ඔබ දකින සිහිනයේ සුබා සුබ

මාර්තු 11, 2022

සිහිනය යනු සිත තුළ උපදින චිත්ත ආවේගවල සේයාවකැයි සමහරු කියති. තවත් විටෙක සිහිනය යනු අනාගතය දකින චිත්ත බලවේගයකැයි තවත් සමහරු කියති. මේ කොයි හැටි වෙතත් සිත තුළ උපදින යහ සිතිවිලි යහපත් ලෙසටත්, සිත තුළ උපදින අයහපත් සිතිවිලි අයහපත් ලෙසත් නිදියහනේ දකිද්දී එය ඉටුවන හා නොවන බලාපොරොත්තු ලෙස වෙන් වෙන්ව අප ඉදිරියේ දිග හැරෙන චිත්ත රූප සමූහකයැයි අපට සිතීමට පුළුවන.

1.දේවතාවියක් හීනෙන් දැකීම – අලුත් ඇසුරක ඇරඹුම, බලාපොරොත්තු ඉටුවීම

2.දෙවඟනන් සිහිනෙන් දැකීම – අලුත් බලාපොරොත්තු ඉටුවේ, ධනය ලැබේ

3.රජවරු දැකීම – ජය නියතයි. සිතේ අදහස් ඉෂ්ට වේ

4.තාරාවෝ දියෙහි පිහිනීම – විදේශ රටකට යාමට හැකිවේ. පි‍්‍රය බිරිඳක් ලැබේ.

5.සුදු එළදෙනුන් දැකීම – පෙර පිනෙන් ධනය ලැබේ. හොඳ දරුවන් ලැබේ

6.තරු දිලිසෙනවා දැකීම – වස්තු ලාභ, අලුත් ඉඩම් තමාට හිමිවීම, අවිවාහක මාමාගේ දේපල ලැබීම

7.තමන්ගේ පැලක තනිවම වාසය – සැප ගෙන දේ. දේපල, ධනය මාමාගෙන් හිමිවේ.

8.දුර්වර්ණ වස්ත්‍ර (ඇඳුම්) දැකීම – මරණය ළඟාවීමකි. ජීවිතයේ කෙළවර ඔබ සිටී

9.කළු තාරාවකු අපිරිසුදු ජලයේ නෑම – තම මවගේ මරණය සිදුවේ.

10.සුදු එළදෙනුන් දැකීම – පෙර පින මතුවේ. දියුණු වේ.

11.කාන්තාවකට බලහත්කාරකම් කර නිරුවත් කර සරුවත් බීම – පේ‍්‍රම සබඳතා කැඩීයන තත්ත්වයකට පත්වේ.

12.විහාරයකට මල්පූජා කිරීම – සතුට ළඟාවේ. බලාපොරොත්තු ඉටුවේ.

13.මාළුවන් රංචුවක් තමා දියට බැස්සවිට තමා වටා රොක්වීම –අලුත් බලාපොරොත්තු ඉටුවේ, කාන්තාවන් සමඟ රහසින් බැඳී අහසින් යයි.

14.තමාගේ පොරොන්දු ඉටුවීමක් දැකීම – පවුලේ කෙනකුගේ වියෝවක් ළඟදීම සිදුවේ.

15.වලස් තඩියකු සමඟ පොර බැදීමෙන් ජය ගැනීම –තමන්ට විශාල ධනයක් හිමිවේ– වලහා මලානම් මරණයක් අතළඟ

16.පිඹුරකු තමාව වෙලාගැනීම දැකීම – සිරගතවීමට සිදුවේ. කලකෝලාහල වලට මැදිවේ.

17.කපුටකු හිසේ වසා පැහැරීම දැකීම – බිරිඳ තරුණයකු සමඟ හොර මනමාලගම් යයි. ටික කලකින් දරුගැබක් සමඟ පැමිණේ.

18.මනාලියක් වී දැකීම – තමාට අංශභාගය වැනි අසනීප සැදී මියැදේ.

19.පලාපෙත්තෙකු ගින්නට හසු වී ඌ දඟලා මියයෑම – බිරිඳගේ හදිසි මරණයකි.

20.තමාගේ හිස තමන්ම මුඩු ගා ගැනීම – කාන්තාවක් නිසා මහත් නින්දාවට පත්ව වස බී අනූනවයෙන් බේරේ. ලැජ්ජාවට ගම රට අතහැර යයි.

21.සුදුගවයින් දැකීම – සුබ ලකුණකි. හොඳ විවාහයක් සිදුවී ජීවිතය උසස් වෙයි.

22.මයින් පොරය – මාමාට මාරකයි

23. නයි පොරය – නෑනාට අපලයි

24.රන්වන් මාලිගයක් ජලයෙහි පාවෙමින් යාම – හොර සතුරු බියකි පවුලේ සමගියට බාධා

25.දෙවඟනන් දැකීම – ඉතා හොඳයි. අගහිඟකම් මඟහැර ලොකු මුදලක් අතට ලැබේ

26.අණබෙරකරුවා දැකීම – සැපවත් ජීවිතය ගතකිරීමට තිත,දුක්බර ජීවිතයක් ගතකිරීමට සිදුවේ.

27.වධකයකු දැකීම –වධ කරදර ළඟා කරයි. සැනසීම නැතිවේ

28.තබ්ලා වයන්නකු දැකීම – මාරක පිම්මක් පනී

29.ඉබ්බෙක් අහසින් යාම – විදේශ රටකට යාමට සිදුවේ

30.පරවුණු නෙළුම් මල් දැකීම – නින්දාවට ලක්වීම වළක්වන්න බැරිවේ.

31.ගුවනේ යානයක් ගින්නෙන් දැවීම – විදේශගත කෙනෙකු මියයාමක් අසන්නට ලැබේ.

32.ඇවිලෙන සොහොන – දුක් කරදර ගොන්නක් ඔබ ලුහුබඳී.

 

ලියන්නේ ඡ්‍යොතිෂවේදී ගොඩගම

ජයසේන ජයසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.