පද්ධතිය ද දුර්වල වෙයි. ලුණු අඩු වීමත් අහිතකරයි. අපේ ශරීරයට ලුණු අත්‍යවශ්‍යය. එබැවින් යම් ලුණු ප්‍රමාණයක් දිනපතා ශරීරයට ලැබිය යුතුය. එසේ නොවුණු විට ස්නායු දුර්වල වීම, රුධිරයේ ර්‍ථඩ් අගය පහතට වැටීම, පේශි ශක්තිමත් බවින් අඩුවීම වැනි රෝගාබාධ හට ගනී.

දිනකට ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණය

අපේ ශරීරයේ 4– 6% ක් පමණ ප්‍රමාණයක් සෑදී තිබෙන්නේ ඛනිජ වර්ගවලිනි. එවැනි ඛනිජ වර්ග 24 ක් අපේ ශරීරයේ තිබේ. සෝඩියම් ක්ලෝරයිඩ් (ලුණු) ලෙස හැඳීන්වෙන ඛනිජ වර්ගය ද එයින් එකකි. ශරීරයට දිනකට ලුණු අවශ්‍ය වන්නේ ග්‍රෑම් 1.5 – 6ක් තරම් ඉතා සුළු ප්‍රමාණයකි.

කෘත්‍රිම ලුණු

ලුණු ලේවායන්වලින් නිපදවා ගන්නා ස්වභාවික ලුණු වෙනුවට කෘත්‍රීමව නිපදවා ගන්නා ලුණු අද ලෝකය පුරා ආහාර නිෂ්පාදන සඳහා භාවිතයට ගැනෙමින් තිබේ. විශේෂයෙන් එය මිලෙන් අධික නොවීමත්, පහසුවෙන් ඉතා සුළු ප්‍රමාණයක් මඟින් වැඩි රසයක් ලබා ගැනීමට හැකි වීමත් කෘත්‍රීම ලුණු ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුවයි. කෘත්‍රීම ලුණු භාවිතය ඉතාම අහිතකරය. කෘත්‍රිම ලුණු අඩංගු අල පෙති, සොසේජස්, හැම් බේකන්, රටකජු, සෝස්, සුප්කැට වැනි සකස් කළ ආහාර ශරීරයට ඉතා අහිතකරය. එබැවින් මෙවැනි ආහාරවලින් ඈත්වී සිටීම ශරීර සෞඛ්‍යයට

ඉතා යහපත්ය. පොටේටෝ චිප්ස් (බැඳපු අල පෙති), අච්චාරු සකස් කළ සැකසූ මස් හා මාළු වර්ග, හැම් බේකන් වැනි ආහාරවල ලුණු ඉතා අධිකව ඇතුළත්ව තිබේ. මෙවැනි ආහාර නිතර ගැනීම ශරීරයට නුසුදුසු බව මතක තබා ගන්න.

ලුණු වඩාත් අහිතකර පුද්ගලයින් අධි රුධිර පීඩනය, අක්මාවේ රෝග, හෘද රෝග, රුධිර නාළ සිහින් වීම, වකුගඩු රෝග වැනි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ලුණු වැඩි වශයෙන් ආහාරයට ගැනීම අහිතකරය. මෙවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් මත ලුණු අවම ප්‍රමාණයෙන් ආහාරයට එකතු කර ගැනීම කළ යුතුයි. වකුගඩු රෝගීන් ලුණු ආහාරයට ගැනීමෙන් වකුගඩු ඉදිමීමට ඇති ඉඩකඩ ඉතා විශාලය. එබැවින් වකුගඩුවලින් මූත්‍ර පෙරීම ක්‍රමවත්ව සිදු නොවන හෙයින් වැඩිපුර ලුණු ශරීරයෙන් ඉවත්වීම නිසි ලෙස සිදු නොවේ. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකු වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් අංශභාගය සෑදීමේ ඉඩකඩ වැඩි වෙයි. වකුගඩුවලින් ඉවත් කරන ලුණු ක්‍රමවත්ව ඉවත් නොවුණු විට රුධීරයේ ලුණු පරිමාව වැඩි වේ. එය අධිරුධිර පීඩන තත්ත්වය ඉහළ දැමීමට හේතුවකි. ලුණු ආහාරයට ගැනීම සහ හෘදයාබාධ අතර ද විශාල සම්බන්ධයක් තිබේ.

ශරීරයේ ඇති වැඩි ලුණු ඉවත් වන්නේ කෙසේද?

මෙය ක්‍රම දෙකකට සිදුවේ. එනම් අප ශරීරයෙන් පිටවන දහදිය සමඟ මෙන්ම මූත්‍ර සමඟ ලුණු පිට වෙයි. වැඩි ලුණු ප්‍රමාණයෙන් 1/3 ක් දහදිය සමඟ ද, 2/3 ක් මූත්‍ර සමඟ ද පිටවේ.

ලුණුවලට ඇබ්බැහි වීම හඳුනාගත හැකි ක්‍රම

අප ගන්නා ආහාර සඳහා තුන් ආකාරයකට ලුණු එකතු වේ. එනම් ආහාර පිළියෙළ කිරීමේදී, පිසීමේදී හා කෑම මේසයේදීය. එබැවින් අප ගන්නා ආහාරවල තිබෙන ලුණු ප්‍රමාණය මෙතරම් යැයි ප්‍රමා‍ණනය කළ නොහැක. විශේෂයෙන්ම ලුණුවලට සුවඳක් නොමැති හෙයින් ආහාරවලට යොදන ලුණු ප්‍රමාණය මදිද? වැඩිද? යන්න දැනගත හැකි ආකාර කීපයකි.

තවත් ලුණු වර්ග

මොනෝසෝඩියම් ග්ලූටටේට් (ර්ඉට්) නමින් හඳුන්වන රසකාරකය තවත් ලුණු වර්ගයකි. එය ආහාරයට එකතු කිරීමෙන් ප්‍රණීත රසයක් ලැබිය හැකි වුවත් ශරීරයට ඉතා අහිතකරය. විවිධ ආහාර සඳහා එක් කරන බේකින් පවුඩර් ද ලුණු වර්ගයකි. එයද පමණට වඩා ආහාරවලට යෙදීම ද අහිතකරය. සකස් කළ ආහාර හා බේකරි කෑමවල මෙන්ම චීන කෑමවල මෙවැනි කෘත්‍රීම ලුණු බහුලව අඩංගුය.

අයඩීන් මිශ්‍ර ලුණු. සාමාන්‍ය ලුණුවලට අයඩින් මිශ්‍ර කළ විට ඒවා අයඩීන් ලුණු ලෙස හැඳීන්වේ. විශේෂයෙන් මෙරට ජනතාව අතර අයඩීන් ඌණතාව මඟහරවා ගලගණ්ඩය නම් රෝගය වළක්වා ගැනීමට අයඩීන් මිශ්‍ර ලුණු භාවිතය ඉතාම යහපත්ය.

ලුණු සහ ගැබිනි මව්වරු

ගැබිනි මව්වරුන්ට අධිකව ලුණු සහිත ආහාර නුසුදුසුය. විශේෂයෙන්ම ර්ඉට් වැනි කෘත්‍රීම ලුණු යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුය. යම් හෙයකින් ගැබිනි මවකට අධි රුධිර පීඩනය ඇත්නම් ලුණු යෙදූ ආහාර භාවිතයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍යය. එය මවගේ මෙන්ම කුසෙහි සිටින දරුවාගේ ද යහපත පිණිසම හේතු වේ.

වසරක් ගතවනතුරු

ළදරුවන්ගේ ආහාරවලට ලුණු මිශ්‍ර නොකරන්නේ ඇයි?

වසරක් ගතවනතුරු ළදරුවකුට ලුණු මිශ්‍ර කළ ආහාර නොදීමෙන් වැළකී සිටින ලෙස වෛද්‍යවරුන් පවසන්නේ අනවශ්‍ය ලුණු ඉවත් කිරීමට තරම් ළදරුවාගෙ වකුගඩු ශක්තිමත් නොවීම නිසයි. එසේ ලුණු නොදුන්නැයි කියා දරුවාට කිසිදු අයහපතක් වන්නේ නැත. එමෙන්ම කුඩා කල සිට අඩුවෙන් ලුණු ආහාරයට ගැනීමට පුරුදු කිරීම ශරීර සෞඛ්‍යයට ඉතාම හිතකරය.

රඹුක්කන

කීර්ති එස්. කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.