ඉර මුදුන්වීමත් සමඟ ඇහිබැමයට තද වේදනාවක් සමඟ ඇතිවන ඉරුවාරදය

පෙබරවාරි 11, 2022

 

වාත කෝප වීමෙන් හටගන්නා වූ ශිරෝ රෝග වාතයෙන්, සෙමෙන්, පිතෙන් යන තුන් දොසින් හට ගනු ලබන රෝගයක් මෙන්ම රෝග ලක්ෂණයක් ද වෙයි. වාතයේ කෝපතාවය වැඩිවුණාම හිසේ වේදනාව හටගනී. එම වේදනාව සමඟ ඇස්වල හා නාසයේ බර ගතියක් ඇතිවේ. උදය කාලයේදී සාමාන්‍යයෙන් හටගන්නා වූ ඉරුවාරදය දහවල් කාලය වන විට හිසේ වේදනාව අධික වී ඉර බැසයන විට අඩුවේ.

 

මෙය සූර්යාවර්තය නමින් ද හැඳින්වේ. ඉර මුදුන් වීමත් සමඟ ඇහි බැමයට තද වේදනාවක් ගෙන දෙන අතර ඇසින් කඳුළු වැගිරීමක් ද ඇතිවේ. ඇහි බැම උඩ ඉදිමීම නාසය දෙපැත්තේ කේඨ ග්‍රන්ථිවල ඉදිමීම මෙහි ලක්ෂණ වේ. මානසික ආතතිය, නිදිවැරීම, අධික ලෙස මත්පැන් පානය කිරීමද හේතු වේ. මේ අතර හිසරදයේදී තවත් වැදගත් කරුණක් වන්නේ පවුල් ඉතිහාසය පිළිබඳව ද මේ වෛද්‍යවරයා විමසන විට සත්‍ය කරණු පැවැසීමයි.

නිසි වේලාවට ආහාර නොගැනීම හිසරදය ඇතිවීමට හේතුවකි. පාසල් දරුවන්ට ද හිසරදය බෙහෙවින් වැලඳේ. මේ නිසා අධ්‍යාපන කටයුතුවලට ද ඇතිවන්නේ මහත් බාධාවකි. මේ තත්ත්ව බොහෝවිට ඇතිවන්නේ දරුවන්ට උදෑසන ආහාර වේල මඟහැරීමත් තද අවුවේ ඇවිදීමට හා සෙල්ලම් කිරීමට යෑමත් හේතුවෙනි. එමෙන්ම හිසරදයට තවත් හේතුවක් වන්නේ විෂබීජ ශරීරගත වීමයි. ඇස්වල ඇතිවන දුර්වලතා හේතුවෙනුත් හිසරදය ඇතිවේ. රුධිර පීඩනය වැඩිවීම කල්පනා කිරීම අධික වීම නිසාත් හිසරදය මෙන්ම ඉරුවාරදය ඇතිවේ. ඉරුවාරදය, මානසික ආතතිය, මානසික කම්පනය, වේදනාව, අධික දුම්පානය වගේම මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාද ඇතිවන හිසරදය කාන්තාවගේ මාසික වෙනස්වීම් නිසා ද ඇතිවේ.

හිසේ පැත්තක වේදනාවක් ඇතිවන ආලෝකය හා ශබ්දය නුරුස්සන ඉරුවාරදය පුරුෂ පක්ෂට වඩා කාන්තාවන්ට වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇත. නිතර නිතර පවතින නොරිස්සුම් ගතිය එක් තැන්වීමෙන් සිට බොහෝ වේලාවක් කල්පනාකාරීව සිටීම කේන්තියෙන් ශබ්දනඟා බැණ වැදීම, වේලාවට නොකා නොබී සිටීමෙන් ද ඉරුවාරදය වැලඳේ. ඉරුවාරදයේදී ශබ්දය හා ආලෝකය නුරුස්සනවා වගේම කෑමට ද පි‍්‍රයක් නොදක්වයි. ඈනුම් යාමක් ද සිදුවන අතර ඇස් ඉදිරියෙන් රිදී රේඛාවක් පෙනීම වගේම වමනේ යෑමක් ද සිදුවේ. ඉරුවාරදයේ මූලික ලක්ෂණය වන්නේ ඉර පායා ඒමත් සමඟ ඇස් යට කසන්නට ගැනීම හා කඳුළු ගැලීමයි. ඉරුවාරදය නිසා ඇතිවන හිසේ වේදනාවෙන් ඇස් අන්ධකාර වීම හා පෙනීමේ අඩුවක් ද ඇතිවිය හැකිය. හිසරදය දිගින් දිගටම එකම වේලාවකදී හට ගන්නේ නම් එය සුළුකොට නොතකා වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතුය. ඉරුවාරදය ඇතිවිට බොහෝ හේතු දැක්විය හැකිය. හිසට ආවරණයක් තොප්පියක් හෝ කුඩයක් නොමැතිව තද අවුවේ ගමන් කිරීම ඇස්වල හටගන්නා යම් යම් දුර්වලතාවන් නිසා ද ඒ තත්වය ඇතිවේ. දෑස්වල පෙනීමේ තත්ත්වයක් ද ඇතිවිය හැකිය. ඇසේ එක් පැත්තකින් පමණක් පෙනීම සිදුවේ. සමහර අවස්ථාවලදි ඇස් දෙකින්ම කඳුළු වැගිරීමක් සිදුවේ.

 

ඉඟුරු මිරිස් වියළි කසා කුඩු කර රෙදි කඩ කලවමි න
සොඳුරු විලස වැටිය තනා තලතෙල තෙමලා ගනිමි න
පැතිරු එගිනි නිවා එයින් නැගි දුම් නාසෙට ඉරු තැ න
ඉතුරු නොවී සැම හිස රද නසා සිතට සැප ගෙන දෙ න

 

තුවරලා හෙළ සඳුන් මහ නෙල් උපුල් කොළ අඹරා ගෙ න
ගැමකලා නල මලහි හිසරදේ යන්ට යයි හැර විගසි න
යොදවලා කොළ කොල්ලනුත් සිත පානුවෙන් එකළ නස්නි නා
අඹරලා හොර හරක් ගෙන නහළූහ ලෙස හිසරදය නා

 

හිසේ රුදාව හිසේ වේදනාව, හිසේ කැක්කුම, ඔළුවෙ කැක්කුම, ඔළුවේ වේදනාව, ඔළුව පැළෙන්න වගේ යනුවෙන් හඳුන්වන සඳහන් ශිර්ෂ රෝග එකොළහකට සම්බන්ධව පවතී. වාතජ ශිරෝ රෝගය පිත්තජ ශිරෝ රෝගය, කඵජ ශිරෝ රෝගය, සන්නිපාතජ ශි රෝ රෝගය, රත්තශිරෝ රෝගය,ධාතුක්ෂය ශිරෝ රෝගය, ක්‍රිමිජ ශිරෝ රෝගය සූර්යාවෘතය අනන්තවාතය, අර්ධවභේදකය . සංධකය ඉරුවාරදය, සූර්යාවෘතය ඉර මුදුන් වීමත් සමඟ ඇතිවන රෝගී තත්වයකි.

ඉරුවාරදයට තෙලක්

කුබුරුනික ද තිබ්බටු ලූනු වරණ කො ළ
සොදුරු යුෂ රැගෙන නැලි නැලි මෙමසක ල
මහරු එතෙල් නැලියක් පොල් කිරි දලා හැ ල
දෙදරු අසමොද වැල්මී ලූනු නුහෙ ල

 

නොමඳ ලෙස සමව අඹරා කල්ක එ ම
විනිදු නොව යොදා තෙල සිඳ පදමයට ම
පුරුදු ලෙස ලේප නස්න ද කළ මන ම

ඉසද ඇසළ හකු සහ මොළ මෙකී තැ න
රද ද සමඟ ඉරුවාරදය ද දරු න
එලෙස නිතර කිවිසුන් තද බලකර න
දුර ද වෙලා යයි පිනසද එකකි න

දසරුවෙන් පවතින රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඉරුවාරදය අර්ධාවභේදය වේ. ඉරුවාරදයෙන් වේදනාවට පත් බොහෝ දෙනකුට නියුරෝන නම් මොළයේ ස්නායු ශෛලවල වෙනස්වීම් ද ඇතිවේ. මෙහිදී මොළයේ ස්නායු ශෛලවලට සැපයෙන රුධිර ප්‍රමාණයේ අඩු වීමක් ද සිදුවේ. එමෙන්ම ඇසේ පීඩනය වැඩි වීමෙන් ග්ලූකෝමා රෝගී තත්ත්වය ද ඇතිවීමෙන් හිසේ අධික වේදනාවක් ද හට ගනී.

 

 

බත්තරමුල්ල, පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

සටහන – මාධ්‍යවේදි බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.