සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ සැලකිලිමත්ද?

ජනවාරි 7, 2022

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැලඳී ඇති අයකු අද සොයාගැනීමට අපහසු වන අතර මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට කිවිසුම් මඟින් කැස්ස මඟින් ස්පර්ශයෙන් ආහාරපාන මඟින් බෝවීමට හැකි ය.

 

 

කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති නොවීම සඳහා ආසාදනවලින් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු වාතාශ්‍රය සහ අවට පරිසරය යහපත් විය යුතු අතර වයස අවුරුද්දකට පෙර ලැබිය යුතු සියලු එන්නත් දිය යුතුයි. එවිට කක්කල් කැස්ස, ක්ෂය රෝගය, සරම්ප ඇතුළු ශ්වසන පද්ධතියේ සුලබව හටගන්නා දරුණු ආබාධවලින් ආරක්ෂා වේ.

 

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැලඳී ඇති අයකු අද සොයාගැනීමට අපහසු වන අතර මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට කිවිසුම් මඟින් කැස්ස මඟින් ස්පර්ශයෙන් ආහාරපාන මඟින් බෝවීමට හැකි ය.

ඔබේ සිඟිති දරුවාට වැඩිහිටි ඔබටත් වඩා නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනු ඇත. ඔබ සුළු කොට තැකූ සෙම්ප්‍රතිශ්‍යා වයිරසය ඔබේ නොසැලකිලිමත්කම නිසාම නිව්මෝනියා බවට පත්වීමට ඉඩ ඇත. බහුල වශයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවන්සා වයිරසයෙන් ආරක්ෂා නොවීම නිසා ලංකාවේ ළදරු මරණ හා වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව වැඩිහිටියන්ගේ නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත් බව ය.

එක් අයකුට ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ඇතිවිට තවත් අයකුට ඉක්මනින් පැතිරෙන අනාරක්ෂිත අන්දමට කිවිසුම් යෑම ඒ අය ඉතිරි කරන කෑම බීම ගැනීම බොහෝ පවුල්වල සිදු කරන කටයුත්තකි.

මෙයින් සිදු වන්නේ කෙළවලින් හා ශ්වසනයෙන් බෝවන වයිරසයෙන් ආරක්ෂා වී පවුලේ එක් අයකුගෙන් පැතිරීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරීයාමයි. මින් නොනැවතී පවුලේ අය හරහා ඇසුරු කරන අයටත් රෝගය ව්‍යාප්ත වනු ඇත. රෝගය සුව වීමට ප්‍රථම ළමුන් පාසලට යැවීමත් වැඩිහිටි අය රැකියාවට යාමත් සෙනඟ ගැවසෙන තැන්වල සිට ලේන්සුවකින් නාසය හා මුඛය වසාගන්නේ නැතිව කිවිසුම් යැවීමත් නිසා රෝග කාරකය නීරෝගි අයගේ ශ්වසන මාර්ගයට ඇතුළත් වේ.

සීතල ආහාරපාන වර්ග ගැනීම ඇල්වතුර බීම හේතුව වී ඇත. කෑම සහ ඇඟ සේදීම නිව්මෝනියා තත්ත්වය ඇති කිරීමට රුකුලක් වනු ඇත. දූවිලි සහිත පරිසරයක සිටීමද අහිතකරයි. සිගරට් දුම් සහ මුළුතැන්ගෙයිු ලිපෙන් පිටවන දුම්ද අහිතකර වේ.

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති අයකු සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් හුස්ම ගන්නා බව පෙනේ නම් මිනිත්තුවට වාර 50 ට වඩා හුස්ම ගන්නේ නම් හුස්ම ගන්නා විට පපුවේ පහළ කොටස (පර්ශු අතර හිඩැස් ප්‍රමාණය) සාමාන්‍ය පරිදි පිටතට ප්‍රසාරණය නොවී ඇතුළට නෙරන බවක් ඇතිවීමක් කිසිවක් බීමට නොහැකි තත්ත්වයක් රෝගියා දක්වන්නේ නම් නිව්මෝනියා තත්ත්වය විය හැකි බැවින් වහාම රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත රෝගියා ගෙන යා යුතුම වේ.

කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති නොවීම සඳහා ආසාදනවලින් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු වාතාශ්‍රය අවට පරිසරය යහපත් විය යුතු අතර වයස අවුරුද්දකට පෙර ලැබිය යුතු සියලු එන්නත් දෙන්න. එවිට කක්කල් කැස්ස, ක්ෂය රෝගය, සරම්ප ඇතුළු ශ්වසන පද්ධතියේ සුලබව හටගන්නා දරුණු ආසාදනවලින් ආරක්ෂා වේ.

මව්කිරි දීමත් මනා පෝෂණයකින් දරුවා තබා ගැනීමත් වැදගත් වන්නේ මව්කිරෙන් පෝෂණය වන දරුවන්ට වඩා දෙගුණයක් පමණ පිටිකිරි වැඩි වශයෙන් දෙන ළමුන්ට නිව්මෝනියාව ඇතුළු රෝග වැලඳීමට ඉඩ කඩ වැඩි බැවින් කහපාට අඹ, ලාවුළු, ගස්ලබු, තක්කාලි, තද කොළ පැහැති පළාවර්ග ආදිය ගැනීමෙන් නිව්මෝනියාවෙන් ආරක්ෂා වීමට පුළුවන.

කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති සෑම අයකුම මුල් දින කීපය (දින දෙකක්වත්) විවේකයෙන් සිටිය යුතු ය. අධි සීතල ආහාර පාන ගන්නේ නැතිව දියර වර්ග නිතර පානය කරන්න.

කැඳ වර්ග පලතුරු යුෂ ගන්න. වෛද්‍ය උපදෙස් නිසිපරිදි පිළිපැදීම ඉතාම වැදගත් බවද සිතට ගන්න. සෙම්ප්‍රතිශ්‍යාව, නිව්මෝනියාව තත්ත්වයට පත්කර නොගැනීමටත් සෙම්ප්‍රතිශ්‍යාව නොවැලඳීමට ඔබ ඔබ ගැනම සැලකිලිමත් වන්න. මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරී යන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හා උණ රෝගය පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න. එයින් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න.

 

උපදෙස්

වෛද්‍ය

නන්දා කස්තුරිආරච්චි

 

සටහන

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.