ඔබේ සුවතාවයට විශ්වාසවන්ත මගපෙන්වීම්

දෙසැම්බර් 31, 2021

ගැබිණියක් නම් මළ බද්ධය හොඳම නෑ

ඔබ දරු ගැබක් දරා සිටින මවක් නම් ඔබ ඔබේ ආහාර පාන ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.තමන්ගේ පණ හා සමාන කුස තුළ සිටින දරුවා ගැන සිතා ඔබ ආහාර පාන ගතයුතුයි. නමුත් කාර්යබහුල ජීවිතයේදී නිසි පෝෂ්‍ය පදාර්ථ ගිලිහී යෑමෙන් ඇතැම්විට ආහාර පාන නිසා මලබද්ධය ඇතිවිය හැකිය.

විශේෂයෙන් තන්තුමය (කෙඳී සහිත) ආහාර නිසි විදියට නොලැබීමෙන් ශරීරයට අවශ්‍ය වන තරමට විදියට ජලය නොලැබීම මලබද්ධයට බලපාන්න පුළුවනි.මේ තත්ත්වය වළක්වා ගන්න නම් තැම්බූ සහල්, නිවුඩ්ඩ සහිත සහල් වර්ගම තෝරා ගත යුතුයි.පළතුරු නම් වැල්දොඩම්, දිවුල්, පේර, බෙලි, කෙසෙල්, ගස්ලබු වඩාත්ම සුදුසුයි.මලබද්ධය තිබෙන ගැබිණි මවුවරුන්ට කොහිල, පතෝල, වැටකොළු යෝග්‍යයි.කඩල, කව්පි, වැනි ධාන්‍ය වර්ගත් ඉතා සුදුසුයි.

දියවැඩියා රෝගීන්ට වටිනාම උපදෙස්

ඔබ නිතර රුධිර පීඩනය පරීක්ෂා කොට ගෙන එය නියමාකාර මට්ටමකින්ම පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ.එසේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පවත්වාගෙන යෑමට ප්‍රවේසම් විය යුතුමය.

වකුගඩුවලට මින් යම් බලපෑමක් ඇති වන නිසා හරිහැටි දැනගැනීම සඳහා ඔබ “ මයික්‍රොඇල්බියුමින් ” මුත්‍ර පරීක්ෂාව මාස 6කට වතාවක්වත් සිදුකරගෙන එය යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

එසේම ඔබේ ඇස් ගැන වඩාත් සුපරික්ෂාකාරී වීම අත්‍යවශ්‍යය.අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා ඇස් අභ්‍යන්තර පරීක්ෂාවක් කර ගැනීම වසරකට වතාවක් වත් නොවරදවාම කර ගත යුතුමය.දියවැඩියාව නිසාම ස්නායු රෝග ඇතිවන අවදානමක් තිබෙන නිසා ඒ පිළිබඳවද වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගත යුතුයි.එසේම අධි රුධිර පීඩනය හෘදයට බලපාන අවදානමක් පවතින නිසා වෛද්‍යවරයෙකු ලවා හෘද ක්‍රියාකාරීත්වයත් බලා ගත යුතුමය.මේ සියල්ල සඳහා දියවැඩියා සායනයට ඔබ ළඟම ඇති රෝහලට ගොස් එකතුවීම වඩාත් හොඳයි

ඩාක් චොකලට්වල අපරිමිත ගුණ

චොකලට් වර්ග රැසක් තිබුණත් ඉන් වඩාත්ම ගුණදායක වන්නේ “ ඩාර්ක් චොක්ලට් ” බව ඔබ දන්නවාද ?

කොකෝවාවල අඩංගු ෆ්ලෙවනොයිඩ් සංඝටකය නිසා සිරුරේ සෛල හොඳීන් සක්‍රීය වෙනවා.එන්සයිම උත්තේජනය වීමේ හැකියාව වැඩිවනවා.ඒ නිසා සිරුරේ හැඩයත් සුබදායී ලෙස වෙනස් වෙනවා. සිරුරේ ඉන්සියුලින් නිපදවීම මැනවින් පාලනය කෙරෙනවා.ඒ නිසා සිරුරේ ග්ලූකෝස් නිපදවීමත් පාලනය වෙනවා.ඒ නිසා දියවැඩියාවෙන් මිදීමට ෆ්ලෙවනොයිඩ් අඩංගු ඩාර්ක් චොකලට් දිනකට පෙති දෙකක් තුනක් පමණ ආහාරයට ගැනීම උචිතයි.ඉන් මොළයේ ක්‍රියාකාරීත්වය ද ඇති කර මානසික සතුට වඩවනවා.කටහඬ මෘදු කරනවා.

පීනස් රෝගීන්ට අත් බෙහෙතක්

පීනස් රෝගීනට රඹුටන්, මැංගුස්, අන්නාසි, ගඩුගුඩා, බල මාළු වැනි ඌෂ්ණ කෑම හොඳ නෑ. ගිනියම් මාළු වර්ග, අච්චාරු, සෝස් වර්ග අපත්‍ය බවද අමතක නොකරන්න.දිගු කාලීන පීනස ඇති අය වයසට වඩා වයස්ගත පෙනුමට පත්වෙනවා.රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේදීම සුව කිරීම හොඳම දෙයයි.

ප්‍රතිකාර පමාවුණොත් මස් දලු, සෙම් ගෙඩි පවා ඇතිවෙනවා.මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරයා අනුමත කරන සුදුසුම පීනස් තෙල් හිස ගැල්වීම වඩාත් යෝග්‍යයි.එමෙන්ම තැවීම්, නස්න කිරීම් මෙන්ම කෂාය, ගුළි, කල්ක මගින් මීට හොඳ ප්‍රතිකාර තිබෙනවා.හීං ගොටුකොළ හා රතුලූනු මිට බැගින් ගෙන කොටා ගත් යුෂ කෝප්ප භාගයකට කහ කුඩු බිඳක්, මී පැණි තේ හැඳී එකක් දමා හිස් බඩ පානය කිරීම ඉතා ගුණයි.

ඇදුම නිසිලෙස හඳුනාගන්නේ කොහොමද

ශ්වසන අපහසුතා ඇති අයකු වෛද්‍යවරයා වෙත ආ විට එය ඇදුම රෝගයමදැයි නිශ්චය කරගන්න රෝග ඉතිහාසය වැදගත්.රෝග ලක්ෂණවල ස්වභාවය හා කාලසීමාවන් ගැන අවධානය යොමු කිරීමත් වැදගත්.වෛද්‍යවරයා රෝගියා දැඩිව පරීක්ෂා කරන්නේ ඇදුම රෝගයට සමාන ලක්ෂණ ඇති වෙනත් රෝගද තිබෙන නිසයි.

පෙණහලු ආසාදන හා සමාන ඇතැම් හෘද රෝගද පවතින නිසා රුධිර වාර්තා, එක්ස් රේ වාර්තා සහ හුස්ම ගැනීමේ හැකියාව තීරණය කරන “ සරල පිඹීමේ පරීක්ෂාව ” (ඉනඪපධථඥබපර ර්‍ථඥචඬ ජ්තධඹ ර්ඥබඥප) හරහා රෝගය ස්ථීර වශයෙන් නිගමනය කරගනු ලබනවා.

වෛද්‍යවරයා මෙය තීරණය කරනුයේ රෝගියාගේ වයස හා රෝග තත්ත්වය අනූවයි.යම් හෙයකින් රෝගියාට ඇත්තේ ඇදුම රෝගය බව හඳුනාගත් පසු අවශ්‍ය ඖෂධ හා රෝගයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදෙනු ඇති.

දරුවන්ගේ කෑම අරුචිය දුරුකර ගැනීමට ප්‍රත්‍යක්ෂ ඔසු

ගොටුකොළ, ලුණුවිල වැනි කොළ දරුවාගේ බුද්ධි වර්ධනයට මනා රුකුලක් දෙන නිසා විවිධ ක්‍රමයට සකස් කොට උපායශීලීව දරුවාගේ ආහාරවලට එක්කර ගන්න ඔබ බුද්ධිමත් විය යුතුයි.පළතුරු විදියට ඇපල්, මිදි, දොඩම් වැනි ආනයනික පළතුරුවලට වඩා දේශීය පළතුරු වන පේර, කෙසෙල්, අන්නාසි, දෙළුම්, වෙරළු, නෙල්ලි, බෙලි, දිවුල් වැනි වැඩි පෝෂක සංඝටක ප්‍රමාණයක් අඩංගු වන පළතුරු ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

දේශීය කුළුබඩු වන ඉඟුරු, සුදුලූණු, කුරුඳුපොතු, සූදුරු වැනි දේ යොදා ආහාරය සුවඳවත් කර රුචිය වඩවන්නට කටයුතු කළ හැකිය.ආහාර රුචිය ඇති වන්නට සූදුරු, අසමෝදගම් කබලේ බැද කුඩුකර තබාගෙන කෝපි වගේ වත්කර බොන්නට දී පුරුදු කරගැනීම යහපත්.

අර්ශස් රෝගීන්ට අගුණ ආහාර

අබ, විනාකිරි යෙදූ ආහාර, අන්නාසි, තක්කාලි, මැංගුස්, රඹුටන්, අඹ වැනි පළතුරු වර්ග අර්ශස් රෝගීන්ට අපත්‍ය වේ.එසේම බල මාළු, කෙලවල්ලා මාළු, ඉස්සෝ, දැල්ලෝ, ටින් මාළු වර්ගද මත්පැන් ගැනීමද අගුණයි. මයියොක්කා, කිරිඅල, ගහල වැනි අල වර්ගද, රසකාරක අධික කුළුබඩු යෙදූ ආහාර, කුරහන්, රටදෙල්, මුරුංගා අර්ශස් රෝගීන්ට ඉතාම නුසුදුසුයි.

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිණී

ධම්මිකා අමරසේකර

සටහන

කීර්ති එස්.කුමාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.