වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
පීනස් රෝගය ගැන දැනුම්වත් වෙමු
ජනවාරි 21, 2022

වර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝගයක් වන පීනස් රෝගය බෙහෙවින් පාසල් දරුවන් අතර පවතින බව පෙනී යයි. මේ තත්ත්වයට මූලික හේතුවක් වන්නේ දුම් දූවිලිවලට ලක්වීම , වැස්සට පින්නට අසුවීම, අවේලාවේ ස්නානය කිරීම හා කාලගුණික වෙනස් වීම පරිසරයේ වෙනස්වීම ආදි කරුණු ද වේ. සමහර දරුවන් පාසල් ගොස් පැමිණි වහාම සෙල්ලම් කර ආ විගස නෑමට හෝ ඇඟ සේදීමටත් දෙමාපියන් විසින් දරුවන් රාත්‍රි කාලයේදී නෑවීමට හෝ ඇඟ සේදීමටත් පුරුදුව සිටිති. මෙවැනි ක්‍රියාකාරකම් නිසා දරුවන් සෙම් රෝගීන් බවට ද පත්වේ. එමෙන්ම පීනස් රෝගයට ද ගොදුරු වේ.
ආයුර්වේදයට අනුව පීනස් රෝගය යනු නාසාගත හෙවත් නාසය ඇසුරු කරන රෝගයකි. ඒ රෝග තිස් එකක් අතරින් පීනස ප්‍රධාන වේ. මෙම රෝගය රෝගියා අධික පීඩාවට පත්කරන රෝගයක් වන අතර දවසේ ඕනෑම වේලාවක රෝග ලක්ෂණ පහළ කෙරේ.
පීනස යනු
“පීනසං සත්‍ය ඉති” යනුවෙන් ආයුර්වේදයේ දැක්වෙන්නේ පීනස් රෝගය පීතයෙන් හෙවත් ස්ථූලයන් නසාලන බවයි . පීනස් රෝගයට අපීනස, දුප්ඨප්රතිශ්යාව, ප්‍රතිශ්‍යාව. ජීර්ණානසාකලා ශොථය, නාසිකාමය යන නම්ද භාවිත කරයි.
පීනස ඇතිවන ස්ථාන
පීනස් රෝගය ඇසුරු කරන්නේ නාසයයි. නාසය ආශ්‍රය කළ පමණින් රෝග ලක්ෂණ නාසය තුළ පමණක් පහළ නොවේ. පීනස් රෝගයේදී උගුර, කන, නාසය, මුඛය, විදුරුමස, ඇස, දිව, තොල් , පපුව, උදරය, මුහුණ , දිව, හිස යන සෑම ස්ථානයකම රෝග ලක්ෂණ පහළ වෙයි. රෝගය ඇතිවීමට නාස්පුඩු තුළට දුම් දූවිලි ඇතුළුවීම ඍතුවිපර්යාසය, නිතර සීත ජලය, ස්නානය කිරීම නිදි වැරීම සහ දහවල් නිදා ගැනීම , සිසිල්ජලය පානය කිරීම , තෙතමනය හා පින්නට අසුවීමත් වායුසමීකරණය, කළ ස්ථානවල සිටීමත් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයත් , හිසේ ආලේප කරන ඇතැම් ආලේපන වර්ගත්, ඇතැම් ඖෂධ පාවිච්චි කිරීමත් , දුම්පානය හා මත්පැන්පානයත් දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී සිටීමත් ඇදුම රෝගයෙන් පෙළීමත්, වැටීමෙන්, තැළීමෙන් හිස තුවාල වීමත් ආදි කරුණු ද වේ.
වක්‍ර හේතු
පීනස් රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුන්ට සහාය දක්වන හේතුන් වක්‍ර හේතුන් ලෙස හඳුන්වයි. වක්‍ර හේතුන් දීර්ඝ කාලයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීනස් රෝගය ඇතිවෙයි. මළ මූත්රවේග බොහෝ වේලාවක් දරා සිටීම කඳුළු වේගයන් දැරීම, අධික මෙවුන්දම් සේවනය,අධික හැඬීම , අධිකව කථා කිරීම නිසා පීනස් රෝග ලක්ෂණ පහළ වෙයි.ඒ ඍජු හේතුන් හා වක්‍ර හේතුන් සම්බන්ධ වීමෙන්ය.
කිවිසුම් යාම හා සොටුදියර ගැලීම
පීනස් රෝගීන්ට උදෑසන කාලයේ අධිකව කිවිසුම් යෑම පවතින අතර නින්දෙන් පිබිදුණුවිටත් කිවිසුම්යාම ආරම්භ වේ. එය දහවල් කාලයේදීත් පවතී. ඊට අමතරව පරිසරයේ වෙනස්වීම් හා දුම් දූවිලි, මකුණු දැල් කැඩීමේ, දූවිලි ද නිසා කිවිසුම්යාම ඇතිවේ. සොටුදියර ගැලීම, කිවිසුම් යාම ඇතිවීමත් සමඟ නාසයෙන් ජලය මෙන් හෝ ඝන කහ පැහැති සොටුදියර ගැලීම ආරම්භ වේ.
ගඳ සුවඳ නොදැනීම හා රස නොදැනීම
පීනස් රෝගයෙන් පීඩා විඳිනවිට ගඳ සුවඳ දැනෙන්නේ නැත. දීර්ඝ කාලයක් පීනස් රෝගයෙන් සිටින්නන්ට ආහාරවල රස දැනීම ද අඩුවේ. එමෙන්ම පීනස් රෝගීන්ට නළල ප්‍රදේශයේ කැක්කුම ඇස් යට දැවිල්ල , ඇස් කැසීම, කන් කැසීම, උදේ පාන්දර හිසේ බර බව උදේ සහ රාත්‍රි උගුර කැසීම ද උග්‍ර සෙම් අවස්ථාවලදී දැකිය හැකිය. පීනස දීර්ඝ කාලයක් පැවතීමේදී විදුරු මසින් ලේ ගැලීම පවතින අතර දත් සෙලවීම දත් මුල්දියවීම, සහ මුඛයේ දුර්ගන්ධය ද ඇතිවේ. හිස කෙස් සුදු ගැන්වීමක්ද සිදුවේ. කෙස් ගැලවීයෑම තට්ටය පෑදීමද ඇතිවේ. පීනස් රෝගය කාලයක් පැවතීමේදී නාසයෙන් මස්දළු හට ගැනීමක්ද වේ. නාස් කුහරයේ එක් පැත්තක හෝ දෙපැත්තේම වර්ධනය වන්නාවූ ආගන්තුක අංකුර හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා නාස් කුහරයෙහි වීම දැවිල්ල ආදිය ද වෙයි.
කටහඬ වෙනස්වීම
කටහඬද වෙනස්වේ. උගුරේ බැරැන්ඩි ගතිය සෙම් පටලැවෙන ගතිය, කථා කිරීමේ අපහසුතාවය වගේම ඇස් පෙනීමේ දුරුවලතාවයක්ද ඇතිවේ. ඇතැම්විට ඇසේ දැලක් දැමුවාසේ පෙනේ. ඇස්වල දැවිල්ල කඳුළු ගැලීම හා පැහැදිලි රූප දර්ශන ද නොපෙනේ. පීනස් රෝගයේ ඇතැම් ප්රභේදවලදී නාසයෙන් ලේ ගැලීම සිදුවේ. සමහර විට වරින්වර නාසයෙන් ලේ ගැලීම හෝ සතියකට වරක් හෝ එසේ ලේ ගැලිය හැකිය. සමහර විට නාසයෙන් ලේ ගැලීම වෙනත් රෝග සඳහාද සිදුවිය හැකි බැවින් එවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
පීනස් රෝග ප්‍රභේද
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදි පීනස් රෝග ප්‍රභේද පහක් පෙන්වාදී ඇත. එහෙත් දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුව එම ප්‍රභේද දහ අටකි. වාතජ පීනස මෙය වාතය ප්‍රධාන කොට ඇති වෙයි. අධිකව කිවිසුම්යාම, කථාව ගොත ගැසීම, හිසරදය, නාසයෙන් ලේ ගැලීම, වේදනාව එහි ලක්ෂණ වේ. පිත්තජ පීනස පිත ප්‍රධාන වීමෙන් පීනස ඇතිවේ. මුඛය වියළීම, පිපාසය, රතුපාට හෝ කහපාටට සොටුදියර ගැලීම, උණ ඇතිවීම හා නාසයේ අග පැසවීම හා කිවිසුම්යෑම,කඵජ පීනස් සෙම ප්‍රධාන වීමෙන් පීනස ඇතිවේ. කැස්ස ආහාර අරුචිය, නාසයෙන් සොටුදියර ගැලීම, බර අඩුවීම , නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යෑමේදී දුර්ගන්ධයක් පිටවීම, ඇස් කැසීම, උගුර කැසීම, විදුරුමස්වලින් ලේ ගැලීම ද වේ. සන්නිපාතජ පීනස වාත පිත්ත කඵ යන අවස්ථා තුනම රෝග ලක්ෂණය වෙයි. නාසයෙන් දුගද වහනය වෙයි. ඇස් කැසීම, කන් කැසීම, උගුර කැසීම, විදුරුමස්වලින් ලේ ගැලීම, කටගඳ ගැසීම ආදී රෝග ලක්ෂණ මතු කෙරේ. රක්තජ පීනස නාසයෙන් ලේ ගැලීම හිසරදය නාසයේ බරගතිය ඇස් රතුවීම දුගඳ හැමීම නිතර කිවිසුම්යාම . නාසය තෙත් බව එහි රෝග ලක්ෂණයි.
පීනස් ප්‍රභේද දහ අට
ග්‍රහණි පීනස, ළය පීනස, මොළගන්ධ පීනස කණ්ඩමාල පීනස්, ශ්ලෙස්මා පීනස, පිත්පීනස, සෙම්පීනස, පණුපීනස, සොටුපීනස, නාගපීනස, ගල්පීනස, සුළංකණ්ඩ පීනස, සන්නිපාත පීනස, කරුප්පුවාතිල් පීනස, පාණ්ඩුපීනස,ආමන පීනස, තිත්තජපීනස,අර්බුද පීනස, යන්නයි. පීනස් රෝගයේදී ප්‍රතිකාර ලබා දිය යුතු වන්නේ ඒ ඒ රෝග වර්ගීකරණය කිරීමෙනි. ඒ අනුව දෙනු ලබන ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝගය සුව කරගත හැකිය.
දැනුුවත් බවට
පීනස් රෝගීන්ට රතුලූනු ගොටුකොළ සමව ගෙන කොටා මිරිකා යුෂ කෝප්ප එකකට මී පැණි හැන්දක් දමා උදේ හිස්බඩට පානය කිරීමත්, එළපිටක්කා , පාවට්ටා මුල්, රටඉඳි, මුද්දරන්පලම්, එළබටුමුල්, කටුවැල්බටු එකකින් කළං දෙක බැගින් ගෙන වතුර කෝප්ප අට එකට සිඳ කෝප්ප භාගය බැගින් උදේ , සවස තිප්පිලි හා ඉඟුරු කුඩු කළවම් කර පානය කිරීම ගුණදායකය. කෙසේ වෙතත් පීනස් ලක්ෂණ පහළවූ වහාම වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සුවකරගත හැකිය.
බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර
සටහන
මාධ්‍යවේදී
බී.ඇල්. පේ‍්‍රමරත්න
෴ සබැඳි ලිපි ෴
වෛද්‍යතුමියනි, ආයුර්වේදයේ නහර ගැටගැසීමේ රෝගය හඳුන්වා ඇත්තේ කෙසේද? ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගය ශල්‍යකර්මවලින් තොරව සුවකළ හැකි ද? ආයුර්වේදයේ...
2022-04-14 18:30:00
දරු උපතක් සිදුවන්නේ දරුවාගේ, පියාගේ, මවගේ යන තිදෙනාගේම කර්මානුරූපව බව මතක තියා ගන්න. දරුවකු අපේක්ෂා කරන තරුණ අම්මා යහපත් දරුවකු වෙනුවෙන් පළමුව...
2022-04-14 18:30:00
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද...
2022-04-07 18:30:00
බක් මාසයට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහළින් සැමරීමට සෑම සියලු දෙනාම දක්වන්නේ මහත් උනන්දුවකි. මේ නිසා කොතරම් අගහිඟකම් තිබුණත් ඒවා...
2022-04-07 18:30:00
මිනිස් ඉතිහාසයේ සොයාගත් පැරණිම රසකාරකය වන්නේ ලුණුයි. රසකාරකයක් ලෙස සොයාගත් ලුණු පසු කලෙකදී ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස ද භාවිතයට ගැනිණි....
2022-03-31 18:30:00
වකුගඩු මඟින් දේහ තරල / ජලය පිටවීම පාලනය කරයි. වකුගඩු රෝග උග්‍රවීමත් සමඟම දේහ තරල සමායෝජනය අඩපණ වී යයි. එනම් වකුගඩු රෝග උත්සන්න වීමත් සමඟ...
2022-03-24 18:30:00
රෝගයක් පරීක්ෂා කිරීමේදී නිදාන (හේතු) පූර්වරූප (Prodromal Symptoms) රූප (Signs symptoms) උපශය (Suitable or unsuitable factors)...
2022-03-17 18:30:00
ලොවක් නරඹන්නට හැකිවන පරිදි ස්වභාවධර්මයට අනුකූලව විශ්මිත දෑසක් ඔබට හිමි වීම ගැන සිතෙන්නෙ කුමක් වැනි හැඟීමක් ද? ඔබ ඇත්තටම සතුටු වෙනවාද? ඔබෙ ඇසක් වාගෙ...
2022-03-10 18:30:00
සිහිනය යනු සිත තුළ උපදින චිත්ත ආවේගවල සේයාවකැයි සමහරු කියති. තවත් විටෙක සිහිනය යනු අනාගතය දකින චිත්ත බලවේගයකැයි තවත් සමහරු කියති. මේ කොයි හැටි වෙතත්...
2022-03-10 18:30:00
ආයුර්වේදයේ මූත්‍ර පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝග ගණනාවක් දක්වා ඇතත් බහුලව ඇතිවන වේදනාව දාහය සහිතව මූත්‍ර පිටකිරීම නොහොත් ආයුර්වේදයේ දැක්වෙන “මූත්...
2022-03-03 18:30:00
නිහඬව ජීවිතය අපෙන් සොරා ගන්නා රෝග අතර දියවැඩියාව සිටින්නේ ඉදිරියෙනි. නමුත් එය පාලනය කරගත හැකිය. නමුත් එය මුලින්ම හඳුනාගෙන ඊට සරිලන ප්‍රතිකාර වලට...
2022-03-03 18:30:00
නිව්මෝනියාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදනය ඇති වන්නේ වෛරස බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදී විවිධ ක්ෂුද්...
2022-02-24 18:30:00
පළා වර්ග හා එළවළු වගා කිරීමේදී කෘමීන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට විවිධ කෘමිනාශක හා දිලීර නාශක වර්තමානයේ බහුලව යොදා ගනී. එළවළු හා පළා...
2022-02-24 18:30:00
දරුවන්ගේ ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපාන හේතුවක් වන්නේ යකඩ බහුල ආහාර නොගැනීමයි. මෙ නිසා කායික මානසික හා බුද්ධි වර්ධනයට එය බෙහෙවින් බලපායි. මෙම...
2022-02-17 18:30:00
වාත කෝප වීමෙන් හටගන්නා වූ ශිරෝ රෝග වාතයෙන්, සෙමෙන්, පිතෙන් යන තුන් දොසින් හට ගනු ලබන රෝගයක් මෙන්ම රෝග ලක්ෂණයක් ද වෙයි. වාතයේ කෝපතාවය වැඩිවුණාම...
2022-02-10 18:30:00
වර්තමානයේ වයස අවු. 50 පසු කළ බොහොමයක් පුද්ගලයන් හට මහත් පීඩාකාරී බවක් ගෙන දෙන රෝගයක් ලෙස වාතරක්ත රෝගය හැඳින්විය හැකි ය . මෙම රෝගය හටගනු ලබන්නේ ශරීරයේ...
2022-02-10 18:30:00