මධුමේහය හෙවත් දියවැඩියාව

දෙසැම්බර් 31, 2021

වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් ප්‍රමුඛව දක්නට ලැබෙන රෝග අවස්ථාවක් ලෙස මධුමේහය හැඳින්විය හැකිය. මෙය කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ක්‍රියාවලිය විෂමකාර රුධිරගත ශර්කරා අගය ඉහළ නංවන රෝගයකි.

මෙම රෝගයේදී රෝගියා මධුර (මී පැණි) හා සමාන රස හා ගන්ධ සහිත පදාර්ථ මුත්‍ර සමඟ පිට කරයි.

මෙම මධුරතාවය මුත්‍ර වල මෙන්ම ශරීරයේ ද පවතින බව ආයුර්වේද මූල ග්‍රන්ථ වල දක්වා ඇත. මුත්‍ර සමඟ මධුර පදාර්ථ පිට වීම (ඤඪචඡඥබඪජ ථඥතතඪබභඵ) හා මධුර පදාර්ථ නොමැතිව අස්වාභාවික ලෙස මුත්‍ර පිට වීම (ඤඪචඡඥබඪජ ධ්දජඪනඪඤභඵ) යනුවෙන් දෙආකාරයකි.

රෝග නිධාන හේතු

1.ආහාර හේතු

කෂාය, කටු, තික්ත ද්‍රව්‍ය අධිකව සේවනය

අතිශයින් රූක්ෂ, ලඝු , ශීතල ආහාර ඉතා අධික මාත්‍රාවෙන් සේවනය

කිරිවලින් සාදන ලද, විවිධාහාර නිරන්තර සේවනය මධුර, පිච්ඡිල අභිෂ්‍යන්ද, ගුරු ආහාර අධික සේවනය

01.විහරණ හේතු

දහවල් නින්ද, ව්‍යායාම නොකිරීම, අලසව ඇලී සිටීම , මල, මුත්‍රදී වේග දැරීම , අධිකව රාත්‍රී නිදි වැරීම

3.මානසික හේතු

විරහ, චින්තා, මානසික උද්වේග, ශෝක, සන්තාප

වෙනත් රෝග හේතුව

මේදෝ රෝග, අධික රක්තස්‍රාව, හෘද් රෝග, අත්‍යාවශ්‍ය හෝමෝන වල විකෘති

4.බීජ දෝෂ ජනිත සහජ හෝ ජාතජ පරම්පරාවෙන් පැවත ඒම

වර්තමාන පෝෂණ රටාවන් දෛනික චර්යාවන් මධුමේහ මෙතරම් ශීඝ්‍රයෙන් වර්ධනය වීම සඳහා ඉවහල් වන ප්‍රධානම හේතු වේ.

රෝග ලක්ෂණ

මුඛයේ පැණි රස ගතිය, අත් පා හිරිය, අත් පා දැවිල්ල , මුඛය, උගුර, තල්ල වියළීම, පිපාසය, අලස බව, තරබාරුව, අප්‍රාණික බව, දහදිය දැමීම, අධික බඩගින්න ඇතිවීම

මේ අතුරින් බහු මුත්‍රතාවය , අධික පිපාසය, විකෘති, සංවේදන, ශරීරයට දැනෙන අධික වෙහෙස, වරින්වර ඇතිවන දෘෂ්ටි ආබාධ රුධිර ගත ශර්කරා අගය ඉහළ නැගෙන විට පෙන්වන ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

මධුමේහ රෝගියා රෝග ආරම්භයේ බහුල වශයෙන් ස්ථුල පුද්ගලයකු වුවත් කාලයත් සමඟ කෘශ බවට පත් වේ. ස්ථුල හා කෘෂ මධුමේහ රෝගීන් සමාජයේ දක්නට ලැබේ

කාලීන උපද්‍රව

1.අක්ෂි විකෘතිතා (ඤඪචඡඥබඪජ පඥබඪදධනචබඩර)

2.වෘක්ක ගත ආබාධ ( ඤඪචඡඥබඪජ දඥනඩපධනචබඩර)

3.පාද කොථ (ඨචදඨපඥදඥ ධට ටඥඥබ ඪද ඤඪචඡඥබඥඵ)

4.ස්නායු විකෘතිතා (ඤඪචඡඥබඪජ දඥභපධනචබඩර)

සාධ්‍යාසාධ්‍යතාව

මධුමේහය මාරාන්තික රෝගයක් නොවේ. එහෙත් එමගින් ඇති කරනු ලබන සංකූලතාවයන් හා උපද්‍රව නිසා මරණය ළඟා කරවන රෝගයක් ලෙස හැඳින්විය හැක. මෙම රෝගය අසාධ්‍ය වේ. ඊට හේතුව මූත්‍ර සමඟ ඕජස බැහැර වීමයි. ඕජස යනු ශරීරයේ ප්‍රාණය ආරක්ෂා කර දීමත්, ප්‍රතිශක්තිකරණය ඇති කිරීමටත් දායක වන උත්තම ධාතුව වේ. මෙය මුත්‍ර සමඟ බැහැර වූ කල්හි රෝගියා මරණය කරා ක්‍රම ක්‍රමයෙන් ගමන් කරයි.

මෙම රෝගය සඳහා පූර්ණ සුවයක් ලබා ගැනීම සඳහා චිකිත්සාවක් මෙතෙක් සොයා ගෙන නොමැත. නමුත් රෝගය පාලනය සඳහා අනිවාර්යයෙන්ම ආහාර රටාව හා දෛනික චර්යාවන් වෙනස් කර ගැනීම තුළින් හා දෛනික චර්යාවන් වෙනස් කර ගැනීම තුළිදී සිදු කළ හැකිය.

බොහෝ විට තිත්ත රස, කෙඳි බහුල, පිටි රස අඩු එළවළු වර්ග සුදුසු වේ. කරවිල, වැටකොළු, බණ්ඩක්කා, ළපටි බෝංචි, මෑ කරල්, දඹල, කංකු, කැකිරි, කෙසෙල්මුව, පිපිඤ්ඤා, පළා වර්ග

පලතුරු ලෙස ඇඹුල් කෙසෙල්, නෙල්ලි, ජම්බු ,ඇඹරැල්ලා, පිනිජම්බු, මාදං, කජු පුහුලන්, ඔසු පැන්, බෙලි කොළ, බෙලි මල්, රණවරා මල්, රණවරා කොළ, කොතලහිඹුටු මුල්, වියළා ගන්නා ලද මාදං ඇට දැක්විය හැකිය.

ආහාරයට නොගත යුතු ආහාර පාන වනුයේ සීනි, රටඉඳි, චොකලට්. කේක්, අයිස්ක්‍රීම්, ටින්කිරි, හකුරු, සිරප් වර්ග, ජෑම්, රසකැවිලි වර්ග, පුඩිං , පැණි, පැණිරස බිස්කට්, ටොෆි, පලතුරු බීම, වටලප්පන් , ක්ෂණික ආහාර, පාන් පිටි සහිත ආහාර වේ.

අර්තාපල්, වට්ටක්කා, කොස්, දෙල්, බතල, අළු කෙසෙල් ගෙඩි, ධාන්‍ය වර්ග පාලනයකින් යුතුව සීමිතව ගත හැකි ආහාර වේ.

 

ආයුර්වේද වෛද්‍ය

එච්.අයි. එම්.ඩී.ජී.කේ. හලංගොඩ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.